එදා හවස කාමරෙට වෙලා හිටපු yugyeom සුපුරුදු පරිදි පරණ chat කියවන්න ගත්තා...අනිත් chat කියෙව්වට විශේෂ මුකුත් මතක් උන්නෑ....ඊළඟට yugyeom බැලුවෙ Y/N එක්ක chat එක....හෙමින් හෙමින් ඒ හැම වචනෙන් වචනෙම කියෝගෙන ගියපු yugyeom ට ටිකෙන් ටික විවිධාකාර සිද්ධි දාමයන් මතක් වෙන්න ගත්ත.තවත් පහළට කියවගෙන යද්දි තව තවත් දේවල් ඔහුගෙ මුලු මනසම කැළඹුවා....ඔහුගෙ අතින් phone එක අතෑරුනා....මුලු ඔලුවම පුපුරන්න තරම් ආපු කැක්කුමක් නිසා අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්තා.මුලු වටපිටාව ඔක්කොම කැරකෙන්න ගත්තා වගෙ දැනුනා...ඊටපස්සෙ ඇස් පියවුන විතරයි ඔහුට මතක....
Yugyeom ට ආයෙ සිහිය එනතුරුත් කවුරුත් කාමරෙ හිටියෙ නෑ...ළඟ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බලපු ඔහු දැක්කෙ පැය බාගයක් පමණ ගිහින් තියෙන්නෙ කියලා....ඉඳන් හිටපු පුටුවෙන් නැඟිටගත් ඔහු කෙලින්ම ගියෙ washroom එකට...washroom එකෙ කණ්නාඩියෙන් ඔහු දැක්කා නහයෙන් ලේ ඇවිත් තියෙනවා..මූණ හෝදගත්ත ඔහු washroom එකෙං එළියට ආවා...
'මට....වෙච්ච හැමදෙයක්ම මතකයි...Y/N ඔයා නිසයි මට ඔක්කොම මතක් උනේ...'...ටිකක් වෙලා ඇඳෙ ඉඳගෙන හිටපු yugyeom පරණ සිද්ධි මතක් කරගත්තා...
මම කාමරෙ ඉස්සර balcony එකට වෙලා පොතක් කියො කියො හිටියෙ අර මගෙ පිස්සු නංගි jb වත් බලෙන්ම එක්කන් photobooth එක්කට ගියා ආව එකෙ මතක සටහන් ඕන කියලා මටත් එන්න කිව්වට මට කම්මැලි නිසා jb එක්ක යැව්වා....
මගෙ පිටිපස්සෙන් කවුරුහරි එනවා මට ඇහුනෙ ඒ වෙලේ...ඒ yuna නම් වෙන්න බෑ මොකද බර අඩි සද්දයක් ඇහුනෙ....මං පොත පැත්තකින් තියලා නැඟිට්ටා...ඒ ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙ yugyeom
'Yugyeom ඔයා මොකද මේ වෙලාවෙ'.මං එහෙම ඇහුවට yugyeom ගෙන් උත්තරයක් නම් හම්බුන්නෑ මට..ඒත් මගෙ හිත හිරිවැටිලා ගියෙ ඔහු අතෙ තිබ්බ vodka බෝතලෙ දැකලා...මෙයාට ආයෙත් මතකෙ ඇවිල්ලවත්ද....
Yugyeom චුට්ට චුට්ට මං ගාවට ආවා...
'Yugyeom ඔයා හොඳින්ද...'
මුකුත් නොකියා අඩියෙන් අඩියෙන් මට කිට්ටු උනා...දැං මගෙ හුස්ම වදින තරම් කිට්ටුවෙන්ම ඔහු ඉන්නෙ...ඔහු ටික ටික මං ළඟට ළං උනා...ඒ ළං උනේ හොදකට නෙවෙ කියලා මට තේරුන...මාව kiss කරන්නයි ළං වෙන්නෙ කියලා දැනෙද්දිම මං ඔහුව පැත්තකට තල්ලු කරා..
VOCÊ ESTÁ LENDO
Eternity 💕[Completed]
Fanficසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...