®Jungkook's pov®
ආආආආ..මගේ ඔලුව..ඇයි මේක මෙච්චර රිදෙන්නේ?? ඊයේ Party එක වෙලේ ඔලුව කොහෙ හරි වද්දගෙනවත්ද මම??
ඔලුව දෙපාරක් විතර ගසපු මම අත් දෙකෙන්ම ඇස් පිහදාන ගමන් ඇදෙන් බැස්සා..බැහැලා පහලට ගියේ මෙච්චර වෙලා නිදාගත්තු එකට ජින් හයුන්ග්ගෙන් බැනුම් බලාපොරොත්තුවෙන් ඒත් උනේ ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්!"ඔහ් ජන්ග්කුකා නෝ ඉරොනස්සයෝ? ඔහොම්ම කන්න.." ජින් හයුන්ග් හරිම සන්සුන්ව කිව්වම මට බයත් හිතුනා
"අහ් අරස්සෝ..ඒත් ජින් හයුන්ග් නෝ ක්වෙන්චනා!? ඔයාට මොකුත් අසනීපයක් එහෙම නෑනේද!?"මම ඇහුවේ මෙච්චර හොදින් කතා කරන්නේ ඇයි කියලා හිතන ගමන්..
"මට මොනා වෙන්නද? කනවාකෝ මුලින්.." ජින් හයුන්ග් බලෙන්ම වගේ මාව කෑම මේසේ ඉන්දුවේ මම පැනලා යයි වගේ
"මම ඊයේ මොනා හරි විකාරයක් කලාවත්ද?? මට මතක නැහනේ" මම ජින් හයුන්න්ගෙන් ඇහුවේ හදලා තිබුන සැන්විච් එකක් කටේ ඔබා ගන්න ගමන් මෙයා මෙච්චර හොදට සලකන නිසා
"ඒ වගේ දෙයක් මතක නැති එක තමා පුදුම නේද ජිමිනෝ" ජින් හයුන්ග් ඇහුවේ කෑම මේසේ පැත්තට එන ජිමින් හයුන්ග් දිහා බලලා
"ඇයි මෙයාට ඊයේ කරපු proposal එක අමතක වෙලාලුද" ජිමින් හයුන්ග් හිනා වෙන ගමන් මගේ ඇගට කඩන් පැන්නා
" මන් ? මොන proposal එකක්ද?" මං ඇහුවේ ඊයේ බීලා මම ඉයුන්හාට ආයේ propose වත් කරලාද කියලා හිතන ගමන් ඊයේ බොන්න පටන් ගත්ත හේතුවවත් මට මතක නැහැනේ ඉතින්
"ඕඕඕඕජන්ග්කුකාදැන්ඉතින්බබාවගේ ඉන්නඑපා..අපිටකිව්වෙවත්නැහැ අඩුමතරමේඔයයියූනායිඅතරAffairඑකක් තියෙනවාකියලා" ජින් හයුන්ග් එයාගේ රැප් එක පටන් ගත්තා..කියපු සමහර එව්වා තේරුනෙත් නැහැ..ඒත් යූනා ගැන කිව්වේ..මම මොකක්ද ඊයේ කලේ??