මුකුත් විශේෂයක් නැතුව කාලෙ පොඩ්ඩ පොඩ්ඩ ගෙවුනා.....කොහොමහරි අපෙ degree graduation දවසත් ආවා....මට ලොකු සතුටක් දැනුනෙ මේක ඉවර වෙන නිසා...මොකද මට jb ගාවට ඉක්මණට යන්න පුලුවන් නිසා...ඒත් මං හොඳටම දන්නවා මං මේක ඉවර කරනවා කියන්නෙ කුඩම්මා මට yugyeom ව කසාඳ බඳින්න තවත් බලපෑම් වැඩි කරන එක කරන්නෙ...
Yugyeom Y/N ගෙ ගෙදර ගියෙ එයා ගෙදර ඇවිල්ලා ඇති කියලා හිතං.
'Y/N...Y/N....'.yugyeom ගේ ඇතුලට ගිහින් කතා කරත් සද්දයක් ආවෙ නෑ.
'Y/N'.ආයෙ පාරක් කතා කරාම.
'Unnie ගෙදර නෑ...මොන මොට්ටයෙක්ද මන්ද එකපාරක් කතා කරාම සද්දයක් නැත්තං ආයෙ බෙරිහං දෙන්නෙ'..yuna එයාගෙ කාමරෙ ඉඳන් එළියට එන ගමං කිව්වා.
'මං දන්නැති නිසානෙ අඬ ගැහුවෙ...දන්නවා නම් ආයෙ කතා කරන්නෑනෙ..'.
'කොහොම හරි unnie ගෙදර නෑ...හරිනෙ..දැං යන්න'.
'තමුසෙ නම් මහ පුදුම කෙල්ලෙක්...Y/N noona ගෙ ගාවින්වත් තියන්න බෑ...ගෙදරට ආපු මනුස්සයෙක් ගහලා පන්නවා වගෙ'.
'ඉතිං unnie නැති නිසා නෑ කිව්වෙ...අනික අම්මා කියලා තියෙන්නෙ ගෙදර තනියම ඉද්දි ඔය නොදන්න එක එකාව ගෙට වද්දගන්න එපා කියලා'.
'දැං මන්ද නොදන්න එකා'.
'ඔව් මං දන්නෑ ඔයාව'.
'තමුසෙ එක්ක තව කතා කරොත් ඔලුව කුරුවල් වෙලා නවතින්නෙ...මං යනවා...Y/N ආවම මං ඇවිත් ගියා කියන්න'.
'මට බෑ...මං ඔයාගෙ තෝල්කයා නෙවෙනෙ ඕවා කියන්න'.
'බැයිද...කමක් නෑ ඒකත් මංම කියන්නම්..මං යනවා'.
'ඒ..ඒ...පොඩ්ඩක් ඔහොම ඉන්නවා ගෙදර ආපු මනුස්සයෙක් ඔහොම මුකුත් treat එකක් නොදී යවන්න බෑ'.
'කමක් නෑ මං යන්නං'.
'මෙන්න මෙහෙං ඉඳගන්නවා...පඬිකතා නොකියා'.
එහෙම කියපු yuna kitchen එකට ගිහින් fridge එකෙං cool drinks බෝතල් දෙකක් ගෙනාවා.එකක් yugyeom ට දුන්න අතර අනික එයා බොන්න ගත්තා.ඒත් yuna ට ටිකක් බොනකොට බීම හිර වුනා...ඒ නිසා yugyeom yuna ගාවට ගිහින් එයාගෙ පිටට තට්ටුවක් දැම්මා.
'ඒ...හරිද?'.yugyeom එහෙම අහ අහ දිගටම පිටට තට්ටු කලා...
ඒත් නොහිතපු විදිහට එකපාරටම yuna ට ආපු කැස්සකුත් එක්ක කටෙ තිබ්බ බීම වලින් yugyeom ව නෑවුනා..yugyeom ඇඳං හිටපු ලානිල් පාට shirt එක තැඹිලි පාට බීම වලින් තෙමිලා..
Yugyeom එයාගෙ shirt එක දිහා බලං හිටියා..
