කාමරෙ ගාවට ආපු yugyeom දොරට තට්ටු කළා.....දැං ගොඩක් රෑ වෙලා මේ වෙලේ වෙනකොට room service එන්නෙත් නෑ කියලා දන්න නිසා yuna හිතුවෙ Y/N ඇවිත් කියලා....ඉතිං දොර අරින්න නොගිහින්ම yuna ඇතුලෙ ඉඳං කෑගැහුවා
'Lock කරලා නැතෝ.....ඇරගෙන එන්න....' කියලා.
Yuna එන්න කියපු නිසා දොර ඇරං room එක ඇතුල්ට yugyeom ආවා....ඒත් yugyeom වත් yuna වත් නොහිතපු දෙයක් උනේ......නිදාගන්න කලින් wash එකක් දාං ආපු yuna තාමත් towel එක පිටින් cupboard එක ගාව හිටියෙ ඇඳුමක් හොය හොය....Y/N වෙන්නැති කියලා හිතං yugyeom ට එන්න කියපු නිසා yugyeom ඇතුල්‍ට ආවා.
'Unnie මෙච්චර රෑ වෙනකම් රෑ වෙනකම් කොහෙද ගියෙ...ආහ්'.yuna එහෙම කියලා cupboard එකෙ දොර ගාවින් මෑත් උනා
'Y/N noona මං මෙ....'.yugyeom බාගෙට කියාගෙන එන අතරෙ ඔලුව ඉස්සුවා...
එකපාරටම දෙන්නට දෙන්න දැක්ක ගමං තුෂ්ණිම්භූත උනු yugyeom yuna දෙන්නම ආපු පැත්තටම හැරුනා...
Yugyeom මුකුත් නොකියා යන්න ගියත්..
'Yaa....ත...තමුසෙ මොනවද මෙතන කරන්නෙ...අනික මොකටද කාමරේටම ආවෙ'.fiton එක පිටිපස්සෙ හැංගිලා හිටපු yuna ඇහුවා...
'මං ආවෙ...මේ...Y/N noona ව හම්බෙන්න...තමුසෙ ඇතුලෙ ඉන්නෙ කියලා දන්නෑ...අනික කාමරෙට එන්න කලින් මං දොරට තට්ටු කරානෙ...එන්න කියපු නිසා ආවෙ'. අනිත් පැත්ත හැරිලා හිටපු yugyeom එක හුස්මට කියාගෙන ගියා...
'Unnie නෑ කාමරෙ'.yuna තාමත් පහ නොවූ කේන්තියෙන් කිව්වා.
'මං යන්නම්...පස්සෙ noona ව හම්බෙන්නම්'.එහෙම කියපු yugyeom පුලුවන් ඉක්මණට කාමරෙන් එළියට ගියා....
කාමරෙන් එළියට ගියපු yugyeom එතන බිත්තියකට හේත්තු වෙලා ලොකු හුස්මක් ගත්තා...
'Yugyeom yugyeom clamdown....ඒක අහම්බයක් හිතලා උන දෙයක් නෙවෙ'...සිදු වූ අහම්බය තාමත් මනසෙ හොල්මන් කරමින් තිබියදී yugyeom තමාව පාලනය කරගන්න මෙන් කිව්වා.....ඒත් yuna ව එහෙම දැකපු එක එකපාරම හිතෙන් අයින් කරගන්න yugyeom ට බැරි උනා.....
'Yugyeom ඔයා මොකද මෙතන අනේ?'.මං කාමරෙ ගාවට එද්දි yugyeom අපෙ කාමරෙ ගාව තුෂ්ණිම්භූත වෙලා හිටං ඉන්නවා දැකපු නිසා මං ඇහුවා...
YOU ARE READING
Eternity 💕[Completed]
Fanfictionසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...