Episode 20

1.2K 244 5
                                    

®Jungkook's pov®

"කායී ශී ටැක්සි එකක් නම් හොයා ගත්තා.!!"

ඒ එක්කම ඇතුලට ආවේ ඉයුන්හාගේ යාලුවා,
මුලින් එයා මාව දැක්කේ නැහැ...
ඒත් මාව දැක්ක ගමන් එයාගේ කට වැහුනා
එයා මන් දිහායි කායි දිහායි මරුවෙන් මාරුවට බලන්න ගත්තේ මේ මොනාද වෙන්නේ වහේ මූඩ් එකකින්...

" මේ..මොකක් ද මෙතන මේ වෙන්නේ? ජන්ග්කුක් ශී මොකද මෙතන කරන්නේ? "
එයා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන්..

"මොකුත් නැහැ ! "

මායි කායි දෙන්නම එකට කිව්වම එයා තවත් ශොක් උනාද මන්දා...

"මම ආවේ එයාව බලන්න" මම කිව්වේ කායිගෙන් ඇස් අරන් ඉයුන්හාගේ යාලුවාගේ පැත්ත බලන ගමන්

"අහ්...එත් ඔයා කොහොමද එයාව දන්නේ?? නෑ මං මේ ඇහුවේ එයාව බලන්න එන්න තරම්" ඉයුන්හාගේ යාලුවා අමුතු විදිහට හිනා වෙලා ඇහුවා...
ඒ එක්කම කායි එයාගේ අත් දෙක බැදන් මගේ දිහා බැලුවේ වැරදිකාරයෙක් දිහා බලනවා වගේ...

"මොකද ඔහොම බලන්නේ අහ්..? එයා මගේ කොලේජ් කාලේ යාලුවෙක් ඒකයි බලන්න ආවේ" මම කිව්වේ බොහොම අමාරුවෙන් ඒ බැල්මවල් වලින් බෙරෙන්න උත්සාහ කරන ගමන්...

" අහ් එහෙමද? හරි හරි එහෙනම්....කායි ශී මම එයාව දැන් අහැරවන්නම් නේද? කන්න දෙන්නත් එපැයි!" ඉයුන්හාගේ යාලුවා මට පොඩි හිනාවක් දාලා කායිගේ පැත්ත හැරිලා කිව්වේ කෑම ටික පෙන්නන ගමන්.

" දේ වින්ශා නූනා...ඒත් ඇහැරවන්න හිතෙන්නේත් නැහැ පව්නේ අනේ...ඒත්...මොනා කරන්නද? " කායි කිව්වේ ඉයුන්හා දිහා බලන ගමන්...ඒකනම් ඇත්ත එයා නිදාගෙන ඉද්දි ඇහැරවන්න ලෝබයි...ඒත් මෙයා ඒ ගැන කරදර වෙන එකට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ...

දැන් මෙයා එයාව ඇහැරුවොත් මාව දකීනේ...එයා මාව දැක්කොත්!! මම මොකද කරන්නේ...යන්නත් බැහැ ඉන්නත් බැහැ...
ඉන්න බැරි ඉයුන්හා මාව දකින නිසා...
යන්න බැරි මේ කායි මෙතන ඉන්න නිසා...
මෙයා නිකන් කාන්දම වගේ ඉයුන්හාගේ ඇගේ ඇලෙනවානේ...ආයිශ් මම මොකද කරන්නේ...අහ් හරි මම හැංගිලා ඉන්නවා මේ කායි යනකම්...




🚫THE LOST🚫 (Completed)Where stories live. Discover now