"ඕයි සනු." විහඟ කෑගැසුවේ සනුමි පංති කාමරයට ඇතුළු වීමත් සමගය. ඒ වහාම ඔහු දෙස බලාගෙනම හුන් ගැහැණු ළමුන් ඇයට රැවීමකින් සංග්රහ කිරීමට තරම් 'කාරුණික' වූහ.
"මොකද?" සනුමි තම අතේ වූ පොත බෑගයට දමා ඔහුගේ මේසය වෙත පැමිණියාය. දඟකාරී ලෙස මේසය මතින් හිදගත් ඇය කකුල් පද්දමින් ඔහු දෙස බැලීය.
"උඹ කොහෙද ඔය හැමදාම ඉන්ටවල් එකට යන්නේ?"
"ලයිබ්රරි." සනුමි කීවේ දෑස් සිහින් කර විහඟ දෙස බලමිනි. "ඇයි?"
"නෑ මුකුත් නෑ... ලස්සන කොල්ලෙක්වත් එනවද ලයිබ්රරි එකට අහ්?"
සනුමි දෙබැම ඔසවා බැලුවාය. "ආයේ කියන්න."
"හැමදාම ලයිබ්රරි යන්නේ ලස්සන කොල්ලෙක්වවත් බලන්නද?"
"ලස්සන. කොල්ලෙක්. නේ?" සනුමි වචනයෙන් වචනය බර කර කීවේ අමුතුම බැල්මක් විහඟ වෙත හෙළමිනි. "අනේ ඕයි, මගෙන් අහගන්නැතුව හිටු. උඹ දන්නවා නේ මං ඔය මාතෘකාවට කැමති නෑ කියලා. කොල්ලෝ කියන්නේ මට වහකදුරු වගේ." ඇගේ හඩට ගැහැණු ළමුන් ප්රතිචාර දැක්වූයේ පිටසක්වලෙයකු වෙත හෙළන්නාක් වැනි බැල්මක් සනුමි වෙත හෙළමිනි.
"හරි හරි... කූල් ඩවුන් මචෝ. කූල් ඩවුන්." විහඟ මිමිණුවේය.
"හ්ම්හ්..." සනුමි හඬක් නැගුවාය.
"ඒක නෙමෙයි, අද හවස වරෙන්කෝ අපේ ගෙදර. කාලෙකින් දැක්කේ නැති නිසා අම්මටත් ඕනේලු උඹව බලන්න. මං කිව්වා අම්මට උඹ හොදටම කැත වෙලා කියලා."
"උඹ අපරාදේ බොරු කිව්වේ. බලපන් මම ඉන්නේ මේ හැන්ඩි කොල්ලා වගේ."
"හපෝ ඔව් වෙන නැත්නම්." විහඟ කට ඇද කළේය. "උඹ එනවද?"
"මං බෑ කියනවද, නෑනේ. යමං. මටත් ආන්ටිව දකින්න නැතුව සාංකාව වගේ."
"ඔව් ඉතින් අම්මටත් මං පිට එකා වෙලා උඹ ගෙදර එකා වෙලා නේ."
"ඕකට කියන්නේ පැහැදිලි ඊරිසියාව කියලා." කට ඇද කරමින් සනුමි කීවාය. "අන්න මී පැණි - ෂී මිස් එනවා."
"ඇයි බන් උඹ මධුශි මිස්ට මී පැණි - ෂී කියන්-" විහඟ කීමට ගිය දෙය අතරමැද නැවතූ සනුමි ඉදිරියට නැඹුරු වූවාය.
YOU ARE READING
The Black Gang (GirlxGirl)
Mystery / ThrillerYoung Adult X Mystery X Action X LGBTQ+ Diversity [Completed] "Let the White King make his move." "Why White?" "They are the ones who started the game!" "Yeah, but starting the game with white doesn't mean they win all the time!" Cover credit goes t...