Unnie තාමත් තත්ත්වෙ එහෙම්මයි නෙ....ඔයාට treatments ගත්තා උනත් තාම අඩු නෑනෙ...ඔයා හරියටම ආවා නේද?' අපි doctor ගෙ room එකෙං එළියට එද්දි yuna මගෙන් ඇහුවා.
'හ්ම්...මං කළින් ටිකෙ දිගටම ආවා...ඒත් jb ට බෙහෙත් කරන්න ගියාට පස්සෙ තමා පොඩ්ඩක් මඟෑරුනෙ'.
'Unnie...ඔයා ඇත්තටම jb oppa ට ආදරෙයි නම් ඔයා කරන්න ඕන ඉස්සෙල්ලාම ඔයා සනීප වෙන එක...ඒ නිසා හරියට treatments ගන්න...මොකද මේක පොඩි ලෙඩක් නෙවෙ'.
Yuna මේ ඔක්කොම කියන්නෙ මට ආදරෙ නිසා කියලා මං දන්නවා මොකද පොඩි කාලෙ මට අම්මා නැති උනාට පස්සෙ මගෙම කියලා කෙනෙක්ට හිටියා නම් හිටියෙ මේ කටර් එක විතරයි.
'හරි හරි පණ්ඩිත ඌරො...මං හරියට බෙහෙත් ගන්නම්'.
'මොට්ට unnie මෙහෙ එනවා doctor ගන්න කියපු report එක ගන්න blood දීලා එන්න...ඒ report එක එන්නත් සතියක් යනවනෙ...අදම දීලා යං'. එහෙම කියලා yuna මාව බලෙන් එක්කන් ගියා..
මං lab එක ඇතුල්ට ගිහින් පුටුවක ඉඳගත්තා.
'අත මිටමොලොව ගන්න' lab එකෙ හිටපු nurse එහෙම කියලා මගෙ අතෙන් ලේ ගන්න එකපාරක් ඇන්නා...ඒත් ලේ ආවෙ නෑ...ආයෙ පාරක් ඇන්නා..ඒත් නෑ...කොහොමහරි ඒ අතටම හතර පාරක් ඇන්නා...ඇත්තමයි අත නෑ වගෙ දැන්නම් දැනෙන්නෙ..
'මේ අතෙන් ගන්න බෑ වගෙ...ඉන්නකො අනිත් අතින් ගමු'.එහෙම කියලා nurse මගෙ අනිත් අතින් ලේ ගන්න කට්ට ඇන්නා...ඒ අතටත් තුන්පාරක් ඇන්නට පස්සෙයි ලේ ආවෙ...
'ගියපාරත් මෙහෙම උනානේ...ලේ ගන්න ගිහින්...අමාරුද අතට'.nurse මගෙන් ඇහුවා...
'ම්...නෑ මිස් එච්චර ප්‍රශ්නයක් නෑ'.මං එහෙම කියලා එළියට ආවා...අත් දෙකටම හිල් වෙන්ඩ ඇනලා තව රිදෙනවදත් අහනවා...මං හිතින් බැන බැන ආවා.
Yugyeom ගෙදර ගියාට පස්සෙ එයා ඉස්සර chat කරෙ කා එක්කද කියලා බලන එක තමා දැං නිතරම කරන්නෙ...මොකද එයාට එයාගෙ මතකෙ ගන්න ඕන නිසා
'Y/N'. ඒ chat අස්සෙ y/n ගෙ නමත් තියෙනවා දැකලා yugyeom පුදුම උනා...
ඊටපස්සෙ yugyeom ඒ chat එක open කළා...ඒත් ඒක කියවං යද්දි තේරුනා එයා Y/N ට හොඳින් සළකළා නෑ කියලා.
Noona මොකක්ද මේ chat එක...ඇයි මං මෙච්චර දරුණු විදියට ඔයාට සළකළා තියෙන්නෙ...මොකක්ද මේ...ඒ අතරෙ yugyeom ට මොකක් හරි මතක් උනා...
Noona...ඔයයි අර එදා අයිස්ක්‍රීම් ශොප් එක ගාව හිටපු කොල්ලයි ඇයි මට මතක් වෙන්නෙ...
Yugyeom ට යාන්තමට සිද්ධියක් මතක් උනා...
ඒත් noona මට ඒ ඔක්කොම මතක් කරගන්න ඕන මොකද මං ඉස්සර නරක කෙනෙක්ද ඔයාට...yugyeom තනිවම සිතුවා...
'පුතා....'
'ආහ් අම්ම...ඔයා මොකද මේ වෙලාවෙ'. Yugyeom ගෙ කාමරේට එයාගෙ අම්ම එනවා දැකලා yugyeom ඇහුවා..
'නෑ පුතා...මේ අපිට අනිද්දා jeju වලට යන්න වෙනවා business වැඩකට..ඒත් ඔයා අසනීපෙන් නිසා තනියම දාලා යන්නත් බෑනෙ...ඉතිං ඔයාටත් එන්න වෙනවා'.
'අනෙ අම්මෙ...ඒත් මට බෑ මොකෙක්වත් නැතුව ඔයාලත් business වැඩ වලට ගියාම තනියම ඉන්න'.
'එහෙනම් යාලුවෙක් කතා කරගන්නකො පුතා...කොහොමත් ඔයාව එක්කන් යන්නම ඕන'.
'ආහ් එහෙනම් අපි Y/N noona වයි yuna වයි එක්කන් යමුද?'. Yugyeom එකපාරටම ඇහුවා...
'Y/N යි එයාගෙ ගෙදරිනුයි කැමති නම් ප්‍රශ්නයක් නෑ..'.එහෙම කියපු yugyeom ගෙ අම්මා කාමරෙන් ගියා.
'Hello Y/N noona මං yugyeom'.
'ආහ් කියන්න yugyeom මොකද මේ හදිස්සියෙම'
'නෑ noona මේකයි...අපි නිවාඩුවකට jeju යනවා ඉතිං noona ටයි yuna ටයි එන්න කියන්න කතා කරෙ පුලුවන් ද?'.
'මට නම් පුලුවන් මං yuna ගෙන් අහලා බලන්නම්කො ඊටපස්සෙ මැසෙජ් එකක් දාන්නම්කො'.
'හරි noona bye good night'
'Good night yugyeom'.
Yugyeom ගෙ කෝල් එකෙන් පස්සෙ මං yuna ගෙන් ඇහුවම හැමදාම වගෙ yuna මට බැන්නා මගෙ කරුණාව වැඩී අරුට කියලා ඒත් yugyeom දැං හොඳයි...අපි මනුස්සයෙක් හැදෙන්න උත්සහ කරද්දි අවස්ථාවක් දෙන්න ඕනනෙ...එහෙම කියලා කොහොමහරි yuna ව මං කැමති කරගත්තා...
ඊටපස්සෙ මං yugyeom ට මැසෙජ් එකක් දැම්මා.
'Noona කලින් උනෙ මොනවද මං කලින් කොහොම කෙනෙක්ද...මට මේ ගමනෙදිවත් ඒක මතක් කරගන්න ඕන noona'...yugyeom Y/N ගෙන් ආපු මැසෙජ් එක දිහා බලං හිතුවා...
Yugyeom Y/N ව trip එකක් එක්කන් ගිහින් එයාගෙ මතකෙ ගන්න යන වැඩෙ හරියයිද බලමු😁
Paari nimu💞
YOU ARE READING
Eternity 💕[Completed]
Fanfictionසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...