මං jb ව meet වෙන්න ගියෙ අපි මුලින්ම හම්බුන තැනට අපෙ campus එක ළඟ තියෙන bus holt එකට...මං එනකම් එයා එතන ඉන්නවා මං දැක්කා...සුදු පාට hoodie එකක් ඇඳං කොණ්ඩෙ උඩට කරලා පීරලා මං ආසම විදිහට එයා අද ඇවිත් ඉන්නව.ඇත්තටම එයාව මෙහෙම දකිද්දී එයා නපුරු දුෂ්ට කෙනෙක් කියලා කට්ටිය කොහොම කියනවද මන්දා....ඈතින්ම මාව දැකලා එයාගෙ පූස් පැටියෙක් වගෙ ලස්සන ඇස් දෙක බාගෙට වැහෙන්න තරම් ලොකු හිනාවක් දැම්මා මට...අනෙ මන්ද අද නම් මේ කොල්ලා හරි දඟ පාටයි..මං ඉක්මණට එයා ගාවට ගියා.
'අද ඔයා on time ඇවිත්නෙ....පුදුමයි...'.
'අද මට special දවසක්නෙ...එක පිස්සු කෙල්ලෙක්ව මීට හරියටම අවුරුද්දකට කලින් මුලින්ම හම්බුනෙ මට මෙතනදිනෙ'.
'ආහ් කවුද දන්නෑ ඒ කෙල්ල නේ'.
'එයා තමා දැං මං ගාව මේ ලස්සන ඩොට් තියෙන ගවුමකුත් ඇඳං ඉන්නෙ'.
'එහෙමද....මං දන්නෑනෙ'.
'මේ Y/N කියො කියො හිටියා ඇති..මට බඩගිනි ගිහින් කාලා එමුකො'.
එහෙම කියපු jb මාවත් එක්කං ගියෙ ළඟ තිබ්බ පොඩි restaurant එක්කට..මං jb එක්ක යාලුවෙන්න කළින් ඉඳංම කෑම කෑවෙ මෙහෙං..මෙහෙ කෑම ගොඩක් රසයි වගෙම පොඩි කඩයක් නිසා සෙනඟත් නෑ...
'ඉන්න මං oder කරන්නම්' එහෙම කියපු jb menu card එක මගෙ අතින් අරං කෑම oder කරා...
Hoeddeok,japchae වගෙම bibimbap තමා jb oder කරලා තිබ්බා...එයාට තාමත් මගෙ favorite dishes මතකයි ඒ කියන්නෙ..මටත් කෑම කැව්වෙ jb..
කෑම කාලා ඉවර වෙලා අපි ගියෙ beach එක පැත්තට...අද එතන සෙනඟ නැති තැනක් හොයාගන්න අපිට ටිකක් ලේසි උනා weekend එකක් නොවෙන නිසා...මායි jb යි බංකුවක ඉඳගත්තා...මං jb ට එයාගෙ present එක දුන්නා..
'ඕක ගොඩක් ලොකු තෑග්ගක් නම් නෙවෙ...ඒත් ඔයා ආස වෙයි කියලා හිතනවා...'.මං jb ට දුන්නෙ longsleeve double pocket shirt එකක්
'Y/N මේක හරි ලස්සනයි නෙ...ඔයා දෙන තෑගි කොහොමත් ලස්සනයි ඔයා වගේම'.
'කෝ ඉතිං මට'.
'ආ....'
එහෙම කියපු jb පොඩි පෙට්ටියක් මගෙ අතට දුන්නා...
ඒකෙ තිබ්බෙ ලස්සන රිදීපාට මාලයක්...පෙන්ඩන්ට් එකට තිබ්බෙ දම්පාට ගලක්...
'අනෙ jb මේක හරි ලස්සනයි නෙ'. මං හිනා වෙලාම කිව්වා.
'ඒත් ඕක දැකලා සතුටෙන් දිලිසෙන ඔයාගෙ ඇස් ඊටවඩා ලස්සනයි Y/N jb මං දිහාම බලාගෙන කිව්වා'.
'ඉතිං තෑග්ග දුන්න කෙනාම මේක කරට දාන්නකො'.
