සෙනාශ්'s pov
ඉරිදා කියන දවසට ඉස්සර මං ආස උනත් දැන්නම් ඒ තරම්ම අසාවක් නෑ..ඒ දවස ගැන තිබ්බ ආසාව නැති උනා වගේම ඒ දවස විශේෂ කරපු කෙනා ගැන තිබ්බ ආසාවත් නැති වෙලාම ගිහින්..
අපිට මොකටද ඉතින් කාගෙවත් මල් වත්තක මලක් නේද..
" ඒයි කොට මොඩ්ල්.."
" සෙනාශ් කට වහ ගන්නවා අනිනවා ටොක්කක් ඈ.."
" මට ටොකු අනින්න උබ උසයිද එච්චර.."
වෙනදාට ක්ලාස් ඇරිලා රවුම්ක් දාන්න යන්නෙ මායි මගෙ උන් තුන්දෙනයි විතරක් උනත් ලගකදි ඉදන් අපිට අලුතෙන් දෙන්නෙකුත් සෙට් වෙලා..
අපෙ කොට කෑල්ලයි කොලු කෑල්ලයි..
අපිට ඉස්සරහින් ගිය අගෝෂිගෙ කොණ්ඩෙන් ඇදලා මං ඒකිට විහිලුවක් කරද්දි කෙල්ලට ඩෝං ගිහින් මට ටොකු අනින්නත් ලෑස්ති..
බටු ඇටයක් තරම්වත් උස නෑ ඒ උනාට මට ටොකු අනින්න කතාව..මොනා නැතත් මේ කොට උන්ටනම් හරීයට කේන්ති යනවා..
" මොන මගුලෙද ඕයි මේ ඇවිදන් යන්නන් වාලේ ගිනි අව්වෙ ඇවිදින්නේ..මගෙ කිරි කැටියාට මහන්සිත් ඇති.."
රුක්ෂානයා සසිරුගෙ කරටත් අත දාන් කොහෙද යන්නෙ අහද්දි තමා මටත් මතක් උනේ ක්ලාස් ඉවර වෙලා එළියට බැහැලා ඔලුව හැරුන අතේ මේ ඇවිදන් යන්නෙ කොහෙද කියලා..
යන්න තැනක්නම් හිතලා නෑ හැබැයි තාම..
" භහිරව කන්දෙ යන්ද.."
" අනේ මතීශ් මේ මටනම් බෑ පයින් යන්න.."
" උබ ඕන් නෑ උබව දාලා යන්නේ.."
" තමුසෙනම් මහා......"
ඔන්න ඔන්න කොට කෑල්ලට ආයෙත් මල පැන්නා..
" ටුක් එකක් දාන් යන් උඩට.."
" එච්චර දුරක් නෑ බං පයින් යන්.."
මං කියද්දි සසිරුවා කරේ මගෙ නලලට අත තිය තිය බලපු එක..
" උණනම් නෑ හැබැයි.."
" සෙනාශ් ඕකෙ පයින් යන්න අමාරුයි බං මේ අව්වේ..ටුක් එක්ක ගිහින් එද්දි පයින් එමු.."
හැම දේම සාමකාමි විදිහට විසද ගන්න නිවෝ ගැලපෙනම අදහස දෙද්දි මාත් ඉතින් හා කියන්න ඔලුව වැනුවා..මොලේ පුක උඩ තියාන ඉන්න අපි නැත්තන් මෙතන රෑ වෙනකන්ම පයින් යනවද ටුක් එක්ක යනවද කියලා ආගිව් කර කර ඉදී..
YOU ARE READING
තුන්කොන් BL
Dla nastolatkówතුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀
