27

333 64 8
                                    

එහි ඇති වූයේ කුණාටුවට ප්‍රථම ඇතිවන ආකාරයේ සන්සුන් බවකි. ඩීමන් සෙමින් තම බැල්ම ලුසිෆර් වෙතින් දුමිත් වෙතටත්, නැවත දුමිත් වෙතින් ලුසිෆර් වෙතටත් යොමු කළාය.

ඊළඟ මොහොතේ කුණාටුව ඇරඹිණ.

ජැකට්ටුව මෑත් කර තම ඉණ වෙත හස්තය ගෙන ගිය ඩීමන්, පිටතට ඇද ගත්තේ පිස්තෝලයකි! එහි බැරලය විදුලි ආලෝකය අබිමුව කළු පැහැයෙන් මඳ දිලිසුමක් නැඟීය. 

"දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දැන්ම වෙඩි කාලා මැරෙන්න ආසාවක් නැතුව ඇතිනේ? එහෙනම් සද්ද නැතුව මාත් එක්ක යමු, දෙන්නම." ඇය කීයේ එය මාරුවෙන් මාරුවට දෙදෙනා වෙතම එල්ල කරමිනි.

දුමිත් ශාප ක⁣ළේය. ඔහු⁣ගේ ඉණ වෙතට සෙමින් ගමන් තළ හස්තය ඩීමන් නොදුටුවේ යැයි ඔහු සිතුවද, ඔහු වැරදි විය.

"රෆායෙල් අද නැහැ, මිස්ටර් එදිරිමාන්න." ඩීමන් උපහාසාත්මකව කීය. "එයා මෙහාට එනකොට පරක්කු වැඩි වෙයි. එහෙමයි කියලා කපටිකම් කරලා පැනලා යන්න හිතන්න එපා, තමුන්ගේ ජීවිතේට ආදරයක් තියෙනවා නම්. ලුසිෆර්, තමුන්ටත් කියන්නේ එච්චරයි. හ්ම්, දැන් යමු."

දුමිත් හා ලුසිෆර් වෙතට ගිනි අවිය එල්ල කරගෙන ඩීමන් පළමුව කැබිනයෙන් පිටතට පැමිණ ඔවුන්ට පිටතට පැමිණෙන ලෙස හස්ත මුද්‍රාවෙන් දැක්වීය.

"වඩා හොඳයි අත් උස්සගෙන මීටරේ පරතරෙන් එනවා." ඩීමන් හඬ නඟා කීවේ ගොඩනැගිල්ලේ ඔවුන් තිදෙනා හැරෙන්නට අන් කිසිවෙකුත් නැති බව මනාව දන්නා හෙයිනි.

ඔවුන් රියගැල අසලට පැමිණෙත්ම, කළු පැහැති ආවරණය කරන ලද ජනේල සහිත වෑන් රියක් ඔවුන් ඉදාරියේ නැවතිණ. එහි දොර විවිරව, කළු පැහැ ඇඳුමින් සැරසී, ශල්‍ය මුඛ ආවරණයක් පැළඳගත් අයෙකු බිමට පිනුයේ ගිනි අවියක්ද අත දරාගෙනය.

"වුල්ෆ්, ඩ්‍රැගන්ට කියන්න මම පෙොඩි තෑග්ගක් එව්වාය කියලා. ⁣අනෙක් දෙන්නා නම් මේ වෙනකොටත් එතැනට ගෙනත් ඇති නේද?"

වුල්ෆ් ලුසිෆර් වෙතට ගිනි අවිය එල්ල කළේය. "මම කියන්නම්, ස්තූතියි ඩීමන්."

"ඔහෙලා දෙන්නා ඔතන මොනවා කරනවද? අපි උස්සලා වාහනේ ඇතුලෙන් තියන්නත් ඕනද ඔහෙලව?"

The Black Gang (GirlxGirl)Where stories live. Discover now