මං එහෙම කිව්වම jb මගෙ බෙල්ලට ඒ මාලෙ දැම්මා..ඊටපස්සෙ jb යි මායි ගියෙ seoul වල තියෙන ලොකු shopping mole එක්කට...එතනදි මං ඔහෙ කියො කියො යන දේවල් jb අහගෙන හිටියා...අපි gaming zone එක්කටත් ගියා...හවස් වෙනකම්ම අපි ගොඩක් විනෝද උනා.
හවස් වෙලා ඉර බැහැගෙන එද්දි අපි park එක්කට ගියා...jb අපි දෙන්නටම soju ගෙනාවා.
'අන්න හොඳ බෙදාහදාගෙන බොන කොල්ලො'
'අද වගෙ special දවසක් පොඩ්ඩක් celebrate නොකර බෑනෙ'. මං jb ට තුරුල් වෙලා ඉර බැහැලා යන තැඹිලි පාට අහස දිහා බලං හිටියා.
'ආහ්...' එකපාරටම jb ඔලුව අල්ලගත්තා.
'අනෙ මොකද උනෙ jb'
'නෑ පොඩ්ඩක් ඔලුව හිරිවැටුනා වගෙ..ඒක ප්‍රශ්නයක් නෑ'. Jb එහෙම කිව්වත් එයාගෙ එක අතක් වෙව්ලනවා මං දැක්කා..මේ ඔක්කොම එයාගෙ අසනිපෙ නිසා අනෙ දෙවියනෙ ඉක්මණට මගෙ jb සනීප කරලා දෙන්න.. මං එයාගෙ වෙව්ලන අත අල්ල ගත්තා.
එතකොට කෝල් එකක් ආවා...
ආයෙත් මේ කරදරෙ...ඒ කෝල් එක yugyeom ගෙන්...මං කෝල් එක කට් කරලා ෆෝන් එකත් ඕෆ් කලා.
ඒත් jb Y/N දෙන්නා නොදැක්කට park එකෙ කෙලවරක ඒ දෙන්නා දිහා yugyeom බලං හිටියෙ.
'හරි එහෙනම් මේ ගෝතයා නිසානෙ Y/N මට අකමැති මං බලාගන්නම්' තමුන්ටම මහ වියුරු හිනාවකුත් එක්ක කියාගත්ත yugyeom එතනින් ගියා.
මට ඉක්මණට jb සනීප කරගන්න ඕන...අනෙ දෙයියනෙ ඇයි jb මට මෙච්චර ආදරෙ....ඒ අහිංසක හිතට මං බැරිවෙලාවත් නැති උනොත් දරාගන්න බෑනෙ එතකොට.....එහෙම හිතෙනකොට මගෙ ඇස් කඳුලින් තෙත් උනා..
'Y/N මොකද මෙ අඬන්නෙ' jb මගෙ නිකටින් උස්සලා ඇහුවා.
'Jb ඔයා මට ගොඩක් ආදරෙයිද?'.
'ඔව් Y/N මං ගොඩක් ආදරෙයි ඔයාට'.
'අනෙ එහෙම කරන්නෙපා එතකොට ඔයාට මං බැරිවෙලා නැති උනොත් ඉන්න බෑනෙ' මගෙ ඇස් වලින් කඳුලු ගලද්දිම මං කිව්වා.
'ඒයි මෝඩ කෙල්ල පිස්සු කියවන්නෙපා' jb ගෙ මූණ දුකෙන් පිරෙනවා මං දැක්කා.
'ඒත් එහෙම උනොත්'.
'එහෙම වෙන්නෑ...කොහොමත්' එහෙම කියපු jb හිමීට මං ගාවට පාත් වෙලා මගෙ දෙතොල් මත එයාගෙ උණුසුම් හාදුවක් තිබ්බා..
ඒත් එවෙලෙම jb ගෙ ෆෝන් එකට කෝල් ආවා
Jb ට ආපු call එක කාගෙන්ද...මොකටද ආවෙ කියලා ඊළඟ කොටසින් බලමු😁
Paari nimu💞
YOU ARE READING
Eternity 💕[Completed]
Fanfictionසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...