ඒකත් ඉවරයි (Part 33)

3.2K 161 77
                                        

සසිරු's pov

දවස් ගානක් තිස්සෙ මහන්සි වෙලා අවුව්වෙ ඉදලා සෑහෙන කට්ටක් කාලා ඔන්න අන්තිමට ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන දවසත් ආවා..ආවා නෙවෙයි මේ වෙද්දිත් අපිට ප්‍රතිඵලනම් ලැබිලා තිබුනා..

හීන් නූලෙන් රුක්ෂානයා ගැහුව ගේම නිසා අවුරුදු ගානකින් අපෙ හවුස් එකට ෆස්ට් ප්ලේස් හම්බුනේ, කොල්ලො ටිකට දැන් ඉතින් රජ මගුල් වගේ තමා..

" අඩෝ....මට ඇඩෙනවා හුත්තෝ.."

ගෝල්ඩන් ශීල්ඩ් එක උස්සන් රුක්ෂාන් හවුස් එකේ ළමයි අතරට එද්දි මං එයාව වඩාගෙන වටයක් කරකව්වා..හැමෝම දන්නවා අපෙ හවුස් එකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනේ ඌ නිසා කියලා, ඒකයි හවුස් එකේ කොල්ලො එක පොදියට වට වෙලා රුක්ෂාන්ට ලොකූ හග් එකක් දුන්නේ..ඇත්තටම එයාගෙ ඇස්වල කදුලු පිරිලා..හැමවෙලේම සෙනාශ් කියනවා වගේ ට්‍රැක් පැනපු ඩයල් එකක් වගේ හැසිරුනාට රුක්ෂාන් මාර ටැලැන්ටඩ් කොල්ලෙක් එයා ගේම ගහන්නෙ මොලෙන්..

විනාඩි ගානක් තිස්සෙ එක පැත්තකින් හැමදේම හොදින් සිද්ද වෙද්දි තවත් පැත්තකින් මං දැක්කෙ දාහට අරන් සීයට දීලා වගේ ඉන්න මතීශ්වයි අපිට රව රව ඇද කර කර ඉන්න සෙනාශ්වයි..ඒ මෝඩයාටනම් හොද වැඩේ උන්ට අපි සකන්ඩ් උනොත් එයා හැදුවෙ අපි දෙන්නාට ලුණු වතුරයි මිරිසුයි පොවලා ඇදුන් නැතුව ගේ වටේ වටයක් දුවවන්න..දැන් බලමුකො කාටද දුවන්න වෙන්නෙ කියලා..මං නෝන්ඩියට වගේ සෙනාශ්ට පේන්න කොලර් එක ඉස්සුවාම එයා මට ස්මික් එකක් දීලා අහක බලා ගත්තා..එහෙම්ම මං ආයෙ හැරුනෙ අනිත් පැත්ත..මතීශ්ටනම් දැන් කන් පුරෝලා අහ ගන්න පුලුවන්..ඔය ඉන්නෙ මෝඩ කොල්ලා එයාට ටිකක් ඈතින් හිටිය කෝර්ච් දිහා බලාන..කෝර්ච් මෙයාට රවනවා මෙයා එයාට රවනවා..ඔය හැම දේම ගේම්ස් කැප්ටන් ස්තූති කතාව කරන අතරෙ සිද්ද වෙද්දි මං ශේප් එකේ ඇහැ දැම්මෙ මිනිදු අයියා දිහාට..මං අද තමා දැක්කෙ එයාට ඉස්කෝලේ කොච්චර ලොකු තැනක් තියනවද කියලා..ඇත්තටම එයා පුදුම මනුස්සයෙක්..ග්‍රවුන්ඩ් එකේ කොල්ලො දාස් ගානක් හිටියත් මිනිදු අයියාව ඒ හැමෝම අතරින් හොදට කැපිලා පෙනුනා..ෆ්ලැග් එක අරන් යද්දි එහෙම මට අයියාගෙන් ඇස් අහකට ගන්න බැරි උනා..පව්,කොච්චර වැඩ තිබ්බත් පුලුවන් හැම තප්පරේම මං ගැන හොයලා බැලුවා..එහෙම බැරි වෙලාවට පොඩි එකෙක්ට හරි කියලා මං ගැන බලනවා..නෑ නෑ ඉතින් මගෙ මෝඩ ජෝඩුවත් ඒ වගේම තමා..ඒ දෙන්නාගෙ නම් මාරුවෙන් මාරුවට සෑහෙන පාරක් මයික් එකෙන් කියන්න ඇති..මතීශ් උන්ගෙ හවුන් එකේ ඉදන් කෝර්ච්ගෙන් බැනුම් අහ අහ මාව බලන්න අපෙ හවුස් එකට ආවා..සෙනාශ්නම් කොහොමත් දගල දගල ඉන්න එකනේ ඔය හිටියට දුවන්න ගිහින් පොර ග්‍රවුන්ඩ් එක මැද ඇදගෙනත් වැටුනා..ඒත් කිසිම දෙයක් ලේසියෙන් අතාරින් නැති එයා ලේ පෙරාන හරි දුවලා ෆස්ට් ප්ලේස් ගත්තා..දැන් ඉතින් ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් හෙන ගැම්මෙන් ඉන්නෙ එයාගෙ කොල්ලො තුන් දෙනා වැඩ්ඩො හින්දා..

තුන්කොන් BLWhere stories live. Discover now