පුස්තකාලෙ😞

717 65 20
                                    

මං පොත් රාක්ක අතරින් ඉස්සරහට ඇවිදගෙන ගියා....අද මං ගොඩක් හවස් වෙලා ආපු නිසා library එකෙ සෙනඟ නෑ...මං නූතන සාහිත්‍යය පොත් තියන රාක්කෙ ගාවින් නැවතිලා මට ඕන පොත අතට ගත්තා..ඒත් මට දැනුනා කවුරුහරි මං දිහා බලං ඉන්නවා කියලා...එහෙම හිතලා පිටිපස්ස හැරෙද්දි එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙ...jb...ඔව් ඒ මගෙ boyfriend තමා...ඒත් අද එයා ඉන්නෙ හොඳින් නෙවෙ කියලා එයා දැක්ක ගමං මට හිතුනා..එයා මං දිහාට ඇවිදගෙන ආවා...එයාගෙ ඇස් රතු වෙලා තිබ්බෙ...'කොහෙද හිටියෙ දවසෙම...මාව මඟාරිනවා නේද...දැං මාව වදයක්ද.....මාව එපාද....කියන්න ඉතිං' jb ගෙ තරහෙන් දිලිසෙන ඇස් තිබුනෙ මගෙ ඇස් දිහාටමයි...'අනෙ jb මගෙ අත් දෙක අතාරින්නකො රිදෙනවා මට' මං මගෙ ඇස් වලට එන කඳුලු වළක්වාගන්නට උත්සහ කරමින් වෙව්ලන ස්වරූපයෙන් කිව්වා....'මට කියනවා කොහෙද හිටියෙ?' Jb තාමත් පහ නොවූ කේන්තියෙන් විමසුවා...ඒත් ඔහුගෙ දැඩි ග්‍රහණය නිසා මගෙ අත් දෙකම රිදුම් දෙමින් තිබ්බෙ...'අනෙ jb මං කියන දේ අහලා මාව අතාරින්නකො....මං වෙන කොහෙවත් නෙවෙ හිටියෙ...campus එකෙ medical room එකෙමයි'. මං කොතරම් කඳුලු නවත්වාගන්න ගියත් හැඬුමක් සමඟ ඒ වදන් පෙල පිටවූවා..'ඒ කියන්නෙ....ඒ කියන්නෙ ආයෙත් මං'...jb ගෙ මුහුණෙ තිබූ කේන්තිය පහව ගොස් දැඩි දුකක් ඔහුගෙ මුහුණෙ ඇති වනවා මං දැක්කා ඔහු මගෙ අත් ග්‍රහණයෙන් මිදුවා.'අනෙ jb ඔයා ආයෙත් ඒ ගැන හිතන්නෙපා...ඕක පොඩි ප්‍රශ්නයක් විතරයි ඔයාට එහෙම මුකුත් නෑ'.මං ඔහුව අස්වසාලන අයුරින් ඔහුගෙ අතකින් අල්ලං කිව්වත්.'මං දන්නවා Y/N ඔයා විතරයි මාත් එක්ක ඉන්නෙ කාටවත් මං වගෙ තත්ත්වෙක ඉන්න කෙනෙක් ඕන්නෑ...මං මං ගොඩක් නපුරුයි Y/N'. ඔහුගෙ ඇස් කඳුලින් පිරුනා.මං දකින්නට අකමැතිම දෙයක් ඒක..ඔහු මේ ජීවිතෙට වින්ද දුක් ඇති...ඒ අසරණ හිතට තවත් දුක් එපා...එයත් මනුස්සයෙක්...'jb.....jb....කෝ බලන්න මං දිහා අඬන්නෙපා..ඔයා මගෙ නරක කොල්ලනෙ...ඉතිං සැර කොල්ලො අඬන්නෑනෙ...ඔයාගෙ ස්වීට් කෙල්ල ඔයත් එක්ක ඉන්නවනෙ' මං එහෙම කියලා ඔහුගෙ කම්මුල් දිගෙ ගලන කඳුලු මගෙ අතින් පිසදැමුවා.'අනෙ Y/N මාව දාලා යන්නෙපා...මට ඔයත් නැති උනොත් මං පිස්සෙක් වෙයි....ඔයා දන්නවනෙ මේ ලෝකෙ මට ආදරෙ කරන්න කවුරුත් නෑ...ඒත් මේ දුශ්ට මනුස්සයට ඔයා ගොඩක් ආදරෙ දුන්නා...ඒ ආදරෙ ආයෙ මට නැති වුනොත් ඒක මට දරාගන්න බෑ Y/N'.ඔහු මාව තදින් වැලදගෙන මගෙ උරහිසෙ ඔහුගෙ හිස හොවාගෙන නවත්වාගත නොහැකි හැඬුමක් සමඟ කිව්වා...ඔහුගෙ උණු කදුලු මගෙ උරහිස තෙත් කරන අයුරු මට දැනුනා...'මං ඔයාව දාලා යන්නෑ jb...ඒක කවදාවත් වෙන්නෑ'..මං ඔහුගෙ සිනිඳු හිසකෙස් අතරින් මගෙ අතැඟිලි ගෙන යමින් කිව්වා...ඇත්තටම ආදරය අහිමි වීම යමු කොතරම් අහිංසක කෙනෙකු උවත් මිනීමරුවෙකු කිරීමට තරම් දරුණු දෙයක් කියා මට වැටහුනෙ jb හමු වූවාට පසු...ඔහු campus එකෙ සිටි ගුප්ත ඒ වගේම බොහො දුෂ්ට චරිතයක් හැටියටයි අනිත් ළමයි ඔහුව හැදින්වූයෙ..ඒත් ඔහුව ආශ්‍රය කරන්න අරං ටික දවසකින් මට තේරුනා ඔහු නපුරු නෑ ඔහුගෙ අහිමිවීම් හමුවෙ ඔහු දරදඬු පුදගලයෙක් වෙලා...ඒත් කවුරුත් නොසිතූ අන්දමට ආදරය හමුවෙ ඔහු ගොඩක් සංවේදි උනා...ඔහුත් මනුස්සයෙක් හැඟීම් දැනීම් නොදැනෙන්න ඔහු  යකඩයක් නොවෙ. ඇත්තටම ඔහු මොන තරම් නම් තනි උන චරිතයක්ද කියලා ඔහු ගැන මට දැනුනු දුකම ඔහුට මාව ළං කලා..ඒත් තව ටික කලක් මට බලං ඉන්න වෙනවා ඔහුව යථා තත්ත්වෙට පත් කරන්න ඒත් එතකං මං......


කතාව කොහොමද කියලා කියන්නකො😊💕

Eternity 💕[Completed]Where stories live. Discover now