Hospital 😥

231 40 9
                                    

මගෙ සිහිය එනකොට මං හිටියෙ හොස්පිට්ල් එකෙ ඇඳක...මට සේලයින් දීලා තියෙනවා මං දැක්කා.මගෙ අනිත් අතෙ වැලමිට නැමුනෙ ප්ලාස්ටරයක් ගහලා තියෙනවා මං දැක්කා.මගෙ ඇඳෙ එහා පැත්තෙ ඉඳගෙන හිටියෙ මගෙ නංගි yuna.

'Unnie කොහොමද ඔයාට දැං...?' Yuna මගෙ ඔලුව අතගාමින් ඇහුවා.

'මට මොකද උනෙ yuna ඇයි මං හොස්පිට්ල්..?'.

'ඕක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ද unnie...ඔයා සතියක් තිස්සෙ traetments miss කරල..ඔයාව හොස්පිට්ල් ගෙනාවම jb oppa මට කෝල් කලෙ...මං ඊටපස්සෙ ඔයාට treat කරන ඩොක්ටව ගෙන්නුවා...එයා කිව්වා ඔයා කියන කිසි දෙයක් අහන්නෑ සතියක් තිස්සෙ ආවෙ නෑ කියලා'. Yuna එකදිගට කියොගෙන කියොගෙන ගියා.

'හරි හරි yuna...මට exam වැඩ තිබ්බනෙ...අනික jb ත් මේ ටිකෙ සනීප වෙන ගමං නිසා එයාගෙ treatment වලට අවධානෙ දුන්නා..ඒකයි මඟෑරුනෙ' මං බැගෑපත් විදියට කිව්වා.

'ඒත් unnie පොඩ්ඩක් තේරුම් ගන්න ඔයා ඔයා ගැනත් හිතන්න...ඩොක්ටගෙන් ඔයාගෙ රිපෝට්ස් ඉල්ලලා අම්මා බලලා..ඊටපස්සෙ බැන්නා හොඳටම ඔයා ඇයි නොගියෙ මං හිටියනෙ ඔයා පොඩි ළමයෙක් නෙවෙනෙ මාත් එක්ක යන්න තිබ්බා කියලා.මං කොහොමහරි අම්මව ෂේප් කලා.එත් unnie ඔයා පරිස්සම් වෙන්නකො.' yuna දුකෙන් කිව්වා.

'කුඩම්මා කොහොමත් හෙට එනවනෙ තාත්තත් එක්ක'.

'ඔව් අම්මා හෙට එනව තාත්තත් එක්ක අනිද්දා shin family එකත් එක්ක dinner එකනෙ.ඒත් ඊටකලින් අක්කා සනීපෙන් ඉන්නෝන'.

'හරි හරි මගෙ නංගි බබෝ...මං පරිස්සම් වෙන්නම්'. මං yuna ගෙ කම්මුලක් මිරිකලා හිනා වෙලා කිව්වා.

කුඩම්මා ඔච්චරම මාව රැකගන්න බලන්නෙ මට ආදරෙකට නෙවෙ කියලා මං දන්නවා...එයාටයි තාත්තටයි දෙන්නටම ඕන මාව අර බේබද්දට බන්ඳලා දීලා එයාලගෙ business settle කරගන්න විතරයි.මං ඒකට එයාලට තුරුම්පුවක් විතරයි ඒකයි මාව රැකගන්න බලන්නෙ...මගෙ අම්මා මට අවුරුදු දහයෙදි නැති උනාට පස්සෙ මගෙ ජීවිතෙම අඳුරු උනා.ඊටපස්සෙ තාත්තා කුඩම්මව බැන්ඳම මට තවත් අම්මගෙ මතක හිත පුරා දුක ගෙනාවා...ඒත් මේ කාලෙ  පුරාවටම මගෙ ජීවිතෙ මට සතුටකට ලැබුනු දේ මගෙ චූටි නංගි yuna..එයා කුඩම්මගෙ දුව බව ඇත්ත...ඒත් එයා කුඩම්ම වගෙ නෙවෙ..මගෙ අම්ම වගෙ...එදා ඉඳං අද වෙනකම් මාත් එක්ක හැමදේටම මගෙ නංගි හිටපු එක අම්මා නැති උනාට පස්සෙ මං ලබපු එකම සතුට....මං නිසා එයත් ගොඩක් බැනුම් අහගෙන තියෙනවා මට yugyeom ව propose කරපු වෙලෙ ඒකට විරුද්ධව මගෙ පැත්තට හිටපු එකම කෙනා මගෙ නංගි විතරයි...ඒ වගෙම මගෙයි jb ගෙයි ආදරෙට උදව් කරන ලොකුම උදව්කාරයත් එයා.

