මොංගල් රයිස් (Part27)

2.7K 166 61
                                        

සසිරු's pov

" හරි..වන් ටූ ත්‍රී ෆෝ.."

හිත් පුරා මේ සාදෙ සැපයි සෑමදා..
ගෙන සමා මේ ශෝකේ නටයි තාලෙටා..
මල් සරා මල්දුන්නෙන් විදී ගාණටා..
නටපිනා මේ සාදෙ ඉතින් වරෙල්ලා..

" සෙනාශ්..ඔය මොන මගුලක්ද කරන්නේ.."

" ඇයි අනේ.."

" වන් කකුලට වන් අත ගන්නෙ කවුද අනේ.."

" ඇයි අර හේමාල් එහෙමනෙ කරන්නේ.."

" ඌ ඒක කරන්න කලින් අත් දෙක කරකනවා පේන් නැද්ද.."

අපි හිටියෙ Jab & Jam එකේ..

අහ් Jab & Jam..?

ඒ ඇවිල්ලා අපි ප්‍රැක්ටිස් කරන්න හදපු රූම් එක..අපේ tagline එක ඇවිල්ලා " Where punches meet the beat.." කාමරේට එද්දිම දොරට උඩින් ගහලා තියෙන්නෙ ඔන්න ඕක..

මේ දවස් ටිකම අපිට පට්ටම මහන්සි දවස් ටිකක්..ඒ අස්සෙ ලොක්කි අක්කාගෙ වෙඩින් එක..හවස් වෙනකන්ම පුලුවන් තරම් මහන්සි වෙලා ගෙදර ආවාම කාලා බීලා එහෙම්ම Jab & Jam එකට ආවේ අක්කාගෙ වෙඩින් එකට එයාම ඉල්ලලා සප්‍රයිස් වෙන සප්‍රයිස් ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න..මං, මතීශ්, සිතූ, පොඩ්ඩියි අක්කා අපි හැමෝම කරන වැඩේ හරියට කරත් අර එකෙක් ඉන්නවා කියන මෙලෝ මගුලක් අහන් ඉන් නැතුව පිස්සු කෙලින..

" අනේ මං නටන්න දන් නෑ අප්පා..උබලා නටපන්කෝ.."

" සෙනාශ් යන් නෑ ඔහොම ඉන්නවා.."

එයාට නටන්න බෑ කියාගෙන ශේප් එකේ මාරු වෙන්න ගියත් පොඩ්ඩි අක්කා එයාව නතර කරා..

" එහෙනම් ලේසි ස්ටෙප්ස් දාන්න කියපන්කො අරූට.."

" මීට වඩා මොන ලේසිද.."

" අත්දෙක උස්සන් දෙපැත්තට වැනෙන ඒවා එහෙම දාන්න බැයිද..නැත්තන් මං ගහකට ඇදන් හිටගෙන ඉන්නම් උබලා නටද්දි.."

" ගහකට අදින්න උබ හිතුවද මේක මොංඩිසෝරි කොන්සර්ට් එකක් කියලා.."

" ම්හුක්...."

දැක්කා නේ ඕකා එක්ක බෑ..

සෙනාශ්ට නටන්න බැරි නෑ ඇත්තටම..සිතුයි එයයි හිප් හොප් ස්ටයිල් එකේ ඒවා ලස්සනට කරනවා..ඒත් ඉතින් කොහෙද මුගෙ බොරු ඇඩියාවනේ..මූට දෙයක් කියලා දෙනවාට වඩා ඇත්තටම අර මොංඩිසෝරි ළමයිට කස්තිරමක් ප්‍රස්තාර කරන්න කියලා දෙන එක ලේසී..

තුන්කොන් BLWhere stories live. Discover now