13

402 84 56
                                    

ෂනායා මද සිනාවක් පෑයේ සුදු පිගන් ගඩොල් ඇල්ලූ බිමට පතිතව දග කරන, ක්ෂිතිජයේ සිට පැමිණි දම්-රෝස හා දීප්තිමත් තැඹිලි පැහැ සන්ධ්‍යා ආලෝක ධාරාවන් දෙසට නෙත් යොමාගෙනය. දීප්තිමත්, උණුසුමැති හා රන්වන් හිරුකිරණ ඇගේ මුළු සිරුරම නහවාලූයේ ඇගේ සිත ප්‍රබෝධවත් කරමිනි.

'දඩස්' හඩ නංවමින් දොර විවිර වත්ම තිගැස්සී ගිය ෂනායා, තම දෑස දොර වෙත යොමු කළාය. ඇ‌ගේ මුහුණ වෙනස් වූයේ ඇසිල්ලකිනි.

"තේ- තේවක."

"මම තමයි." තේවක ඇය අසලට ආයේය. හිරුගේ රත් පැහැ ආලෝක ධාරා ඔහුගේ මුහුණ මත පතිත වූයේ, ඔහුගේ මුහුණේ වූ කෝපාන්විත හා අනුකම්පා විරහිත බව තීව්‍ර කළේය. "තමුසෙ ඩ්‍රැගන් කියන හාදයාට ඇයි මං ගැන කිව්වේ?"

"ඩ්- ඩ්‍රැ ඩ්‍රැගන්? ක- කවුද ඒ?"

තේවකගේ මුවින් උපහාසාත්මක සිනහවක් නැගිණ. "තමුන් ඒකවත් නොදන්න බබා... ෂනායා, මම හොදින් කියන්නේ, කවුද ඔය ඩ්‍රැගන් කියන පාහරයා? මොනවාද උඹ ඌට කිව්වේ?"

"ම්- මම දන්නේ නෑ. මම කාටවත් මුකුත් කිව්වේ නෑ." ෂනායා මිමිණුවේ තේවකට නොදැනෙන සේ දෑත මිට මොළවා ගනිමිනි.

තේවක දෑස සිහින් කළේය. "තමුන් ඌව දන්නේ නැහැය කියලා මම විශ්වාස කරන්නේ මොන මගුලකටද කියලා කියනවාද?"

"තේවක!" ෂනායා තේවකව පසුපසට තල්ලු කරමින් හඩ නැගුවාය. "මට තේරෙන්නේ නැහැ තමුසෙ මොන මගුලක් කියවනවද කියලා. වදයක් නොවී යනවා!"

තේවක උපහාසාත්මක ලෙස සිනාසෙන්නට වූයේ ෂනායාගේ කෙස් කළඹින් තදින් අල්ලා ගනිමිනි. "උඹව ආරක්ෂා කරගන්න අර කෙල්ලෝ දෙන්නයි, කොල්ලයි හැම වෙලාවෙම එන්නේ නැහැ. ඒ වගේම උන්ට මම බයත් නැහැ." තේවක පවසත්ම ඔහුගේ පිටට වැදුණු දැඩි පහර ඔහුව අන්දමන්ද කර දැමීය. වේදනාව නිසා දෑසින් පිටතට පැනීමට තැත් දරන කදුළු අසීරුවෙන් යටපත් කරගනිමින් ඔහු ආපසු හැරුණි.

"මේකි ආයෙමත්... මුන් මොන මගුලකටද මම එන වෙලාවටම එන්නේ?" තේවක තමාටම තොල මතුරා ගත්තේ කෝපාන්විතවය.

පෙරදිනක ඔහුව රෝහල් කාමරයෙන් පිටතට ඇද දමන බවට තර්ජනය කළ යුවතිය දෑස් සිහින් කරමින් නළල රැලි ගැන්වූවාය. "කාරණා දෙකක් කියන්න තියෙනවා, මිස්ටර් තේවක. එක, හැමවෙලාවෙම නැතත් අපි අවශ්‍ය වෙලාවට ඉන්නවා ෂනායා අක්කා ළග. දෙක, උඹ කොහොමටවත් අපිට බය වෙන්න ඕන නෑ, ආයෙත් මේ පැත්ත පළාතක නෑවිත් හිටියාම හොදටම ඇති."

The Black Gang (GirlxGirl)Where stories live. Discover now