14

436 77 77
                                    

චණ්ඩ හිරුරැස් පාසල් සිසු සිසුවියන්ගෙන්ම ජනාකීර්ණ වූ මාර්ගය මත පතිත වන හෙයින්, වැඩිදෙනා සිටියේ කුඩයක පිහිට පතමිනි. නමුත් උණුසුම්, දුහුවිල්ලෙන් හා වාහනවල දුමින් සංතෘප්ත වූ සුළග නම් එම කුඩවලට නැවැත්විය නොහැකි විය.

සුදු පැහැයෙන් සැරසී හුන් පාසල් සිසුන් අතරින් ගමන් කළ, කාලවන් ලප ද්විත්වයකට, මාර්ගයේ එක් කොණක සිට අනෙක් කොන දක්වා වූ බහුතරයක් දෙනාගේ අවධානය කේන්ද්‍රගත විය. එම ලප ද්විත්වය වූ කලී, කාලවර්ණ ඇදුමින් සැරසුනු මනුෂ්‍යයන් දෙදෙනෙකි.

ඔවුන් කාල වර්ණයෙන් සැරසී සිටීමම නොවේ සියල්ලන්ගේ අවධානය ඔවුන් වෙත යොමු වීමට හේතු වූයේ; ඔවුන් හැද සිටි ඇදුම්වල වෙනසය.

කළු පැහැ ජීන්ස් කලිසම් නම් ඉතා ජනප්‍රිය වුවද, කළු පැහැ හූඩිය හා නාසයේ සිට නිකට දක්වා ආවරණය වන ලා නිල්-සුදු පැහැ ශල්‍ය මුඛ ආවරණ පදිකයන්ගේ සාමාන්‍ය ඇදුම් පැළදුම් ක්‍රමයට කිසිදු ලෙසකින් ගැලපුණේ නැත.

ඔවුහු එක්වරම අතුරු මාර්ගයක් තුලට අතුරුදන් වත්ම, ඔවුන් වෙත නෙත් යොමා සිටි සියල්ලෝම, ජිරාෆ් සත්වයෝ මෙන් ගෙල දිගු කරමින් ඔවුන් දෙදෙනාගේ ඡායා මාත්‍රයක් හෝ සොයා ගැනීමට තැත් දැරූහ.

මේ අතර, කළු පැහැ ඇදුමින් සැරසී හුන් දෙදෙනා කොට්ටම්බා ගසින් සෙවණ වූ අතුරු මාර්ගය ඔස්සේ ඉදිරියට ඇවිද යමින් සිටියේ, ඔවුන් වෙතට බැලුම් හෙළන පාසල් සිසුවියන් නොතකා හරිමිනි.‍ රතු පැහැති කොට්ටම්බා පත්‍ර, සුළගත් සමග එක්ව තාර ඇතිරූ මාර්ගය මත වැටුණේ රටා මවමිනි.

"ඩීමන්." ඔවුන'තරින් වඩා උස් වූ තැනැත්තා අනෙකා වෙත නැඹුරු විය.

"ම්ම්?"

"ඩීමන්."

"ම්ම්හ්?"

"ඕයි, යක්ෂයෝ, මෙහෙ බලනවා."

එවර නම් ඩීමන් නමින් අමතනු ලැබූ තැනැත්තාගේ අවධානය අනෙකා වෙත යොමු විය. "කියන්න ලුසිෆර්."

'මොන සිහියෙන්ද ඉන්නේ බන්?" ලුසිෆර් ඇහිබැමක් එසැවීය.

"මුකුත් නැහැ ලුසිෆර්, ඇයි කතා ක‌ළේ?"

The Black Gang (GirlxGirl)Where stories live. Discover now