"හොඳයි, එහෙනම්." සනුමි සෝපාවෙන් හිඳගත්තේ තමා අසලින්ම ඒ සමඟම හිදගත් වින්දිගේ ඉඟ වටා අතක් යවමිනි. "පොඩි ආපසු හැරී බැලීමක් කරන්න අපි තාම පරක්කු නැහැය කියලා මම හිතනවා."
"මොන වගේ හැරී බැලීමක්ද?" දනිදු ඇසීය.
"පරීක්ෂණයක රිපෝට් එකක් හදනවා වගේ... බොහෝ දුරට." වින්දි කී අතර, අන් දෙදෙනාද ඊට එකඟ වනාකාරයෙන් හිස් සැලූහ.
"ඔහ්හ්..." දනිදු හඬක් නැඟීය.
"ඔව්." වින්දි කෝපි මේසය මතින් කුඩා කළු පැහැ උපාංගයක් තබා එහි වූ රතු පැහැ බොත්තම තද කළාය. සිහින් 'ටික්' හඬක් සමඟ රතු පැහැ බොත්තම අසලින්ම රතු පැහැ විදුලි බුබුලක් දැල්විණ. ඒ දෙස බැලූ දනිදු, බැම නංවමින් වින්දි වෙතට නෙත් යොමු කළේය.
"ම්ම්... අපි මුල ඉඳලාම පටන් ගනිමු." මඳ නිහැඬියාවකට පසු සනුමි මිමිණුවාය. "මුලින් අපිව - මාවයි, විහඟවයි මේ සිද්ධියට පැටලුණේ ෂනායා අක්කා ඇක්සිඩන්ට් වෙන්න ගිය දවසේ නෙමෙයි... එයාගේ වීඩියෝ එක තේවක මුලින්ම පෝස්ට් කරපු දවසේ."
"ඒත් ඒ ඩ්‍රැගන් හා වුල්ෆ් හැටියට... ඒ වගේම ෂැඩෝත් හිටියා." විහඟ කීයේ තමා අසලින්ම හිඳගෙන සිටි දනිදු දෙස බලමිනි.
"එතකොට ඔයාලා එදා ෂනායා අක්කව බේරගන්න එතැනට ආවේත් එයා ගැන දැනගෙනද?"
"නැහැ, ඊට පස්සෙයි තේවක එයාගේ මූණ පේන කොටසත් තියෙන සම්පූර්ණ වීඩියෝ එක දැම්මේ. ඊට පැය කීපයකට කලින් එයාවම හම්බවුණ එක අහම්බයක්."
"ඒ වෙනකම් ඔයා ෂනායා අක්කා ගැන හරිහමන් විස්තරයක් දැනගෙන හිටියේ නෑ. ඊට පස්සෙයි ඔයා එයාට උදව් කරන්න ගත්තේ?"
"ඔව්. මම එයාගේ රූම් එකේ රෙකෝඩර් එකක් සෙට් කළා... ඇඳ යට. ඒක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මගේ ලැප්ටොප් එකට. ඒ හරහා මට ඒ කාමරේ ඇතුලේ වුණ හැම සංවාදයක්ම දැනගන්න පුළුවන් වුණා. ඒ වගේම..."ඇගේ දෑස් විහඟ හා දනිදු වෙතට යොමු විය. "දනිදු, මම හිතන්නේ ඒක තාම ඔයා ගාව."
"මං ගාව?" දනිදු ඇසුවේ තමා වෙතටම ඇඟිල්ලක්ද දිගු කරමිනි. ඔහුගේ දෑස් බ්‍රහස්පති ග්‍රහයා තරමටම විසල්ව පැවතිණ. එකවරම ඔහු හඬ නැඟෙන සේ හුස්මක් ඇදගත්තේය. "ඔයා කියන්නේ... එදා මම ගලවලා ගත්තු එක ගැනද?"
YOU ARE READING
The Black Gang (GirlxGirl)
Mystery / ThrillerYoung Adult X Mystery X Action X LGBTQ+ Diversity [Completed] "Let the White King make his move." "Why White?" "They are the ones who started the game!" "Yeah, but starting the game with white doesn't mean they win all the time!" Cover credit goes t...