®Eunha's pov®
"අහන්න අහන්න මේක වැදගත් දෙයක්!! විශේෂයෙන් Pd nim..මේකයි යූනායා ඉන්නවානේ..එයා මට ආදරේ කරනවා..ඒ නිසා මමත් කැමති එයාව marry කරන්න..අනික එයා ගොඩාක් හොද කෙනෙක්නේ..Pd nim මොකද කියන්නේ යූනාගේ මාමා විදිහට?"
එකපාරට ජන්ග්කුක් එයා හිටපු තැනින් නැගිටලා කිව්වම මාව සීතල වෙලා ගියා.. මෙච්චර වෙලා එයා බිව්වා මම දැක්කා තමයි ඒ වගේම මට ගිහින් එයා එහෙම බොන එක නවත්තන්නත් හිතුනා ඒත් මම හිතද්දි යූනා ශී ගිහින් ඉවරයි..එයා එතෙන්ට ගියාට පස්සේ මම යන්න තියපු අඩිය ආයේ ගත්තේ මම දැන් එයාගේ කව්රුත් නෙවෙයි කියලා මගේ හිත මට කියද්දීයි..ඒත් දැන් එයා කියපු දේ..ටික ටික ඇස්වලට කදුලු එන්න ගත්තෙ PD ගෙනුත් ලැබුණු උත්තරේට"යා ජන්ග්කුකා මට නම් ගොඩාක් සතුටුයි "
මුලින් එයා අමුතු උනත් එකපාරට එහෙම කියලා Pd ජන්ග්කුකාව හග් කලා..යූනා ශීත් රතු වෙලා හිටියේ එයාටත් මේක හිතාගන්න බෑ කියලා ඔප්පු කරන ගමන්
එකෙන් පස්සේ ජන්ග්කුකා මම දිහා බලලා ආයේත් අහක බලා ගත්තම මගේ කදුලු එලියට එන්න ගත්තා..මම ඒ නිසා කව්රුත් නැති තැනක් හොයන් එලියට දිව්වේ මාව මෙහෙම කව්රුහරි දැක්කොත් ප්රශ්නයක් වෙන නිසා..ටේ ඔප්පා මම යද්දි නැගිට්ටත් මම ප්රාර්ථනා කලා එයා මාව හොයාගෙන නොඒවා කියලාමම එලියට ඇවිත් විනාඩි ගාණක් ඇතුලත phone එක එක දිගට Ring වෙන්න ගත්තේ වින්ශා ඔන්නි ගෙනුයි ටේ ඔප්පාගෙනුයි මම ඒ හැම එකක්ම Ignore කරලා Phone එක Off කරලා දැම්මත් මට ඇහුනා කායි මගේ නම කිය කිය කෑගහනවා..එයා මාව හොයන්න ඇවිත්..මම පුලුවන් තරම් නිශ්ශබ්දව හිටියේ එයාට මාව හොයා ගන්න බැරි වෙන්න..මියානේ කායි!
ටික වෙලාවකින් කායිගේ කෑගැහිල්ල නැති උනාම මම හිටපු තැනින් එලියට ආවේ ගෙදර යන්න හිතන්..ඒත් එලියට ආපු ගමන් මම දැක්කේ මගේ ඉස්සරහ හිටන් ඉන්න ජන්ග්කුක්ව එයා මොකුත් කිව්වේ නැහැ..මගේ අතින් ඇදන් එතන තිබ්බ කාර් පාර්ක් එකට ගියේ මම මොකුත් කියන්නත් කලින්!
" ඔයාට දුක හිතුනද අහ්!?" මගේ අත එහෙම්ම තදින් අල්ලන් එයා ඇහුවේ හිනාවෙන ගමන්