'ආහ්...sorry...' yuna ත් එයාගෙන් උන වැරැද්දක් නිසා මුකුත් වැඩියෙන් කිව්වෙ නෑ...
'කමක් නෑ මං යන්නම්'.
'ඒත් ඔහොම යන්න බෑනෙ..මං ඕක හෝදලා දෙන්නද?'.
'නෑ කමක් නෑ...'
'ඒත් ඕක ඔහොම ඇඳං යන්න බෑනෙ'.
'ඒත් මේක ගලෝලා දුන්නම මං ඇඳං ඉන්නෙ මොකක්ද'.
'ම්...ඒකට බය වෙන්නෙපා...මං දෙන්නම් ඇඳුමක්'. එහෙම කියපු yuna එයාගෙ තාත්තගෙ shirt එකක් ගෙනත් දුන්නා...ඊටපස්සෙ yugyeom ඒක ඇඳගෙන එය ඇඳං හිටපු shirt එක දුන්නා...ඒත් ඒ shirt එක yugyeom වගෙ තුන් ගුණයක් විතර ලොකු නිසා කොසු මිටකට රෙද්දක් අන්දලා වගෙ පෙනුනෙ....yugyeom ඒ ඇඳුම ඇඳං ඉන්නවා දැකපු yuna ට බකස් ගාලා හිනා ගියා...එයා yugyeom ගෙ shirt එක අරං ගිහින් වැඩකරන කෙනෙක්ට දුන්නා ඒක හෝදන්න කියලා.
අපෙ graduation එකෙ මං degree එක ගන්න stage එකට ගියා..මං දැක්කා jb හිනා වෙලා මං දිහා බලං ඉන්නවා....මං degree එකත් අරං කෙලින්ම ආවෙ jb ළඟට
'ඔයා දන්නවද jb...අදින් පස්සෙ මට ඔයා ගාවට තවත් ළං වෙන්න පුලුවන්'.
'හ්ම්...ඒකතමා...ඔයා මගෙනෙ'.
අනිත් ළමයි එක්ක එයාලගෙ අම්මා හරි තාත්තා හරි ඇවිත් හිටියා...ඒත් මාත් එක්ක නෑ...අම්මෙ ඔයා අද හිටියා නම් මාත් එක්ක ඉඳීනෙ....
'Y/N මොකද කල්පනා කරන්නෙ'..degree එක අරං ඒකෙ photo ගහන අය දිහා බලං හිටපු මගෙ කල්පනාව බිඳිමින් jb ඇහුවා.
'නෑ jb මට අම්මා හිටියා නම් කියලා මතක් උනා...'
'එයා කොහොමත් ඔයා ගාව ඉන්නවා හැමදාම.එන්න යමු අපිත් ගිහින් photo එකක් ගමු...'.එහෙම කියපු jb මාවත් එක්කන් ගියා....
අපිත් photo එක ගානෙ ගත්තා...
'Jb මං ඉක්මණට washroom එකට ගිහින් එන්නම්'.එහෙම කියපු Y/N එතනින් ගියා...ඒත් Y/N ගියාට පස්සෙ jb ව පුටුවක හැප්පිලා Y/N ගෙ bag එක වැටුනා ඒක ඇරලා තිබුනු නිසා ඇතුලෙ තිබුනු බඩු ටිකක් වැටුනා....ඊටපස්සෙ ඒ වැටුනු බඩු ඇහිදලා දැම්මා..ඒ අතරෙ තිබ්බ medical report එකක් jb හම්බුනා...jb අනිත් ඔක්කොම බඩු bag එකට දාලා ඒ report එක බැලුවා...jb ගෙ ඇස් දෙකම කඳුලින් පිරුනා..
'Y/N ඔයා..ඔය මෙච්චර දෙයක් මගෙන් හැංගුවද?'....
Yn ගෙ report එකෙ මොකක්ද ප්‍රශ්නෙ කියලා ඊළඟ කොටසින් බලමු🌚
Paari nimu💞
YOU ARE READING
Eternity 💕[Completed]
Fanfictionසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...