මතීශ්'s pov
ඉස්කෝලේ යන් නැතුව නිවාඩුවක් දාලා දවල් වෙනකන් නිදා ගන්නවා තරම් සැපක් අපිට තවත් නැතුව ඇති..මං හිතන්නෙ පංතියේ වැඩියෙන්ම ඉස්කෝලේ එන් නැති උන් අතරෙ උඩින්ම ඇත්තෙ අපෙ නම් ටික..
" අනෙහ්හ්..පට්ට සැපනේ.."
" බොංචි කරල් වගේ ඇගිලි වලින් අල්ලද්දි පට්ට සනීපයි.."
" දගලන් නැතුව ඉන්න ඉතින්.."
දවල් වෙලා ඇහැරලා වොශ් එකක් දාගෙන පුංචිගෙ රසම රස ඉදිආප්පත් බඩ පැලෙන්න කාලා අපි බැල්කනි එකට ආවාම මං ඔලුව රිදෙනවා කිව්ව නිසා පුංචි ඇවිත් තෙල් දාලා මගෙ ඔලුව අතගාන්න ගත්තා..ඒ අතරෙ සෙනාශ් ඉවරයක් නැතුව පන්චින් බෑග් එකත් එක්ක ඔට්ටු වෙද්දි සසිරු කන අත ගගා තනියම හිනා වෙවී සිංහල පාඩම් කරනවා..
" පුංචි ඔහොම්ම පොඩ්ඩක් උරහිසත් මසාර්ජ් කරන්න බෑද..ඊයෙ ප්රැක්ටිස් කරලා ආව වෙලේ ඉදන් කැක්කුමයි.."
" හා හා..ඔලුව කැක්කුම අඩු නැත්තන් ටිකක් නිදාගෙන පාඩම් කරන්න ලෑස්ති වෙන්න.."
" අනේ..ගෙදර ඉන්න දවසෙවත් පාඩම් කරන් නැතුව ඉන්න බෑද.."
" මං තාත්තිට කෝල් කරලා කියනවා හරිද මතීශ්..තුන් දෙනාම ගෙදර හිටියෙ සදුදා එක්සෑම් නිසා පාඩම් කරන්න ඕනි කියලා නේද..ආරව් ඔය ගැහිල්ල නතර කරලා අර සසිරු වගේ පොතක් අතට ගන්න.."
" අනේ මංදා මුන් දෙන්නා කොහොම එක්සෑම් කර ගයිද කියලා..සසිරු ගැනනම් බය නෑ මට ඔය දෙන්නා තමා.."
" මං හොද ළමයෙක්ගෙ නේද අම්මා.."
" කැහැක් කැහැක්..අම්මාට කියන්නද මං උබෙ කෙරුවාව.."
පුංචි සසිරු ගැන හොද කිය කිය අපිට බනිද්දි එයත් සුදනා වෙන්න ගිහින් සෙනාශ්ගෙ කටින් තව ඩිංගෙන් එයාගෙ ජාතකේම එළියට දා ගන්නවා..එයා කොහොමත් අපි වගේ නෙවෙයි නේ, බැලුවොත් ඇත්තන් පොතක් බදාගෙන..පුංචියි බාප්පියි හිතන්නෙ පොර පාඩම් කරනවා කියලා, ඒත් අපිනෙ දන්නෙ දැනුත් ඔය සිංහල පොත අස්සෙ දාන නවල් එකක් කියවන්නෙ කියලා..අපිට ඉතින් පොත් අස්සෙ දාන බොක්සිං ගහන්න බෑ නේ..
YOU ARE READING
තුන්කොන් BL
Teen Fictionතුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀
