මතීශ් pov,
උනනම් හැදුනත් කමන් නෑ සාපකාරි විදිහට ඔලුව කැක්කුම එන් නැතුව..දත් සෙට් එකත් රිදෙනවා ඔලුව කැක්කුම නිසා කට තද කරන් ඉදලා..හිතලා කරන් නෑ අප්පා ඒත් ඉබේටම ඒක වෙනවා..
" කිරි හදන් එන්නද කට්ටියට.."
" ම්හූ..කිරි කෝපි.."
අපි තුන් දෙනා තාමත් ඇදේ උදේ..බෙහෙත් අරන් ඇවිත් ආයෙත් ඇදට වැටුනා.. පොඩීටනම් දැන් ටිකක් හොදයි..ඒත් සසුරුටයි මටයි තාම අමාරුයි..
කාමරේට ආව පුංචි අපිට කිරි හදන් එන්නද අහද්දි සසිරුට ඕනි උනේ කිරි කෝපි..
" හා..මං හදන් එන්නම්කෝ..කෝ ආරව්.."
" අනිත් කාමරේද කොහෙද ප්රැක්ටිස් කරනවා මං හිතන්නේ.."
" මේ කොල්ලාට ලෙඩක් උනාමවත් පාඩුවේ ඉන්න බෑ නෙ ඇත්තමයි.."
පුංචි සෙනාශ්ට චුට්ටක් බනින ගමන්ම කාමරෙන් එළියට ගියා..ඒකා ඊයෙ අපිට කොරෝනා කිය කිය මීටරේ දුර තියාන ඉදලා රෑට තනියම නිදා ගන්න බැරි කමට අපි අස්සෙම රිංගගෙන ලෙඩ බෝ කර ගත්තා..ඌට හැබැයි එච්චර අවුලක් නෑ ලාවට ඇග රස්නෙ එක විතරයි..
පොඩීත් සසිරුව බදාන හොදට නිදි දැන්..කියන්න තේරෙන් නෑ අපි තුන් දෙනාටම ඌ ලගට පුදුම විදිහට සැනසීමක් දැනෙන්නේ..
" මතීශ් උබට අමාරුයිද.."
" අමාරුවක් නෑ වගේ පේනවද තොට.."
දාඩිය පෙරාන කාමරේට ආව සෙනාශ් මගෙන් අහද්දි මං ඌට උත්තර දුන්නෙ සීතල නිසා බ්ලැන්කට් එකත් බෙල්ල ලගටම පොරව ගන්න ගමන්..මට ආදරේකට නෙවෙයි ඕකා අමාරුද අහන්නෙ ප්රැක්ටිස් පාරක් දාන්න එන්න කියන්න..
මූටනම් දැන් හොදටම හොදයි වගේ..
මගෙ ප්රශ්නෙට උත්තර නොදීම සෙනාශ් උගෙ මාළු බබාලාගෙ ටැංකිය ලගට ලං වෙලා උන්ට කෑම දාන්න ගත්තා..ඒ අස්සෙ අපිත් එක්ක ඇදේ නිදාන හිටිය සෙනාශ්ගෙ පුක්මන්තා පුක අතුල්ල අතුල්ල නැට්ට උස්සන් උගෙ කකුල් දෙක අස්සෙ කැරකෙනවා..
සම්බෝල පූසාට සිතූටයි සසිරුටයි නම දාන්න ඕනි උනේ පිකාචු කියලා ඒත් සෙනාශ් ඌට කතා කරන්නෙ පුක්මන්තා කියලා..අර අසරණයත් ඌට පුක්මන්තා කිව්වාම හිතේ කහටක් නැතුව මියෑව් ගානවා හැබැයි..
YOU ARE READING
තුන්කොන් BL
Ficção Adolescenteතුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀
