®Jungkook's pov®අර news එක දැක්කට පස්සේ ඉදන් මට ඒක ගැන දැනගන්නකන් ඉවසන් ඉන්න බැරි උන නිසා මෙ ගැන ජිමින් හයුන්ගෙන් දැනගන්න හිතන් එයා හොයාගෙන ගියේ, එයා හැමදේම දන්න නිසයි . එත් ජින් හයුන්ග් කිව්වා එයා එළියට ගියා කියලා.එයා එනකම් බලන් ඉන්න බැරි නිසා හයුන්ග් එනකම් drom එකෙ එලියට ඇවිත් බලන්න කියලා ඇදුම් මාරු කරන් ආයේ පල්ලේහාට එන්න යද්දි නිකමට ජනේල ලගට ගිහින් බැලුවේ, අද නම් කියාපු දවස,හොදට ඉර එළිය වැටිලා අහසත් මාරම පැහැදිලියි මගේ room එක තියෙන්නේ පාර්කින් එක පේන විදියට.. පාර්කින් එකේ අපේ වාහන වලට අමතරව තව මං ආසම දෙයක් තියේ 'වෙස්ට් ඩැෆ්නි' ගහ එකේ මල් වලට මං මාර විදියට ආසයි කාර් එක පාර්ක් කරන්න ආවත් මං ටිකක් වෙලා ඒ දිහා බලන් ඉදලයි යන්නේ මං හිතන්නේ මාව ඒ දර්ශනය අතරේ එක තප්පරේකට අතරමං උනා..එහෙම ඉද්දිම මං පහල බැලුවෙ හයුන්ග් ඉන්නවද කියලා..
ඒත් මං දැක්කේ බිම වැටිලා හිටපු ගෑණු ළමෙක්..ඔහොම ඉන්න ගෑණු ළමෙක්!!!!!!!
අපේ drom එකේ parking එකේ ගෑණු ළමෙක්! මං බලාගෙන හිටියේ එයා මොකද කරන්නේ කියලා එයා..අඩනවද!? ටිකක් වෙලා එහෙම්මම ඉදපු එයා එකපාරට නැගිටලා මූන පිහදාගත්තේ පොඩි ලමෙක් වගේ..'එයා- එයා වගේ' මගෙ කටින් නිකන්ම පිට උනේ ඇයි කියලා මං දන්නෑ එයා වගේ උනාට මේ එයා වෙන්න බෑ..මං මටම කියාගත්තේ එයා උනත් මං ඇයි තාමත් එයා ගැනම හිතන්නේ කියලා මටම බැන ගන්න ගමන්,මං පහලට ගියේ අර ගැණු ළමයා යනවා දැක්කට පස්සෙයි.. ඇයි මන්දා මට ඒ එයා කියලාම හිතෙන්නේ..................................................................................
"යහ් කුකියා කොහෙද යන්නේ?"
මං පහලට යද්දි සොෆා එකට වෙලා හිටපු ජිමින් hyung ඇහුවේ පුදුමෙන් වගේ"මං මේ හයුන්ග්ව හොයන්න යන්න ආවේ"
මං කිව්වේ හයුන්ග් ලගින් ඉද ගන්න ගමන්"අහ් එ මොකො ඒ මාව හොයන්නේ? " හයුන්ග් ලග තිබ්බ ස්නැක් එකක් කටේ ඔබා ගන්න ගමන් ඇහුවේ මං ස්නැක් හොරකන් කරන්න ආවා වගේ
" හයුන්ග් මට මේ දැන ගන්න ඔනී ඉයුන්හට මොකක්ද උනේ කියලා?" මං ඒක ඇහුවේ හයුන්ගේ කනට කරලා හොරෙන් අනිත් අයට ඇහුනොත් ඒම බැනුම් අහන්න තමා වෙන්නේ
"මං දන්නේ කොහොමද ඒක?අනික එයාට මොනා උනත් ඔයාට මොකද? ඔයා ආයෙත් එයා ගැන හිතන්න ඔනී නෑ.අමතකද එයා නිසා ඔයාට උන දේවල්"
බබෙක් වගේ කකා හිටපු හයුන්ග් මං අරක ඇහුවා විතරයි මාර serious උනා මං හිතුවේ නෑ මෙයත් මට බනී කියලා..ඔව් එක අතකට හයුන්ග් කියන දේ හරි..එයා මාව දාලා ගියේ කිසිම හේතුවක් නැතුව ඒ නිසා එයා ගැන හොයන එකේ කිසිම ප්රයෝජනයක් නෑ..මං කිසිම දෙයක් නොකියා ආයෙත් room එකට ආවේ මගේ ඩැෆ්නි මල් එක්කවත් කතා කරන්න හිතනුයි
