Episode 31

1.3K 237 12
                                    

®Jungkook's pov®

ඉයුන්හා ඇක්සිඩන්ට් වෙලා සති දෙකක් විතර උනත් තාමත් එයාට සිහිය ආවේ නැහැ...ඩොක්ටර් කිව්වේ නම් ඒ ශොක් එක නිසා කියලයි...ඒත් ඩොක්ටර් කියනවා එයාගේ කොන්දට වෙච්ච ඩැමේජ් එක නිසා ටික කාලයක් යනකම් එයාට ඇවිදින්න බැරි වෙයි කියලා. මම හැම වෙලාවෙම හිටියේ හොස්පිටල් එකේ මට බෑ එයාව තනි කරන්න..ඒත් හයුන්ග්ලා මාව බලෙන්ම ගෙදර යවනවා... ඒත් මම ගිහින් අනිත් අතට ඉක්මනටම එනවා හැමදාම රෑටත් මම හිටියේ එයා ලග..

ඊයෙ රෑත් මම නැවතුනේ ඉයුන්හා ලග එයාට කොයි වෙලේක හරි සිහිය ආවොත් කියලා හිතන ගමන්..

"ජන්ග්කුක්" මට නිකන් හීනෙන් වගේ ඇහුනේ ඉයුන්හාගේ කටහඩ...මම ඇස් ඇරලා බැලුවේ ඉයුන්හාද කතා කරන්නේ කියන්නේ..
එයා..එයාට සිහිය ඇවිත්..

"ඉයුන්හා නෝ ක්වෙන්චනා ? මාව පේනවා නේද? " මම ඉයුන්හාගේ ඔලුව අතගාන ගමන් ඇහුවේ මගේ සතුට වැඩි කමටමයි
එයා හිමීට ඔලුව වනපු නිසා මම ඉක්මනටම ඩොක්ටර්ට කතා කලා..

" ජන්ග්කුක් ශී... ඉයුන්හාට සිහිය ආපු නිසා තව ටික දවසකින් පුලුවන් Discharge කරන්න" ඩොක්ටර් ඉයුන්හාව බලලා කිව්වම මට තවත් සතුටු හිතුනා මම ඒ නිසාම ඩොක්ටර්ට තවත් ස්තූති කලා

" ඒත් ජන්ග්කුක් ශී මතකනේ  එයාට ටික කාලයක් ඇවිදින්න අපහසු වෙයි..අනික මාස 2කට සැරයක් අපි එයාව X-Ray කරන්න ඕනී" ඩොක්ටර් කිව්වම මම බැලුවේ ඉයුන්හා දිහා එයා නිදාගෙනයි හිටියේ කොහොමද එයාට මම කියන්නේ එයාට ඇවිදින්න බැහැයි කියලා

ඩොක්ටර් ගියාට පස්සේ මම බලන් හිටියේ එයා ඇහැරෙනකම්..මට ඕනී එයා එක්ක කතා කරන්න..

"ඉයුන්හා නො ඉරනොස්සයෝ ( Are you wake up)" මම ඇහුවේ එයා ඉද ගන්න හදපු නිසා එයාට උදව් කරන ගමන්

" නෝ ක්වෙන්චනා ? " මම හිතන්නෙවත් නැති ප්‍රශ්නයක් එයා ඇහුවෙ...එයාවයි ඇක්සිඩන්ට් උනේ මගෙන් අහනවා හොදින්ද කියලා

"යා...මාව බේරගන්න ගිහින් තව පොඩ්ඩෙන් ඔයා මැරෙනවා..මගෙන් අහන්නේ හොදින්ද කියලා පබෝයා" මම බැන්නම ඉස්සර වගෙම මූන හදාගත්තත් ටිකකින් එයාත් කතා කරන්න ගත්තා

🚫THE LOST🚫 (Completed)Where stories live. Discover now