® Kai's pov ®"ඒක හොදයි..අපි කැමති ඒ අදහසට"
නූනා එකපාරටම කිව්වම මටත් හිතා ගන්න බැරි උනා..එයා ඇයි එයාටම රිද්ද ගන්න හදන්නේ??"හරි එහෙමනම් අපි මුලින් මෙතන බලමු නේද " යූනා නූනා එහෙම කියලා ජන්ග්කුකා හයුන්ග් ගේ අතෙත් එල්ලිලා ජන්ග්කුක් හයුන්ග්වත් ඇදගෙන ඉස්සරහට ගියා..
මම ඒ වෙලේ බැලුවේ නූනා දිහා..
එයා ඉක්මනටම වෙන පැත්තක් බලා ගත්තා"නූනා..ඔයාට ඇත්තටම ඕනෙද එයාලා එක්ක මෙහෙම!? මම කියන්නේ ඔයාට සුවර්ද ඔයාට ඒක අව්ලක් නැහැයි කියලා"
මම ඇහුවේ එයා ලොකු හුස්මක් පිට කරපු නිසා..මොකද නූනා ඉන්න තැන මම හිටියා නම් එහෙම මට පොඩ්ඩක්වත් ඒක දරාගන්න බැරි වෙයි"හ්ම්ම් මට අව්ලක් නෑ..අනික ඔයා කොහොමද මේක ගැන දැනගත්තේ ?"
එකපාරට නූනා ඇහුවේ මාව එතනම නතර කරලා..මම එදා නුනායි ටේහයුන්ග් හයුන්ග්නුයි කතා කරපු එක අහන් හිටපු එක වැරදි තමයි ඒත් මම ඒක දැන නොගත්තානම් නූනට පොඩ්ඩක්වත් උදව් කරන්න වෙන්නේ නැහැ"ඇත්තටම ඒක මගේ guessing එකක්...නූනා අසනීප උන වෙලේ ජන්ග්කුක් හයුන්ග් ආවා බලන්න බොරුවකුත් කිව්වා යාලුවො කියලා, තව එයා මාත් එක්ක ඊට පස්සේ එච්චර හොදින් නෙවේ හිටියේ ඔයා එක්ක ඉන්නකොට ,
අනික එදා Party එක දවසේ එයා අච්චර බිව්වෙත් නුනා මාත් එක්ක හිටපු නිසා...ඇත්තටම කිව්වොත් එයාට Jealous..තව ඉතින් එයා යූනා නූනාගෙයි එයාගේයි මැරේජ් එක ගැන කිව්වම එකපාරට ඔයා අතුරුදන් උනා...
පස්සේ මට ඇහුනා ටේහයුන්ග් හයුන්ගෙයි නූනාගෙයි කතාව..ඉතින් මම නූනාට උදව් කරනවා මොන දේ උනත්! මම හරියටම මොකක්ද උනේ දන්නේ නැහැ..ඒත් ජන්ග්කුක් හයුන්ග්ට තේරුම් කරන්න මම උදව් කරන්නම්.."
මම නූනට පැහැදිලි කලාම එයා පුදුමෙන් වගේ මම දිහා බලන් හිටියේ"කොහොමද කෙනෙක්ගේ හදවත මෙච්චර හොද වෙන්නේ? චොම්මල් ගුමාවයෝ..ඔයා කරන හැමදේටම..ඒ වගේම මියන් ඔයා ගැන..ඔයා මම ගැන හොයන බලන විදියට හොයන්න බලන්න බැරි උනාට"
එයා කිව්වේ ලොකු පසුතැවීමකින් වගේ...
ආහ් මමත් ඕනනැති දේවලුත් කිව්වද මන්දා..
නූනා ඔය අවුරුදු ගාණක් පසුතැවිලි උනා ඇති