"මේ මේ තියෙන්නෙ පිහිය" jooheon ටිකක් පුදුම උනා මොකද එයාලා බලන් ඉද්දිමයි පිහිය අතුරුදාහන් උනෙ එත් එක දැන් බෑග් එකෙ.... ටිකක් කල්පනා කරපු jooheon බෑස් එක ඇතුලෙන් පිහිය එලියට අරගෙන කෙන්තියෙන් බැලුවෙ සෝ දිහා...
"උබ ඉවරයි" දත් මිටි කා ගෙන jooheon කිව්වෙ සෝ ලගට යන ගමන්..
සෝ ලගට ගියපු jooheon සෝව ඇදලා අරන් පිහියෙන් අනින්න හදන්කොටම එතන්ට හයියෙන් කෑ ගහාගෙන ආවේ rmලා..
"මොකක්ද මේතන වෙන්නෙ" rm කිසිම ගානක් නැතුව jooheonගෙ කරට අත දාලා ඇහුවා...
එක පාරට මේ උන දෙ හිතා ගන්න බැරුව jooheonඋත් කොල්ලො ටිකත් බය උනා...
අනිත් කොල්ලො ටිකත් පිටි පස්සෙන් හිට ගත්තෙ jooheonලාව පොඩ්ඩක් බය කරන්න හිතා ගෙන..
"උබලා උබලා කොහොමද මෙතන්ට ආවේ" jooheon බය වෙලා වගෙ rmගෙන් ඇහුවා...
"දැන ගන්න ඕනෙද එහෙනන් අහා ගන්නකො..." rm මුල ඉදන්ම වෙච්ච සිද්දි ටික ඔක්කොම කිව්වෙ jooheon බය වෙලා rm දිහා බලාගෙන ඉන්නකොට....
"ඔන්න ඔකයි උනෙ"
"දැන් උබලා මෙතනින් ගියොත් හොදයි නැත්තන් දන්නවානෙ ස්කුල් එකෙදි ගුටි කෑවා වගෙ හොද කෑමක් ආයිත් කන්න වෙයි..." එහෙම කියාගෙන jk jooheon ගාවට ගියා..
"මොකක්ද උබ කිව්වෙ" කෙන්තිය ඉවස ගන්න බැරුව jooheon අතත් මිට මොලොගෙන jkට ගහාන්න යද්දිම rm දෙන්නාගෙම මැද්දට පැනලා ඉක්මනට jkව එහාට යැව්වා..
"Jk අපි මෙහෙට ආවේ ගහා ගන්න නෙමෙ එක දන්නවානෙ..දැන් ඔයා එහාට යන්න..එ වගෙම jooheon කරුනාකරලා උබයි උබෙ ගොලයො ටිකයි අරන් යන දිහාවක පලයන් එහෙම නැති උනොත් මන් උබලාව යවන්න ඕන ක්‍රමෙත් දන්නවා..."
Rm එක කිව්ව විදියටනන් jooheonට බය හිතුනා මොකද යක්ශයන්ට වාඩා වැම්පයර්ස්ලාට බලය හුගාක් වැඩි කිව්ව විදියටම rmට ඕන දෙයක් කරන්න පුලුවන් නිසා ඉක්මනට එතනින් යන එක හොදයි කියලා එයාට හිතුනා...
"හරි අපි අදට යනවා හැබැයි අපි මේ කෙල්ලව මරලා මිසක් මේ ලෝකෙන් යන්නෙ නැ එක මතක තියා ගන්න..යමු කොල්ලනෙ.."එහෙම කියලා jooheonයුත් කොල්ලො ටිකත් එතනින් ගියෙ සෝටත් කොල්ලො ටිකත් අනතුරු අගවලයි..
👻👻👻👻👻👻👻👻👻👻👻👻👻
"හයි මම v" jooheonලා යනකන් ඉදලා එක පාරට සෝගෙ ලගට පැනලා සෝවත් බය කරලා එයාව මුලින්ම හදුන්වලා දුන්නා..
එක පාරට v කරපු දෙයින් බය උන සෝ එක පාරටම ඇස් ලොකු කරගෙන v දිහා බලන් හිටියා..
"හෙලෝ බය වෙන්න එපා අපි අර කලින් කට්ටිය වගෙ නපුරු නැ අපි ආවේ ඔයාව බෙර ගන්න දැන් බය වෙන්න දෙයක් නැ" එහෙම කියලා සෝගෙ කරට අත දා ගන්න ගමන් v කිව්වා...
"දැන් ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැ සෝ... මම rm" එහෙම කියලා rm සෝට අත දික් කලා..
"මෙයාලා නරක අය නෙමෙයි වගෙ පෙන විදියටනන් එත් මෙයාලා හරි අමුතුයිනෙ...කමක් නැ වැඩිය කට්ටියව විශ්වාස කරන්න හොද නැ" එහෙම හිතපු සෝ rm ට අතට අත දුන්නා....
ඔහොම කට්ටියවම හදුන්වලා දුන්නා..එත් jk එ සෝ එක්ක කතා කලෙවත් නැ සෝට එයාව හදුන්වලවත් දුන්නෙ නැ...මොකද v සෝ එක්ක ඉන්න විදිය දැක්කාම jkට පුදුම ඉරිසියාවක් ආවේ....
"අවුරුදු ගානක ඉදන් අදුරනවා වගෙනෙ v සෝ එක්ක ඉන්නෙ..කරට අතත් දා ගෙන බලමුකො මන් හොද වැඩක් කරන්නන්කො.." එහම හිතපු jk v සෝයි දෙන්නා ඉන්න දිහාවෙන් ඇස් අහාකටම ගත්තෙ නැ...
"දැන් ඇති නෙද මෙතන හිටියා අපි මෙයාව ගෙදරින් බස්සමු" jkට තවත් ඉවසන් ඉන්න බැරිකමට කට්ටියට කිව්වා...
අහ්හ් ඔව්..එක නෙමෙ ඔයාගෙ නම මොකක්ද..v ඇහුවේ සෝගෙ කරින් අත ගන්න ගමන්..
"මගෙ නම සෝ"
"මොකක් සෝ.." කට්ටියම එක පාරම ඇහුවා..
"ඔව් ඇයි?"
"නැ නැ මුකුත් නැ සෝ ඔයාගෙ ගෙ තියෙන තැන කියන්න අපි එක්කන් යන්නන්" අනිත් කොල්ලො දිහා බලන ගමන් rm සෝට කිව්වා...
"හරි මාත් එක්ක යන් මේ පයින් යන දුර" සෝ ඇතට අත දික් කරලා කිව්වා...
"හරි සෝ එහෙනන් අපි දෙන්නා සිංදුවක් කිය කිය යන්" v කිව්වෙ සෝ ගාවට යන ගමන්..
දෙන්නා මහා පාරෙ මහා හයියෙන් සිංදු කිය කිය කෑ ගාගහා නට නට යනවා...හරියට අවුරුදු ගානක ඉදන් අදුරන යාලුවො දෙන්නෙක් වගෙ
මේ හැම දෙයක්ම දිහා jk බලන් හිටියෙ ඉවස ගන්න බැරි කෙන්තියකින්....
"ඔහ්හ් hyung ඔයාගෙ බෙල්ල..." jimin එක පාරටම කෑ ගැහුවා
Jimin මොකක්ද දැක්කෙ...
හෙට උදෙට ඉලග කොටස දාන්නම්..
මගෙ කතාව කියවන යාලුවො හැමෝටම ආදරෙයි...😘
මම ovi😊