Party plan🌚

127 28 5
                                    

කෝල් එක ඉවර උනාට පස්සෙ ryu මට invitation එක එවලා තිබ්බා...party theme එක dark punk.මං එහෙම්ම jb ට msg කරන්න ගත්තෙ..

Jb ඔන්න අපි දෙන්නටම party එක්කට යන්න තියෙනවා 🥰

Party එකක්...කාගෙද🙄

ඔයාට මතකද මගෙ යාලුවා ryujin ව..😜

ආහ් ඔව් ඔව්...අර පිස්සු අවතාරෙ නෙ....ඔයාව මගෙ කරෙ එල්ලලා අහිංසක මගෙ නිදහස නැති කරන්න ඔයාට උදව් කරපු කෙල්ල නේ😂

මේ ඒ මගෙ යාලුවා හරිද....අනං මනං කියන්ඩෙපා..ගහනවා දත් දෙකක් ගැලවෙන්න...හුම්😑

අනෙ නිකං ඉන්නවා කෝටු කෙල්ල😅
හරි හරි ඒක නෙවෙ මොකක්ද කියන්න ගියෙ😃

එයා රට ඉඳං ඇවිත්...ආයෙත් එයාගෙ fiancee එක්ක..එයා දිගටම korea වල ඉන්නෙ කිව්වා.ඉතිං එයාලගෙ පරණ යාලුවො හැමෝටම එයාලා party එකක් දෙනවලු...අපි දෙන්නටත් එන්න කිව්වා 😘

ආපෝ දැං ඉතිං party යන්නෙපෑය😂

ඇයි ඔයා ආස නැද්ද මගෙ අතින් අල්ලං party යන්න..ඔයා හරි නරකයි...මට ආදරෙ නැති වෙලා 😭

ඒයි.....පිස්සු කෝච්චිය මං එහෙම කිව්වද දැං...අපි යමු❤️

අනෙ ඔයා ඒ කියන්නෙ මාත් එක්ක party යනවා❤️❤️

හරි හරි මට පොඩි වැඩක් තියෙනවා...මං එහෙනම් යන්නං❤️

හරි හරි ❤️

බායි 👋🏻

බායි👋🏻👋🏻

මට දැං party එක දවස එනකම් ඉවසිල්ලක් නෑ....jb එක්ක යන්න...අනික කොච්චර කාලෙකින්ද මට ආයෙ ryu හම්බෙන්නෙ....මට තිබ්බ උනන්දුවටම පහුවදා උදෙන්ම මං නැඟිටලා party එක දවසට අදින්න ඇඳුමක් හොයන්න ගත්තා...dark punk theme...මොකක්ද හොඳ.....

මං කල්පනා කර කර එකේක ඇදුම් බැලුවා.මේ  tshirt එක...නෑ ඒක එපා..එතකොට මේ ගවුම...නෑ ඒක පරණයි...එහෙනම් මේ ඩෙනිම් එක...එපා ඒක කලින් පාරක party එක්කටත් ඇන්ඳා...ඒ වෙලාවෙ නම් ඇඳුමක් හොයද්දි හැම කෙල්ලෙක්ම පත්වෙන මානසික තත්ත්වෙට මාත් පත් උනා....අනෙ මට අඳින්න ඇඳුමක් නෑ.....ෂික්....yuna ත් ඉස්කෝලෙ ගියානෙ...නැත්තං එයා එක්ක පොඩි shopping පාරක් දාලා...අලුත් ඇඳුමක් ගන්න තිබ්බා...එයාට ඇඳුම් තෝරන්න නම් කොහොමත් බෑ...එයාගෙ ඇඳුම් තෝරලා දෙන්නෙත් මං...ඒත් පාලුවට හොඳයි ඒ කතා පෙට්ටිය..

Eternity 💕[Completed]Where stories live. Discover now