වදකාරයා😒

289 47 24
                                    

'කෝ මං දිහා බලන්නකො...දැං අඬන්නෙපා...බලන්න ඇඬුවම මේ සැර කොල්ලගෙ කැත...අපි යමුද අයිස්ක්‍රීම් කන්න'.මං jb ගෙ කඳුලු පිසදමමින් ඇසුවා...'හ්ම්..හා' ඔහු යන්තම් සිනාසී කිව්වා.

'ආ මෙන්න...හවස් වරුව කූල් වෙන්න'.මං එහෙම කියලා ගෙනාපු මින්ට් චොක්ලට් අයිස්ක්‍රීම් එක jb ට දුන්නා..මං ගත්තෙ ඩීප් චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එකක්..'කෝ මටත් කටක් ඕන'.මං එහෙම කියලා jb ගෙ අයිස්ක්‍රීම් එකෙං කටක් කෑවා.'කෝ එහෙනම් මටත් ඕන'.එහෙම කියලා jb මගෙ අයිස්ක්‍රීම් එකට ළං උනත් මං අයිස්ක්‍රීම් එක එහාට අරං බොරු තරහක් අරං 'මට බෑ මේකෙං දෙන්න මේක මගෙ ෆේවරිට් අයිස්ක්‍රීම් එක...මං දෙන්නෑ' කියලා ඒකෙං තවත් අයිස්ක්‍රීම් කටක් කෑවා.'පොඩි එකෙක් වගෙ Y/N ඔයත්..බලන්නකො මූණත් පුම්බං' jb හිනාවෙලා මං දිහා බලලා කිව්වා.'මං එහෙම තමා..ඔයාට මං කියලා තියෙනවනෙ මං ඔයාට කොච්චර ආදරෙ උනත් කෑමට ඊටවඩා ආදරෙයි...ඒ නිසා දෙන්නෑමයි'.
'ආහ් එහෙමද ඉන්නකො එහෙනම් මං රහ බලන්න'. එහෙම කියපු jb මං හිතන්නත් කළින් මගෙ තොල් වලට බර උනා...ඔහුගෙ උණුසුම් දෙතොල් ගොඩක් වෙලා මගෙ දෙතොල් මත රැඳුනා.'ආහ්...ඇති jb හුස්ම ගන්නත් බෑ'.
'මං කිව්වනෙ මං රස බලනවා කියලා'.
'ඔයා හරිම නරකයි...මං තරහයි'.
'මගෙ ස්වීට් කෙල්ල මං එක්ක එහෙම තරහ වෙන්නෑ මං දන්නවා'. එහෙම කියපු jb මාව ටෙඩිබෙයා කෙනෙක් වගෙ තුරුල් කරගත්තා.ඒත් ඒ සතුට වැඩිවෙලා තිබ්බෙ නෑ අයිස්ක්‍රීම් ෂොප් එකෙ දොර ගාව  හිටපු කෙනා දැක්කම මගෙ සතුට හේදිලා ගියා වගෙ දැනුනෙ...මේ yugyeom නෙ.මේ කරදරකාරයා ඇයි මගෙ පස්සෙ එන්නෙ...මං පැහැදිලිවම කිව්වා මං එයාට අකමැති කියලා ඒක proposal එකක් විතරයි ඇයි තවත් මගෙ පස්සෙන් එන්නෙ.ඔහුගෙ මුවෙ රැඳී තිබූ කාමුක ආශාවන්ගෙන් පිරුණු ඒ සමච්චල් සහගත හිනාව මගෙ කෝපය තවත් වැඩි කලා...තවමත් ඔහු වෙනස් වී නෑ දැනුත් ඔහු අතෙ විස්කි බෝතලයක් තියෙනවා මං දැක්කා.මේ වගෙ සල්ලාලයෙක්ගෙ සල්ලිකාර  බිරිඳ වෙනවට වඩා jb ගෙ ඒ පාරිශුද්ධ ආදරෙ එක්ක හිඟාකෑවත් මට සැපක්.'jb එන්න අපි යමු'
'ඒත් Y/N මොකද මෙ එකපාරටම' jb පුදුමෙන් ඇහුවා.'නෑ මුකුත් නෑ jb අයිස්ක්‍රීම් කෑවා ඇති වගෙ..එන්න අපි යමු'. මං එහෙම කියලා අනිත් දොරෙන් jb එක්ක එළියට ආවා..ඒත් අඩි කීපයක් යනකොටම මට වටෙම අඳුරු වෙනවා දැනුනා...මට එකපාරටම සිහිය නැති වෙලා වැටුනා.'අනෙ Y/N මොකද උනෙ?කතා කරන්නකො'.jb දිගින් දිගටම Y/N ට කතා කලත් ඇගෙන් පිළිතුරක් නොලැබුනු නිසා jb පුලුවන් ඉක්මණට ඇයව රෝහලක් වෙත රැගෙන යන්න කටයුතු කළා.

Y/N ට මොකද උනේ කියලා බලන්න හදිස්සියෙම

Paari nimu💕

Eternity 💕[Completed]Where stories live. Discover now