මතකෙ නැති වෙලා😶

140 30 9
                                    

මං කාමරෙ ඇතුල්ට යද්දි yugyeom බලං හිටියෙ මාව අද දැක්ක කෙනෙක් වගෙ පුදුමෙන්...

'Yugyeom කොහොමද දැං ඔයාට?'.

උත්තරයක් නොදුන්න yugyeom එක එල්ලේම මං දිහා බලං ඉන්නවා.

'ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද yugyeom?'

'මට කියනවද ඔයා කවුද කියලා?'.yugyeom එකවරම මගෙන් ඇහුවා.

'Yugyeom....ඔයා මොනවද මේ අහන්නෙ...ඔයා දන්නැද්ද මං Y/N නෙ?'

'ඇත්තටම කිව්වොත් මං ඔයාව දන්නෑ....කොටින්ම මං කවුද කියලවත් දන්නෑ...ඇයි මේ මං hospital එක්ක ඉන්නෙ...මං කවුද ඔයා කවුද මගෙ' yugyeom එකදිගට මගෙන් ප්‍රශ්න පෝලිමක් අහගෙන ගියා.

'Yugyeom මේක විහිලු කරන වෙලාවක් නෙවෙ...ඇත්තටම කියන්න ඔයාට මුකුත් මතක නැද්ද?'

'ම්....නෑ...' yugyeom ඔලුව වනලා කිව්වා.

මේ මනුස්සයගෙ හැසිරීමෙන් නම් පේන්නෙ ඇත්තටම මුකුත් මතක නෑ කියලා තමා...දැං මොකද කරන්නෙ මං......

මං yugyeom ගෙ doctor ගාවට ගියා...ගිහින් එයාට ඔක්කොම විස්තර කිව්වා.ඊටපස්සෙ yugyeom ගෙ ඔලුවෙ ct scan එකක් ගත්තා.

'මේ accident එක ගොඩක් බරපතළ එකක් නොවුනට මෙයාගෙ ඔලුවෙ ඉස්සරහ වැදිලා තියෙන්නෙ...ඒ නිසා මෙයාගෙ මොළෙට කම්පනයක් ඇවිත්...ඒ නිසා මෙයාගෙ මතකෙ නැති වෙලා වෙන්න පුලුවන්' ct scan එක බලපු doctor කිව්වා.

ඒ කියන්නෙ yugyeom ට දැං එයාගෙ අතීතෙ මතක නෑ...අඩුමගානෙ එයා කවුද කියලවත්..

'එතකොට doctor මෙයාට සනීප වෙන්න හුඟක් කල් යයිද?'.

'ඒක හරියටම කියන්න බෑ...එයාට අතීත සිදුවීම් මතක් වෙන පරිසරේක හිටියොත් ඉක්මණට මතකෙ එන්න පුලුවන් සමහරවිට'.

'ඒ කිව්වෙ doctor කොච්චර කාලෙකින් විතරද?'

'ඒක හරියටම කියන්න බෑ සති ගානකින්ද මාස ගානකින්ද කියලා සමහරවිට අවුරුදු ගානකින් උනත් වෙන්න පුලුවන්'.

ගොඩක් උදෙන්ම කවුරුත් ආව නැති නිසා මං yugyeom ගෙ breakfast එකත් අරං කාමරෙට ගියා...

ඒත් එයාගෙ අත bandage කරලා නිසා කන්න බෑ...මං එයාට කවන්න පටං ගත්තා.

Eternity 💕[Completed]Where stories live. Discover now