හෝලා!
සැප සනීප කෙසේද මිත්‍රවරුනි?
මාස හයකුත් දවස් දහයක්... දිග කාලයක් නේද?
ඒ කාලය පුරාවට මේ කතාව ටිකින් ටික ඉදිරියට ගලා ගෙන ගියා... මගේ ජීවිතේ හොඳම කාලයක් බවට ඒ කාලය පත් කරමින්...
වොට්පෑඩ් ඇතුලේ සිංහල කතා අඩු නිසා එක කතාවක් හරි ලියන්න හිතාගෙන ඉන්නකොට මහ රෑ එකපාරටම ආව අදහසක් නිසයි කළු කල්ලිය ලියන්න ගත්තේ...
පටන් ගනිද්දී මේ කතාව කට්ටිය කියවාවිද, මේකට එයාලා කැමති වේවිද කියලා මටත් හිතුණා... ඒත් ඒ ගැන වද නොවී මම කතාව ලියන්න තීරණය කළේ අනිවාර්යෙන්ම මේ කතාව මොකක්ද කියලා බලන්න හරි එකම එක පාඨකයෙක් හරි කතාව කියවාවිනේ කියලා හිතලා...
ධනාත්මක චින්තනය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ප්ලස් නේද... හෙහ් හෙහ් හේ... XD
එහෙම හිතලා ලියන්න ගත්ත කතාවට නොහිතපු විදියට ඔයාලාගෙන් ප්‍රතිචාර ලැබෙනකොට මට අදහාගන්න බැරි වුණා... ඇත්තටම ලොකු සතුටක් දැනුණා...
මේ කතාව ගැන මතක ගොඩාක් තියෙනවා... හරිම ආදරණීය මතක ගොඩාක් වගේම නරක මතක කීපයකුත් තියෙනවා...
කතාව ඉස්සරහට ගලාගෙන යනකොට ඔයාලා දක්වපු අදහස් නම් නියමයි... ෆෑන් තියරීස් ගොඩ නඟ නඟ කට්ටිය කියන කොට මේ ෆෑන් තියරීස් එකින් එක අරගෙන මමත් කල්පනා කළා මේවා ඇත්ත වුණොත් මොනවා වේවිද කියලා...
කතාවේ පැටලිලි සහගත ගතිය වැඩි නිසා මට නමකුත් හැදුවා පාඨකතුමියක්... 'වංකගිරි ඕතර්' කියලා...
සමහරු මේක GirlxGirl කතාවක් නිසා ඉන්බොක්ස් බැන්නා... ඒත් මගේ හෘද සාක්ෂිය මම වැරදි නැහැය කියලා දැනගෙන හිටපු නිසාම ඒ ප්‍රශ්නය මට ප්‍රශ්නයක් වුණේ නැහැ... මේ කතාව මගේ අම්මාත් කියවන එකේ මට ඒක කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ...
මේ පොතයි, මගේ අකවුන්ට් එකයි කීප දෙනෙක් රිපෝට් කරලා තිබුණා... ඒත් එවෙලාවෙත් ඔයාලා දීපු සහයෝගය මට ගොඩාක් වටිනවා...
වෙනදා වගේ දිගට කියවන්න නම් බලාපොරොත්තුවක් නැහැ. ඒත් මම අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා...
YOU ARE READING
The Black Gang (GirlxGirl)
Mystery / ThrillerYoung Adult X Mystery X Action X LGBTQ+ Diversity [Completed] "Let the White King make his move." "Why White?" "They are the ones who started the game!" "Yeah, but starting the game with white doesn't mean they win all the time!" Cover credit goes t...