® Jungkook's pov®හවස 3 යි අපි බලන් හිටියේ ජින් හයුන්ග් ඉයුන්හාව එක්කන් එනකන් ඇයි අෆ්ෆා තාම නැත්තේ !!! මං විනාඩියෙන් විනාඩියට කලේ phone එක දිහා බලන එක...අහ්ම් ඇති යන්තම් මං බලාපොරොත්තුවෙන් හිටපු මැසෙජ් එක ආවා..
"හයුන්ග් එයාලා එනවා!"මං කිව්වේ කෑගහලා ඒ එක්කම ජිමින් හයුන්ග්, හොබී හයුන්ග් කේක් එක අරන් ආවා ජින් හයුන්ග් එයාව එක්කන් ඇතුලට ආවේ කිව්වා වගේම ඇස් දෙක වහලා.. මං ඔලුව වැනුවම ජින් හයුන්ග් එයාගේ අත් ඉයුන්හාගේ ඇස් වලින් ගත්තා..ඒ එක්කම ජිමින් හයුන්ග්
"සෙන්ගිල් චුක්කාහම්මිදාආආආඅ උරී ඉයුන්හාආඅ"
කියලා කෑ ගහන් ගෙනාපු spray එකක් ඉයුන්හාට ගැහුවා කලොත් ඕම වැඩක්ම තමා ඉයුන්හා හිටියේ තාම මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව වගේ ඊට පස්සේ කේක් එක එයා ලගට අරන් ගියේ මම ඒ එක්කම ජින් හයුන්ග් birthday song එක කියන්න ගත්තා..ඉයුන්හා අඩ අඩම ඉටි පන්දම් නිමුවා කේක් එක පැත්තකින් තිබ්බ මං ගියේ එයාට විශ් කරන්න ඒත් ටේහයුන්ග් හයුන්ග් ඇවිත් කන ලග කෑ ගහන්න ගත්තානේ" යා ඇයී ඒක පැත්තකින් තිබ්බේ මට දැන් බඩගිනි මේක කපලා ඉමුනේ "
මං ටේහයුන්ග්ටත් ඔරෝලා ඉයුන්හාට කිව්වා කපන්න කියලා..එයා හරිම සතුටින් හිටියේ..එයා එක හරිම හිමීට කැපුවා කපලා ඉතින් මුලින්ම මට තමා කැව්වේ..පස්සේ ජිමින් හයුන්ග්ට,ටේහ්‍යුන්ග්ට,ජින් හයුන්ග්ට,හොබී හයුන්ග්ට,නාම්ජූන් හ්‍යුන්ග්ට කැව්වා ඒත් කෝ සුගා හයුන්ග්" මේ ටේ හ්‍යුන්ග් කෝ සුගා හයුන්ග් දැන් ටිකකට කලින් හිටියානේ" මං ඇහුවේ මුලු කැෆේ එක වටේම ඇහ දාන ගමන්
"ඈ හිටියානේනම් කොහෙද ගියේ.. ඉන්නකෝ" කියලා එයා සුගා හයුන්ග්ට කෝල් කලා..
"යා මොකද කෝල් කරන්නේ ලගට ඇවිත් කතා කරන්න තිබ්බානේ " සුගා හයුන්ගේ කටහඩ ඇහුනේ පිටිපස්සෙන් ඒ එක්කම මායි ටේහ්‍යුන්ග් හයුන්ග්නුයි පිටිපස්ස බැලුවා මේ මනුස්සයා මෙච්චර වෙලා අපේ පිටිපස්සෙද හිටියේ?
"හ්‍යුන්ග් කොහෙද හිටියේ මේ හරියේ අපි දැක්කේ නෑනෙ" ටේහයුන්ග් මට කලින් ඒ ප්‍රශ්නේ ඇහුව