11

545 91 87
                                    

සනුමි පුස්තකාලයෙන් ගත් පොතද අතැතිව තෙමහල් ගොඩනැගිල්ලෙන් පිටතට පිවිසියාය.

"ස්ස්..." කිසිවෙකු නැගූ හඬ නොතකා ඇය ඉදිරියට පිය නැගුවාය.

"ස්ස්..." මෙවර ඒ හඬ උස්ව නැගුණි. "ස්ස්ස්... සනුමි."

ඇය එවර නම් හිස ඔසවා බැලුවාය.

"සනුමි, පොඩ්ඩක් මෙහාට එන්නකෝ." දැල් වැට අසල සිටි සිසුවියන් තිදෙනාගෙන් අයෙක් ඇයට එහි පැමිණෙන ලෙස අතින් සංඥා කරමින් කීවාය. සනුමි ඇහිබැමක් එසවූවාය.

"ටිකකට එන්නකෝ අප්පා. ඔයාට දැන් අපිත් එක්ක පොඩ්ඩක්වත් කතා කරන්නවත් බැරිද?, පෙරදී හස්ත සංඥාවක් දැක්වූ සිසුවිය නැවතත් කීවාය. දෑස් නැටවූ සනුමි ඔවුන් වෙත පිය නැගුවාය.

දුරට එතරම් පැහැදිලි නොවූවද ඒ අසලට යත්ම ඒ සිටියේ ඩියාෂා බව ඇය හදුනාගත්තාය. පෙර සිටම ඇය හා ඩියාෂා අතර මිතුරුකමක වෙස්ගත් අමුතුම එදිරිවාදීකමක් විය. දෙදෙනාට දෙදෙනා අහම්බෙන් හෝ මුණගැසුණු දින අතර විවිධ අපහාස හුවමාරු කර නොගත් එක් දිනක් සොයාගැනීමට වඩා කළුනික සෙවීම ඉතා පහසු විය. අන්‍යයන්ට ඒවා හුදු විහිළු ලෙසට පෙනුනද ඔවුන් දෙදෙනා නම් ඊට යටින් වන අපහාස මනාව වටහා ගත්හ.

මෙබදු වූ ඔවුනගේ අමනාපය අතර ඩියාෂා මෙලෙස තමා හා කතා කිරීම සනුමිගේ කුතුහලයට හේතුවිය.

"මොකද ඩියාෂා? එකපාරම මාව මතක් වෙලා?, ඇය කට කොණකින් සිනා වෙමින් ඇසුවාය.

"අනේ මට නම් තමුසෙව අමතක වුණේ නෑ. තමුසෙ නම් ඉතින් කොහොමත් ඉස්සර ඉදලම හිටියේ අමුතුම ලෝකෙක නේ." ඩියාෂා උපහාසාත්මකව කීවාය.

"මාව අමතක නොවුණේ ඉන්ස්ටා වල ඉන්න දහස් ගණන් පැණියෝ ටික ටික අඩුවුණ නිසාද, ඩියාෂා පියුමන්ති ?" සනුමි කට ඇදකළාය.

ඩියාෂාගේ මුහුණ අදුරු වී, ඇඹුල් වී ගියේ මාළු යයි සිතා ගොරකා කැබැල්ලක් කැවුණු අයෙකුගේ මෙනි. "තමුසෙ-"

"මෙතන කතා කරන්න බැහැ, යමු එහාට." නිලඇදුමේ සාක්කුවකට අත පෙවූ සනුමි කීවේ ‌ගොඩනැගිල්ල පිටුපස වූ පැසේජය වෙත ඇවිද යමිනි. ඩියාෂා හා ඇය සමග ආ අනෙක් සිසුවියන් දෙදෙනාද සනුමිව අනුගමනය කළහ.

The Black Gang (GirlxGirl)Where stories live. Discover now