_After two days_®Eunha's pov®
මම අද ඉක්මනටම ලෑස්ති උනේ අදවත් bighit එකට යන්න හිතන් මොකද අදින් අපේ වැඩ ඉවරයිනෙ...
අනික වින්ශා ඔන්නිට කිව්වෙත් නැත්තේ බැනුම් අහන්න වෙන නිසා..මට මේ පොඩි කලන්තයක් විතරයිනේ අවේ ඕක ගනන් ගන්න දෙයක්යෑ
අදවත් ජන්ග්කුක් එක්ක කතා කරල වැරද්ද නිවැරැදි කරන්න ඕනි...
මොකද වැඩි කාලයක් ඒකට ගන්න බැහැ :)"ඔහ් ඉයුන්හා!! ඔයා මොකද මෙතන!? ඔයාට සනීප නැහැ කිව්වා නෙද? " මම එනවා දැකපු ජීහයුන් සුන්බේ ඇහුවේ ඉස්සරහට එන ගමන්
"ශ්..ශ්..! හිමීට අනේ වින්ශා ඔන්නිගෙන් බැනුම් අස්ස වන්නද ඕනී ?" මම ඇහුවේ වටපිට බලන ගමන්
"අහ් ඒ කියන්නේ හොරෙන්ද ආවේ " ජීහයුන් සුන්බේ ඇහුවේ අත් දෙකත් බැදන්
"ඔව් අදින් ශූටින් වැඩත් ඉවරයි නේ...අදවත් එන්න ඕනී කියලා හිතුනා " මම කිව්වේ හීනියට හිනාවක් දාලා
"අම්මෝ ඔව් වැඩ නිසාම එන්න ඇති නේ ? අනේ මේ අනිවා එන්න ඇත්තේ Mr.ජන්ග්කුක් නිසා " ජීහයුන් සුන්බේ කිව්වේ Makeup room එකේ වීදුරුවෙන් පේන ජන්ග්කුක්ව පෙන්න ගමන්
"ඒකෙ තේරුම මොකක්ද ?!" මම ඇහුවේ එයා ඇයි හිතන්නේ මම ආවේ එයා නිසා කියලා...ඒක ඇත්ත තමා..ඒත් එයා කොහොමද එහෙම කියන්නේ !?
"ඔයා ඉතින් එයාගේ ලොකු ෆෑන් කෙනෙක්නේ ඒකයි ඉතින් කිව්වේ කන්න වගේ බලන්න එපා " ජීහයුන් සුන්බේ කිව්වේ ඔලුවත් එක අතකින් කස කස...
"යාආආආ ! ලී ජීහයුන් මොකද ඔතනට වෙලා කරන්-....ඉයුන්හා !! ඔයා මොකද මෙහෙ හරි නම් ඉන්න ඕනී ගෙදර නේ නේද !?" එකපාරට කොහෙන්ද මතු උන වින්ශා ඔන්නි ඇහුවේ ඇස් හීනී කරලා
"අහ් අහ් මේ ඔය දෙන්නා විසදගන්නකෝ ඕක මම යන්නම් ඈ වැඩ ගොඩායි " ජීහයුන් සුන්බේ එහෙම කියලා ශේප් එකේ එතනින් මාරු උනා
"ඔන්නි මේකයි අද අන්තිම දවසනේ... අනික මට දැන් හොදයි නේ...ඒකයි..."
මම පොඩ්ඩක් හුරතලේට කිව්වේ බනින්න බැරි වෙන්න..මෙක මගෙත් ලාස්ට් වෙයිද දන්නේ නැහැනේ..._TIME PASSED_
"Hana dul set යේ~!!!"
Last shoot එකෙන් පස්සේ කට්ටියම අත්පුඩි ගැහුවේ හරිම සතුටින්..හැමෝටම ගොඩාක් මහන්සි පාටයි...
මම ආවත් උනේ ඉදන් ඉන්න ඔන්නි මට මොකුත් කරන්න දෙන්නෑනේ...
ඒ මුලු වෙලාවෙම මගේ ඔලුවේ වැඩ කලේ එදා faint උන දවසේ ඔන්නි මාව ගෙදර එක්කන් ආවට පස්සේ කියපු දේවල්