01

1.2K 175 90
                                    

"ළමයි, මේ පැවරුමෙන් ඔයාලාට ලකුණු විසිපහක් එකතු වෙනවා. ඒ නිසා මේක අනිවාර්යෙන්ම කරන්න. තේරුණාද?" ගුරුතුමිය පවසද්දී ළමෝ හිස් සළා එය පිළගත්හ.

"හරි. වඩාත් හොදයි දෙන්නා දෙන්නා එකතු වෙලා කරන එක. ඒකෙන් දෙන්නටම හොදක් වෙයිනේ." ගුරුතුමිය පසුපස පේලියේ සිටින ළමුන් දෙස බලමින් පවසත්ම ඇගේ දුරකතනය නාද වන්නට විය. "මම එලියට ගිහින් එනකම් ඔයාලා පාට්නර්ස්ලා ‌තෝරගන්න. හැබැයි සද්ද කරලා අහුවෙන්න එපා."

ගුරුතුමිය පන්තියෙන් පිටත‌ට යාමත් සමගම තම පුටුවෙන් පැන්න සනුමි සුපුරුදු පරිදි විහඟගේ මේසයට පැන එහි හිදගත්තාය.

"අපි දෙන්නා මේක කරමු, හරිද?"

"හරි, හරි." විහඟ කීවේ ඇය දෙස රවාගෙනම බලාසිටින ගැහැණු ළමුන් වෙතද, තමා දෙස උපහාසාත්මකව බලා සිටින පිරිමි ළමුන් දෙසද පිළිවෙළින් බලමිනි.

"ඔන්න එහෙනම් ඒක තීන්දුයි." සැහැල්ලු හඬින් පැවසූ ඇය ආපසු තම අසුන වෙත ගියේ ඈ දෙස රවාගත්වනම බලා හුන් ගැහැණු ළමුන් නොතකා හරිමිනි.

*     *     *

"පටන් ගත්තා ‌වගේ නෙමෙයි නේ බන්, මේ වැඩේ පට්ට අමාරුයි නේ..." විහඟ මැසිවිලි නැගුවේ පරිගණකයෙන් මෑතට වී දෑත් ඉදිරියට දිගු කර හිරි අරිමිනි.

"වැඩේ අමාරු වෙන තරමට මං ඒකට කැමතියි. ඒක වෙනමම ත්‍රිල් එකක්." සනුමි කියත්ම විහඟ තිගැස්සී ඇය දෙස බැලීය.

"මං දන්න තව කෙනෙක් ඔය කතාවම කියලා තියෙනවා." එය ඔහු කීවා නොව ඔහුට කියැවුණි. සනුමි ලියමින් සිටි සටහනින් හිස ඔසවා බැලුවේ ඇග‌ේ අතේ වූ පෑන නිරායාසයෙන්ම පිටුව දිගේ ඇදී යද්දීය.

"අහ්... ඇ- ඇත්තටම? කවුද ඒ?" කිහිපවරක් ඇසිපිය හෙළුෑ ඇය ඇසුවාය.

"ඔයා දන්නේ නෑ එයාව. එයා දන්නෙත් නෑ ඔයාව." විහඟ කියත්ම ඈ හිස පැත්තට හරවා ඔහු දෙස බැලුවාය. ඇගේ තද කළු, ගැඹුරු දීප්තිමත් දෑස සිහින් ව පැවතී අතර එහි විමසිලිමත් බවක් විය.

"එයා ?" ඇය එයම පුනරුච්චාරණය කළේ තම හඬ වෙනස් කරමිනි. "කවුද තමුසෙට ඉන්න මං නොදන්න 'එයා' අහ්?"

The Black Gang (GirlxGirl)Where stories live. Discover now