අපි කාලා ඉවරවෙලා අයිස්ක්‍රීම් කඩෙන් එළියට එද්දි කවුරුහරි මගෙන් අතින් අල්ලං මට යන්න නොදී ඉන්නවා මට දැනුනා....
'Jb ඔයා...මොකද මෙතන කරන්නෙ?'.
'මං මොකද කරන්නෙ...ඊටකලින් මට කියනවා තමුසෙ මොකද මෙතන කරන්නෙ?'.jb කෝපයෙන් පිරුනු ඇස් වලින් මගෙන් ඇහුවා..
අද නම් මෙයාට උපරිමේටම කේන්ති ගිහින් වගෙ...මට ගොඩක් ඉවසන්න වෙයි...මොකද මෙයාගෙ තත්ත්වෙ මං හොඳටම දන්නවා.
'Jb මාව අතාරින්නකො...මං ඔයාට ඔක්කොම කියන්නම්'.
'මට බෑ...මං අතාරින්නෑ'. Jb කොච්චර මාව තදින් අල්ලං හිටියද කිව්වොත් ඔහුගෙ අතෙ නහරත් පෑදිලා...
'Yuna ඔයා yugyeom එක්ක යන්නකො...මං ඉක්මණට එන්නම්'.මේ ප්‍රශ්නෙ දිහා තුශ්ණිම්භූත වෙලා බලං හිටපු yugyeom ව මං yuna එක්ක යැව්වා..
'මට දැන්වත් කියනවා...අරූව බේරලත් යැව්වනෙ...ඌ හොඳ නෑ කිව්වා නෙ..එහෙනම් මොකටද ඌ එක්ක ඇවිදින්නෙ...කියනවා'.jb ගෙ කටහඬින් මට තේරුනා ඔහුට අධික කේන්තියක් විතරක් නෙවෙ ලොකු දුකකිනුත් ඉන්නෙ කියලා.
'Jb ඔයා පොඩ්ඩක් අහන්නකො මං කියන දේ'.
මං එහෙම කිව්වත් jb
'මෙච්චර මගෙ ඇස් දෙකටම දැකලා තව මොනවද මං අහන්නෝන...මට තමුසෙ එක්ක මතකයන් දුන්නෙ මේකටද...එපා ඒ මුකුත්'..එහෙම කියලා බෙරිහන් දුන්න jb එයාගෙ phone එක කෑලි කෑලි කැඩෙන්න පොළවෙ ගැහුවා..
'අනෙ jb ඕක නවත්තන...ඔයා ඔහොම කේන්ති ගන්නෙපා'.මං එහෙම කියලා jb ට තදින් තුරුල් උනා..jb කඳුලු පිරුණු එයාගෙ ඇස් වහගත්තා...ඒත් ඒ කඳුලු මගෙ උරහිසට වැටෙනවා දැනුනා....මගෙ අත තදින් අල්ලං හිටපු ග්‍රහණයෙක් ඔහු මිදෙව්වා...ඊටපස්සෙ ඔහු මාව ඔහුගෙ දෑතින්ම තවත් තුරුල් කරගත්තා...
'අනෙ Y/N මාව දාලා යන්නෙප...මං තනිවෙයි..කොහොමද මං එතකොට ජීවත් වෙන්නෙ'. පහත් කටහඬින් ඔහු කිව්වා.
'නෑ නෑ jb මං ඔයාව දාලා කොහෙ යන්නද?.මං යන්නෑ'.මං කිව්වා.
මට ඉක්මණට jb ව සනීප කරගන්න ඕන නැත්තං එයාගෙ ජීවිතේටත් ප්‍රශ්නයක් මේක...doctor කිව්වා කොහොමත් මෙයාට ලැබෙන එකම ආදරෙත් වෙන කෙනෙක් ඉන්නවා දැක්කොත් මෙයා ගොඩක් පීඩාවට ලක් වෙලා දරුණු හැසිරීම් පෙන්නයි...සමහරවිට ඒ නිසා heart syndrome එකක් ඇවිත් එයාගෙ ජීවිතෙට උනත් බලපෑමක් වෙන්න පුලුවන් කියලා...ඒ නිසා මට ඉක්මණට මෙයාව සනීප කරන්න ඕන...මං කවදහරි නැති උනොත් මෙයා හොඳින් ඉන්න ඕනනෙ....
'කෝ...jb මං දිහා බලන්න එන්නකො ඉඳගන්නකො.මං ඔක්කොම කියන්නම්'.එහෙම කියපු මං jb ව එතන තිබ්බ බංකුවක් ගාවට එක්කන් ගිහින්...අකුරක් නෑර yugyeom ගෙ සිද්ධිය කිව්වා..මං එයාට ඒ වගෙ සළකන්නෙ ඇයි කියලත් කිව්වා..
'මං බය උනා Y/N ඔයාට මේ පිස්සව එපා වෙලා කියලා...කොහොමත් yugyeom කියන්නෙ සල්ලිකාර කොල්ලෙක්නෙ...එයා බැන්ඳොත් ඔයාට සතුටින් ඉන්න පුලුවන්'.තාමත් කඳුලු වේලුන්නැති දෑසින් මං දිහා බලලා jb කිව්වා.
'ඒයි බූරු පැටියා ඔයා පිස්සෙක් නෙවෙ...අනික yugyeom ගෙ මතකෙ නැති නිසා මං එයත් එක්ක යාලුවෙක් වගෙ ඉන්නෙ....නැතුව මං කවදාවත් එයාව බඳින්නෑ..තේරුනාද?'. මං එහෙම කිව්වම ඒකට එකඟ වෙන්න වගෙ jb ඔලුව වැනුවා.
'කොහෙද ඉතිං මේ ආවෙ?'.
'මුකුත් නෑ...නිකං මොනාහරි කන්න කියලා ආවා'.
'එහෙනම් කන දෙයක් කාලා පරිස්සමින් ගෙදර යන්න මගෙ බූරු පැටියා'.මං එහෙම කියලා එයාගෙ නළලට kiss එක්කුත් දුන්නා.මං kiss එකක් දෙනකම් පොඩි එකෙක් වගෙ මං දිහා බලං හිටියා...
'Bye...' . මං එහෙම කියලා එතනින් ආවා...මං එනකොට yuna hospital එකෙ ඉස්සරහ දොර ගාව හිටියා.
'කෝ yugyeom?'
'එයාව මං පච ගෝනියක් කියලා කොහොමහරි යැව්වා...unnie එනකම් ඉන්න ඕන කිව්වා ඒත් මං කොහොමහරි යැව්වා...ඒක නෙවෙ jb oppa ට මොකද උනෙ?'.
'දන්නවනෙ එයාගෙ ප්‍රශ්නෙ...ආයෙත් එයාට දුක හිතිලා...වැරදියට හිතං...පව්'.
'හරි හරි ඒක ඉවරනෙ...එන්න යමු..පරක්කුයිත් එක්ක ..අනිත් ඔක්කොගෙම ලෙඩ ගැන බලනවා තමුන් ගැන බලන්නෑ...එනවා යන්න'. එහෙම කියලා yuna මාව ඇදගෙන ගියා..
අපෙ වාරෙ ආවට පස්සෙ doctor ගාවට ගිය...මේපාර reports මොනවා වෙලා ඇද්ද දන්නෑ.....
Y/N ගෙ reports මොකද කියලා ඊළඟ කොටසින් බලමු
💞paari nimu 💞
ESTÁS LEYENDO
Eternity 💕[Completed]
Fanficසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...