"යා ජන්ග්කුකා ඉරෝනාආආආ "
"ජන්ග්කුකා මාව ඇහෙනවද"
"ජන්ග්කුකා නෝ ක්වෙන්චනා"
මන් ලාවට ඇස් අරිද්දි දැනුනේ මාව ඇදක වගේ එකක අරන් යනවා ටේහයුන්ග්නුයි ජිමින් හයුන්ග්නුයි මගේ මූනට ලං වෙලා පිස්සු වෙන් වගේ කෑගගහා ආවා ඒ එක්කම ආයෙත් මට සිහිය නැති උනා
.
.
.
.
.
.
.
.
මං හිමීට ඇස් අරිද්දි මං දැක්කා ඔම්මායි අප්පායි මගේ එහා පැත්තේ හිටියා ඒ වගේම අනිත් පැත්තෙ ජින් හයුන්ග්,නාම්ජූන් හයුන්ග්, සුගා හයුන්ග්ත් හිටියා මං ඇස් ඇරියා කියලා දැකපු නිසාද කොහෙද සුගා හයුන්ග් ඩොක්ටර්ව එක්කන් එන්න කියලා ගියා.."ජන්ග්කුකා නෝ ක්වෙන්චනා?" ජින් හයුන්ග් ඇහුවේ මගේ දිහා බලන ගමන්
" දේ හයුන්ග් නා ක්වෙන්චනා.."
මං ලාවට හිනාවක් දාලා කියද්දි සුගා හයුන්ග්නුයි ඩොක්ටයි ආවා...ඒ නිසා එයාලට එලියට යන්න උනා ඔම්මලා බුසාන් ඉදන් ඇවිත්..අප්පාගේ මූන දැක්කම තේරුනා එයාලාට ගොඩාක් මහන්සි කියල
ඩොක්ටර් නම් කිව්වේ මට ඉක්මනට හොද වේවී කියලා කකුලේ පොඩී උලුක්කුවක් එක්ක ඔලුව ටිකක් තුවාල වෙලා මූණෙත් පොඩි පොඩි තුවාල තිබුනා.. මට තේරුනා මාව accident වෙලා කියලා මොකද මට ඇහුණා මාව හොස්පිටල් එකට අරන් එද්දි ටේහයුන්ග් කාටද කෝල් කරලා ඒ ගැන කිව්වා..මට එච්චර දෙයක් වෙලා නැත්තේ ඒ ආපු කාර් එක මාව දැකපු නිසා වේගේ අඩු කරලා හැබැයි එයාට break වැඩ කරලා නෑ ඒ නිසා එයා වෙන පැත්තකට හැරෙව්වත් එයාගේ කාර් එකේ කොටසක මාව වැදිලා ඒ කිසි දෙයක් මට මතක තිබුනේ නෑ නාම්ජූන් හයුන්ග් තමා මට ඒ ගැන කිව්වේ."ඔම්මා අප්පා ඔයාලට මහන්සි නැද්ද ඔයාලා දැන් ඩෝම් එකට යන්න මට අව්ලක් නෑ" මං කිව්වේ ඔම්මාගේ අත අල්ලගන්න ගමන්
ඔම්මා මොනවත් කියන්නත් කලින් ජින් හයුන්ග් කතා කලා" ඔව් ආන්ටි ඔයාලා දැන් යන්න අපි ඉන්නවානේ"
"හ්ම් හරි ඒනම් ඔම්මා හෙට උදේම එන්නම් හොදද" ඔම්මා අන්තිමේ ජින් හයුන්ග්ට එකග උනා
.
.
.
.
.
.
.
හැම වෙලේම මාව බලන්න ටේහයුන්ග්නුයි,ජිමින් හයුනුයි ආවා..ජින්හයුන්ග් ලාත් මාරුවෙන් මාරුවට ඇවිත් ගියා මට තව සතියක් විතර ඉන්න වෙයි කියලයි ඩොක්ටර්ස්ලානම් කියලා තිබුනේ..හයුන්ග්ලායි ගෙදර අයයි මෙච්චර මට ආදරේ වෙලත් මන් තව පොඩ්ඩෙන් එයාලා හැමෝවම ගොඩාක් අඩවනවා නේද කියලා මට හිතුනා..ඒත් ඉයුන්හා මාව බලන්නවත් ආවේ නෑ..එයා කොහොමද එච්චර නපුරු උනේ..