05

693 119 43
                                    

රූස්ස ගස් අතරින් ඇවිද ආ කළු හූඩියකින් සැරසුණු තැනැත්තා, කාලයාගේ ඇවෑමෙන් අදුරු පැහැයකට හැරුණු ගොඩනැගිල්ල ඉදිරියේ නැවතුණි. හාත්පසටම විමසුම් සහගතව නෙත් යොමු කළ හෙතෙම දොර හැඩලය මත තම අත්වැසුමින් ආවරණය වූ අත තැබීය.

සිහින් හඩක් නැගූ දොර සෙමින් විවිර විය. ඇතුලට පිවිසුුුණු ඔහු දුහුවිල්ලෙන් වැසුණු පොළොව මත වූ නොපැහැදිලි අඩි සළකුණු දෙසට බැල්මක් හෙළා දොර වසා දැමීය. උසින් පිහිටි ප්‍රංශ ජනේල අතරින් පෙරී ආ හිරු එලියෙන් ඔහුගේ ඡායාව පොළොව මත සටහන් විය. 

දොරට මුහුණලා තිබූ බිත්තිය වෙත ගමන් කළ ඔහු, බිත්තිය අසලින් අත ගෙන යත්ම ලුමිනස් කොළ පැහැ තිරයක් මතු වූයේ සීනු හඩක්ද සමගිනි.

ඔහුගේ අතැගිලි ‌තිරය මත වේගයෙන් ගමන් කර ඉන් ඈත් වත්ම බිත්තියෙන් කොටසක් පසකට ඇදී ගියේය. බිත්තියේ මතුවූ සිදුර තුලින් ආලෝකයක් දර්ශනය විය.

ඔහු ඇතුලට පා තබත්ම ලෑලි 'කිරි කිරි' හඩ නගන්නට වූ අතර ඔහුගේ පිටුපසින් බිත්තය සෙමින් වැසී ගියේය.

දැන් ඔහු සිටින්නේ කුඩා ප්‍රමාණයේ ශාලාවක් තරමටම විශාල කාමරයකය. එහි මධ්‍යයේ ත්‍රිකෝණාකාරව එකිනෙකට මුහුණ ලා සිටින පරිදි තැබූ මේස තුනක් හා ඒ මත තැබූ පරිගණක තුනක් විය.

"ඩ්‍රැගන්." වම්පසින් වූ අසුනේ සිටි තැනැත්තා හිස ඔසවමින් කීය.

"ෂැඩෝ." ඩ්‍රැගන් තම හඩ අඩදි කළේ ඉතුරුව පැවති අසුනින් හිදගනිමිනි. "මොකක්ද පෙන්නන්න තියෙන්නේ?"

"මේක." ෂැඩෝ තමා ඉදිරියේ වූ පරිගණක තිරයට ඇගිල්ලක් දිගු කළේය. "ඒ වගේම වුල්ෆ් අතේ තියෙන පොතේ තවත් විස්තර තියෙනවා."

"නියමයි." ඩ්‍රැගන් මිමිණුවේ ෂැඩෝගේ උරහිසට ඉහළින් පරිගණකය වෙත එබෙමිනි. "මේ... තේවක එදිරිමාන්න, නේද?"

"ඔයා ඌව දන්නවද ඩ්‍රැගන්?" වුල්ෆ් ඔහු අත වූ සටහන් පොතින් හිස නොඔසවාම ඇසීය.

"ඔව්... යම්තාක් දුරකට. නරක ආශ්‍රයෙන් නරක් වුණ ‌එකෙක් හැටියට නම් ඒකා ප්‍රසිද්ධයි මං හිතන්නේ."

"ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඒකිව දැලේ දාගන්නකම් නින්ද නොයන ජාතියේ එකෙක්." වුල්ෆ් කීවේ කෝපාන්විත හඩිනි. "පාහරයා. ඌ දුමිත් එදිරිමාන්නගේ පුතා නේද?"

The Black Gang (GirlxGirl)Where stories live. Discover now