® Jungkook's pov®
Sep 23 මං දිනේ බැලුවේ අද ඒ දවස නම් වෙන්න එපා කියලා හිතන ගමන්,ඒත් අද 23 තමයි! මං වැඩිපුරම අකමැති දවස අද..තාමත් මතක් වෙද්දි හිතට පිහියකින් අනිනවා වගෙයි දැනෙන්නේ...
$ 2015 in HIGH SCHOOL $
මං උදේම school යන්නේ මගේ sport patrice නිසයි,fans ලාගෙන් බේරෙන්න ඕනී නිසයි..මං patrice ඉවර උන ගමන් sport room එකෙන් එලියට ඇවිත් එදත් හිටියේ මගේ fairy එනකම්..ඒත් එයා තාම නෑනේ!? වෙනදා මේ වෙද්දි ඇවිත්.. ඉදලා ඉදලා මං clz එකට ගියේ ඒකෙවත් ඉන්නවද බලන්න..මොකද ඉයේ ආවේත් නෑ..එයාට අසනීපයි ද දන්නෑ..
මං ඒ නිසා හෙන මනෝපාර ගහලා හිටියේ..එයා නැති නිසා මාර කම්මැලි අනික් ගෑනුලමයි ඇවිත් එයාගේ seat එකේ වාඩි වෙන්න ගියත් මං ඒකට ඉඩ නොදුන්නේ එයා මගේ ලගින් ඉන්න ඕනී නිසා..Scl bell එක වැදිලා විනාඩි 2 ක් යනකනුත් මං බලාපොරොත්තු උනා එයා ඒවී කියලා..මං දොර දිහාම බලන් හිටියේ ඒ නිසා.. මං හිතුවා වගේම එයා ආවා..හැබැයි එයාගේ මූන වෙනස්..වෙනදට හිනා වෙලා ඉන්න කෙනා අද ගොඩාක් වෙනස්..එයා ඇවිත් teacher ට ආචාර කරලා ගිහින් ඉද ගත්තේ මාවත් පහු කරන් ටිකක් දුරින් තිබ්බ seat එකකින්..වෙනදට එයා එහෙම නෑ අඩුම තරමේ හිනා උනේවත් නෑ.. එයා මා එක්ක තරහවත් වෙලාද? ඒත් එයා එයාගේ seat එක කවදාවත් මාරු කරලා නෑනේ..
.
.
.
.
.
.
.
.
අද දවසම free නොව්න නිසා මට එයා එක්ක කතා කරන්න chance එකක් ලැබුනේ දැන්..scl ඉවර වෙලා,මං එයා ඉස්සරහ හිටියේ taehyung ,jimin hyung එක්කමයි..එයා මං දිහා එක පාරක්වත් හැරිලාවත් බලන්නැතුව මාව පහුකරන් ගියේ මාව අදුරන්නෑ වගේ.." ඉයුන්හා!! " මං එයාගේ නම කියලා කතා කලාම එයා නැවතුනා
"ඉන්න" මං එයා ලගට දුවලා ගියේ එයා මගේ පැත්ත හැරුන ගමන්ම.."වේ!? " එයා ඇහුවේ ඔනාවට එපාවට
"මට කතා කරන්න ඔනී.."මං කිව්වේ එයාගේ වෙනසට හේතුව දැන ගන්නයි
" ඉක්මනටම කියන්න මට පරක්කු වෙනවා" එයා කිව්වේ අත් දෙකත් බැදන්..
මේ මගේ fairy මද!? එයා මේ විදියට හැසිරෙනවා මං දැකලම නෑ..
"ඔයා මාත් එක්ක මොකක් හරි අව්ලකින්ද!?ඔයා ගොඩාක් වෙනස් අද..මාත් එක්ක කතා කලෙත් නෑ හරියට"
මං කොහොමත් එයා එක්ක විවෘතයි ඒනිසා එයාගෙන් ඕනිම දෙයක් අහන්න මං පැකිලෙන්නෑ