09

542 95 61
                                    


ෆ්ලොරසන්ට් බල්බයෙන් විහිදුණු දුර්වල සුදු පැහැ ආලෝකයෙන් කාමරය ආලෝකමත් විය. ත්‍රිකෝණාකාරව තැබූ මේස තුන මත වූ පරිගණක තුන වෙත නෙත් යොමා සිටියේ එක හා සමාන කළු පැහැ ඇදුමින් සැරසී හුන් තිදෙනෙකි.

විටෙක පරිගණක යතුරු පුවරුව වෙතද, තවත් විටක ඒ අසලම වූ සටහන් පොත් වෙතද ඔවුන් නැඹුරු වූයේ මුළු කාමරය පුරා පිරී පැවති නිහඩබව නොබිදිමිනි.

"වුල්ෆ්." එකවරම නැගුණු ඇමතුම නිසා වුල්ෆ් අතවූ සටහන් පොතින් හිස ඔසවා බැලීය.

"කියන්න ඩ්‍රැගන්."

"මොනවත් හම්බවුණාද?"

"කන්ටැක්ස් වල නම් ඌට හිටපු කෙල්ලෝ හැමෝගෙම වගේ නම්බර්ස් සේව් කරලා තියෙනවා. ඒත් ඒවායින් බාගෙට බාගයක්ම දැන් ‌බ්ලොක් කරලා. කොහොම වුණත් මම හිතන්නේ නෑ ඒකෙන් අපිට වැඩි යමක් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඒ කෙල්ලොන්ටත් හොද මූණ පෙන්නගෙන හිටපු නිසා උන් රැවටිලා ඉන්නේ මුට."

"එතන කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද?"

"කෙල්ලොන්ගේ විතරක් නම්බර්ස් හැටක් විතර තියෙනවා."

"කෙල්ලොන්ගේ කිව්වට-"

"නෑ, මූ මේක යූස් කරලා තියෙන්නේ මල් කඩන්න විතරමද කොහෙද? මේකේ තියෙන්නේ කෙල්ලොන්ගේ නම්බර්සුුුයි, තව කොල්ලෝ සෙට් එකකගේ නම්බර්ස් ටිකයි." වුල්ෆ් කීය. "අර කෙල්ලොන්ගේ නම්බර්ස්වලට ඉස්සරහින් හාට් එකකුත් දාලා සේව් කරලා තියෙන්නේ."

ඩ්‍රැගන් උපහාසාත්මක සිනාවක් නැගීය. "ඌ අපිට වැඩේ තවත් ලේසි කරලා දීලා. ඒ නම්බර්ස් ටික ගනින්. අපිට ඉස්සරහට වැදගත් වෙයි." 

"ඒත්..." වුල්ෆ් තම අතැගිලි අතරට සිරව පැවති පෑන දෙපසට සොලවමින් කල්පනාකාරී ලෙස හඩ නැගීය.

"මම දන්නවා උඹ මොකක්ද කියන්න යන්නේ කියලා. ඒත් අපිට පුළුවන් වුණොත් ප්‍රබල සාක්ෂි යොදාගන්න, ‌අරූව බෙල්ල මුලටම හිරකරන එක අමාරු වෙන්නේ නෑ."

"ඒක ඒ තරම් ලේසි වෙන එකක් නෑ."

"අපි බලමුකෝ. ඒ ෆෝන් එකේ තියෙන මීඩියා ෆයිල්ස් ගැන මොනවද කියන්න තියෙන්නේ?"

The Black Gang (GirlxGirl)Where stories live. Discover now