"ඉයුන්හා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා" මං අන්තිමේ මාස
ගාණක් හිතේ තියන් හිටපු මගේ හැගීම් එලියට දාන්න බලා ගෙනයි එයාගේ ඉස්සරහට එදා ගියේ"කියන්න ජන්ග්කුකා" එයා කියව කියව හිටපු පොත පැත්තකට දාලා මගේ පැත්තට හැරුනේ හරිම නොයිවසිල්ලෙන්
"ඒක මෙතන කියන්න බෑ එන්නකෝ යන්න" මං එයාගේ අතිනුත් අල්ලන් එයාව එක්කන් ගියේ ස්කූල් එකේ පිටිපස්සට වෙන්න තිබ්බ garden එකට එතන ඇත්තටම හරිම නිදහස් තැනක් අනික එයා නම් හිටියේ ටිකක් ශොක් වෙලා මොකද මං එයාගේ අතින් අල්ලන්නේ ඉන්නේ ඒ නිසා වෙන්න ඇති ,මං එයාව එක්කන් ආවත් මට ඔනී උනේ නෑ එයාගේ අත අතාරින්න
" ඔයා කියන්නේ නැද්ද ඉතින්?" ටික වෙලාවක් මල් දිහා බලන් හිටපු එයා මගේ පැත්ත හැරිලා ඇහුවේ ලස්සනට හිනා වෙලා
" ම්ම් හැබැයි promise වෙනවද මාත් එක්ක කේන්ති ගන්නේ නෑ කියලා " මං ඇහුවේ මට බය හිතුනා එයා මට අකමැති උනොත් තියන යාලුකමත් නැති වෙයි කියලා
"හ්ම් මං promise වෙන්නම්කෝ එහෙනම්..අනික ඔයානේ මට ඉන්න එකම යාලුවා මං කොහොමද ඔයා එක්ක කේන්ති ගන්නේ" එයා කිව්වේ එතන තිබ්බ චූටි bench එකෙන් ඉදගන්න ගමන්
හොද හුස්මක් ගත්තු මං ටේ හයුන්ග් කිව්ව විදියට ගෙනාපු රතුපාට රෝසමල මගේ ස්කුල් කෝට් එකෙන් එලියට ගත්තා අරන් එයා ඉස්සරහට ගියේ එයාගේ රිඇක්ශන් එක බලන්න හැබැයි එයා හිටියේ මේ මොකක්ද වෙන්න යන්නේ වගේ මූඩ් එකකින්
"ඉයුන්හා මේකයි..මේ මේක ඔයාට" මං ඒක එයාගේ පැත්තට දිකකලේ බයෙන් එයා ඒක ගන්න බෑ කිව්වොත් අරන් විසික් කරොත් එහෙම
"වාව් ඒක හරිම ලස්සනයි!තෑන්ක්ස් ජන්ග්කුක්,ඒත් මේක මොකටද"
එයා ඒක අතට අරන් දුන්නේ හිතුවට වඩා වෙනස් උත්තරයක්..ඒත් එයාට ඒක තේරුම් ගන්න බැරිද red rose දෙන්නේ ඇයි කියලා
" මේකයි මං ඔයාට කියන දේ ගැන වැරදියට හිතන්න එපා..ඔයා මට හිතලා උත්තරයක් දෙන්න මං බල කරන්නෑ අනික මේක නිසා අපේ යාලුකම නැති වෙනවට මං කැමතිත් නෑ" මං කිව්වේ ඔක්කොටම කලින්..මොකද දෙයක් වෙන්න කලින් පැහැදිලි කරලා ඉන්න එක හොදයිනේ