®Eunha's pov®
ජිමින් ඔප්පා යනකනුත් ගියාට පස්සෙත් මට දැනුනේ මං මැරෙන්න යනවා වගේ දුකක් ම්ට ඒ වෙලේ කෑ ගහලා අඩන්න ඔනී උනා වැටිලා හිටපු තැන එහෙමම ඉදන් කදුලු වලට වැටෙන්න දුන්නේ නැගිටින්නව්ත් පනක් නෑ වගේ දැනෙද්දියි...ඒත් එකපාරටම මට මතක් උනේ එදා සිද්දිය news වල දැක්ක.. මේ විදියට idol කෙනෙක්ගේ drom එක ඉස්සරහ හිටියොත් මට වඩා BTS කියන නමටත් ප්රශ්නයක් වෙයි..මං නිසා එයාලා මෙච්චර කාලයක් ලොකු කැපකිරීම් කරලා ගොඩනාගත්තු ඒ එයාලගේ career එක විනාස වෙන්න දෙන්න බෑ..කෝමහරි නැගිටලා කදුලු පිහදාගත්තු මම ඉක්මනින් එහෙන් ආවේ කව්රුත් දකින්න කලින්දුක නැති කරගන්න හිතන් සොජු අවන්හලකට ආවත් මං මීට කලින් මේවා බීලාම නෑ..මං කලේ හිතේ හංගන් හිටපු එක විතරයි..මං සොජු බෝතල් 1ක් order කරලා ඉන්න අතරේ දැක්කා මාර හැන්ඩ්සම් boy කෙනෙක් එනවා හැබැයි එයා මාස්ක් එකක් ඒම දාන් හිටියේ මගේ එහා පැත්තේ වාඩි උන එයා මට වඩා බාලයිද මන්දා..හැබැයි හොදට සල්ලිනම් තියේ වගේ
ඒත් ඉතින් මට මොකද කියලා ඉන්න යද්දී එකපාරට මෙන්න මගේ මේසෙන් ඇවිත් වාඩි උනා
ඒත් එක්කම වගේ අජුම්මා සෝජු ගෙනාපු නිසා මං හිමින් සීරුවේ සොජු බෝතලයක් අතට ගත්තා
"චොගියෝ, මං මෙතනට ආව එකට ප්රශ්නයක් නෑනේද "
අම්මෝ දැන් ඇවිල්ලා හෙන වෙලා දැනුයි අහන්නේ කමක් නැද්ද කියලා මං මේ සොජු කොප්පෙත් අතේ තියන් බොන්න බැරුව හිටියේ මං බීලම නැතුව බීලා පිස්සුවක් නැටුවොත් ඒම මේ මනුස්සයා ඉස්සරහ ශික් ගෙදර අරන් යන්නයි තිබ්බේ..
"අනියෝ ඔයා අහලයෑ මෙතන ඉද ගත්තේ"
මං කිව්වේ සොජු ටිකක් බොන ගමන්
අහ්ම්..අහ් මේවා මෙච්චර සැරද අෆ්ෆා මං හිතුවා රස ඇති කියලා
"මේ බොන first time ද?" එයා ඇහුවහමයි මතක් උනේ මං මනුස්සයෙක් ඉස්සරහයි මේ ගොන් විදියට හැසිරෙන්නේ කියලා එයා මාස්ක් එක දාන් හිටියට මට තේරුනා එයා හිනා වෙනවා කියලා..ශික් දැන් ඉතින් පොලොව පලන් යන්න තමා වෙන්නේ
"අහ් දේ.." මං එයාගේ නම දන්නැති නිසයි නැවැත්තුවෙ " kamel මං kamel" එයා කිව්වේ හිනා වෙන ගමන්.."අහ් යේ කමෙල් ශී"
"නෝ?" එයා ඇහුවේ මගේ නම වෙන්න ඔනී
ඒත් මේ හම්බෙලා පැයක්වත් නැති කොල්ලෙක්ට නම කියන එක හරිද? මං කල්පනා කර කර ඉද්දිම එයාට ආපු කෝල් එක නිසා මං ඒ ප්රශ්නෙන්නම් බේරුනා........................................................................................
Next Day morningඅහ් මගේ මුලු ඔලුවම රිදෙනවා..අයිශ් ඔලුවට උල්කාපාතයක් කඩන් වැටිලා වගේ