'මගෙ unnie ගෙ සතුට මටත් සතුටක්...ඉතිං මං මගෙ වෙන්න මස්සිනාට මගෙ මේ බූරු අක්කව කොහොමහරි බන්ඳලමයි නවත්තන්නෙ' yuna නිතරම කියන දේ...yuna තාම ඉස්කෝලෙ යනවා..එයා highschool එකෙ grade 2 වල ඉන්නෙ.

'ආහ් Y/N ඔයාට සිහිය ආවද?මං එලියෙ hospital එකට විස්තර දුන්න ඒකයි පරක්කු උනෙ' jb මගෙ ළඟින් ඇවිත් වාඩි උනා.

'ඇහ්..ඇහ්...ක්‍රෑහ් බැහ් බැහ්'.

'මොකද yuna?'. Jb ආවා විතරයි yuna කහින්න ගත්තා.

' නෑ unnie මට මේ කැස්සක් ආවා...මෙතන හිටියොත් ඒ කැස්ස වැඩි වෙයි මං එලියට ගිහින් පොඩ්ඩක් හුලං වැදෙන්න ඉන්නම්...බැහ්....ක්‍රැහ්...' yuna හිනා වෙවීම කැහැ කැහැ ගියා.

'මේ කෙල්ල නම්...ඔය ඔයා ආපු හින්දා jb...ඒකයි ඔය ගියෙ'.මං හිනා වෙලා කිව්වා.

'ඒක නෙවෙ Y/N කොහොමද දැං ඔයාට...තාම අමාරුද?'. Jb දුක මූණෙන් ඇහුවා.

'Jb ඔයා ඩොක්ටව හම්බුනාද?' මට දැනගන්න ඕන උනෙ jb ඩොක්ටව හම්බුනාද කියලා මොකද මට මේ ගැන jb දැනගන්න එක වළක්වන්න ඕන.

'නෑ..yuna ගියා ඩොක්ටව හම්බෙන්න.පවුලෙ කෙනෙක්නෙ එන්න ඕන කියලා'. Jb එහෙම කිව්වම මගෙ හිතට සැනසීමක් ආවා...ඒ කියන්නෙ yuna හිතලම jb යන එක වලක්වලා...

'Yuna කිව්වා ඩොක්ට කිව්වා කියලා ඔයාගෙ බ්ලඩ් ප්‍රෙෂර් ලෝ වෙලා කියලා...ඇයි Y/N ඔය තමුන් ගැන බලාගන්නැත්තෙ ඔයා සනීපෙන් ඉන්න...මං ගැන හොයන්න කලින්...'

'අනෙ jb දුක් වෙන්නෙපා.මං හොඳින්'.

ඒ අතරෙ මගෙ phone එකට මැසෙජ් එකක් එනවා ඇහුන නිසා බැලුවා

Hi Y/N හෙට ආයෙ සැරයක් ඔයාව මට මීට් වෙනවා...නෙ සී යූ සුන් ඩාලිං😎

ඒ මැසෙජ් එක වදකාර මිනිහා yugyeom ගෙන්..

'මොකද Y/N?' Jb මගෙ එකපාරටම මැළවුනු මුණ දිහා බලලා ඇහුවා..

' නෑ මුකුත් නෑ jb'. මං කිව්වා.

හෙට ආයෙ අර වදකාරයගෙයි මගෙයි proposal එක එලියට ගන්න තම ඔය ඩිනර් එක තියන්නෙ කියලා මං දන්නව.මේ බිස්නස් නාට්ටි අප්පිරියයි මට දැං..මං ඒවගෙ ඉත්තෙක් වෙලා...අනෙ දෙයියනෙ හෙට ඒත් කොහොමද යන්නෙ...හෙට නේද ඒ දවස...මට මඟාරින්න බෑ ඒ දවස...මට එකපාරටම හෙට දවස මොකක්ද කියලා මතක් උනා..මං මොකද කරන්නෙ දැං...

Sorry කතාව ඊයෙ දෙන්න බැරි උනාට😘

Eternity 💕[Completed]Where stories live. Discover now