වින්දි පාසලේ ගේට්ටුවෙන් පිටතට පය තබත්ම, යමෙක් ඇගේ අත අල්ලා ගත්තේය. ඇය තිගැස්මෙන් ඒ තැනැත්තා වෙතින් තම අත මුදා ගැනීමට තැත් දැරුවාය.
"වින්දි, මේ මම, සනුමි." සනුමි ආපසු හැරී බලමින් කීවාය. "පොඩ්ඩක් එන්න, අපි කතා කරන්න ඕන."
සනුමි ඇයව කැදවාගෙන ගියේ පාසල ඉදිරියේම වූ කෝපිහලටය. කෝපි වල ප්‍රණීත සුවද හාත්පස පැතිරුණේ ඒ සුවද ආඝ්‍රාණය කළ ඕනෑම අයෙකුව ප්‍රබෝධමත් කරමිනි.
"එන්න." මාර්ගය හොදින් නිරීක්ෂණය කළ හැකි මේසයක් වෙත වින්දිව කැදවාගෙන ගිය සනුමි පුටුවක් පිටතට ඇද ඇයට එහි හිදගැනීමට ආරාධනා කළාය. වින්දි එතැනින් හිදගත්තේ සනුමිට කතා කිරීමට ඇත්තේ කුමක් පිළිබදව දැයි කුතුහලයෙන් යුතුවය.
"ඔහොමම ඉන්න." සනුමි මද සිනාවක් පා කීයේ, වහා කවුන්ටරය වෙතට ගියා. විනාඩි කීපයක් තුල ශීතල කළ කෝපි බදුන් දෙකක්ද රැගෙන ආ ඇය වින්දි ඉදිරියෙන් හිදගත්තාය.
"මොකක්ද අවුල? ඇයි අපි කතා කරන්න ඕන?" වින්දි ඇසුවාය.
"ඕක බීලා ඉන්න, ඔයාට මහන්සි ඇතිනේ."
"මට මහන්සි නැහැ. මට කියන්න, ඔයා මොනවද මෙහේ කරන්නේ? මොනවා ගැනද අපි කතා කරන්න ඕන?" වින්දි ඇසූයේ තියුණු ලෙස සනුමිගේ චොකලට් පැහැ දෑස් වෙත තම දෑස යොමු කරමිනි. අන් දිනවල මෙන් නොව, මෙදින කළු පැහැ දෑස චොකලට් පැහැ දෑස විනිවිද ගියේය.
"හරි, හරි. මම කියන්නම්. ඊට කලින්, ඕක බීලා ඉන්න. ඔයාව කලබල කරන්න ඕන නෑ මට."
වින්දි, කෝපි බදුනෙන් උගුරක් පානය කර ඇය දෙස බැලුවාය. "දැන් කියන්න."
"ම්ම්... හරි." සනුමි එක එල්ලේ වින්දි දෙස බැලුවාය. "මට ඔයාට කියන්න දෙයක් තියෙනවා."
"ඒක ඔයා කලිනුත් කිව්වා, සනුමි. මොකක්ද දැන් ඔය කියන්න තියෙන දේ?"
"මේක... මේක... ෂනායා අක්කයි, ඔයයි ගැන."
වින්දි ඇහිබැමක් එසැවූවාය. "අපි දෙන්නා ගැන?"
"ඔය දෙන්නා ටික කාලයක් යනකම් මාත් එක්ක නවතින්න, අඩුම මේ ප්‍රශ්නේ විසදෙන කල්වත්."
YOU ARE READING
The Black Gang (GirlxGirl)
Mystery / ThrillerYoung Adult X Mystery X Action X LGBTQ+ Diversity [Completed] "Let the White King make his move." "Why White?" "They are the ones who started the game!" "Yeah, but starting the game with white doesn't mean they win all the time!" Cover credit goes t...