10

536 91 38
                                    

"අයියෝ." සනුමි කළකිරුණු හඬක් නැගුවේ කාමරය පුරා විසිර පැවති පොත් හා කඩදාසි වෙත බැල්මක් හෙළමිනි. "මදෑ මේ ටික හොයන්න ගිහින් ඔක්කොම අවුල් කරගත්තා නේ... දැන් අස්කරන්නත් එපැයි, මඟුල."

පහතට නැඹුරු වූ ඇය එකමත තබා තිබූ පොත් කීපයක් ගෙන ඒවා හිස්ව පැවති මේසය මතින් තැබුවාය. ඉනික්බිති පොළොව මත විසිර තිබූ කඩදාසි වෙත නැඹුරු වූ ඇය ඒ කඩදාසි එකින් එක ගෙන ඒ මතින් දෑස් යැවූයේ තියුණු ලෙසය. වැදගත් යයි සිතුණු සටහන් සහිත කඩදාසි සියල්ල එක්රැස් කරගත් ඇය, අනෙක් කඩදාසි සියල්ලම බෝල සකසා හිසට ඉහලින් විසිකර දැමුවේ දගකාරී ලෙසය.

පොළොව මත විසීරී පැවතුණු කඩදාසි සියල්ලම එලෙස එකලස් කරගත් පසු සනුමි නැගී සිටියේ නිදහස් අතින් තම දෙදණම ස්පර්ශ කරමිනි. මුවින් හඩක් නැගෙන සේ සුසුමක් හෙළමින් ඇය අත වූ කඩදාසී සියල්ලම මේසය මත වූ ෆයිල් කවරයකට දැමුවාය. ආපසු හැරී බලත්ම ඇට තිගැස්සුණේ තමා මෙතෙක් වෙලා පිටුපා සිටි හෙයින් නුදුටු යමක් දුටු හෙයිනි.

ඇය ඉදිරියේ බිම සම්පූර්ණයෙන්ම වැසී පැවතුණේ ඇය විසින් සෑදූ කඩදාසි බෝලවලිනි. තැන තැන නිල් පැහැ ඉරි කැබලි සහිත සුදු පැහැ කඩදාසි බෝල පොළොවට යෙදූ සැරසිල්ලක් ලෙස දිස්විය. 

එදෙස මද වෙලාවක් බලා සිටි සනුමිගේ මුවගට නැගුණේ දගකාරී සිනහවකි.

විනාඩි පහක ඇවෑමෙන් කඩදාසි බෝල සියල්ලම අතුරුදන්ව පැවති අතර සනුමිගේ මුවග වූ දගකාරී සිනාවේ තෘප්තිමත් බවක්ද විය. ආපසු මේසය වෙත හැරුණු ඈ එහි ලාච්චුවකින් කුඩා ප්‍රමාණයේ පොත් කීපයක් පිටතට ඇදගත්තාය. ඒ පොත් කීපයද රැගෙන ඇදෙන් හිදගත් ඈ තද නිල් පැහැ පොතක් පෙරලා බලන්නට වූවාය.

"අයියෝ මොනවද මම මේ ලියලා තියෙන්නේ? සැක්." ඇය තමාටම මුමුණාගත්තේ ගත්තේ නළලේ අත ගසාගනිමිනි. "ඒ කාලේ මම මෙච්චර නට්ලූස් කියලා අදයි දැනගත්තේ."

ඇය එය පසකින් තබා කොළ-නිල් පැහැ පොතක් ගත්තාය. එය පෙරලාගෙන මද දුරක් යත්ම ඇගේ මුහුණ රත් පැහැයට හැරුණි.

"මොන මගුලක්ද?" ඇය මුමුණා ගත්තේ තම මුහුණ දෑත් අතර සගවා ගනිමිනි. "විහග මේක දැක්කොත් ජීවිත කාලෙම මට ඕක කිය කිය විහිළු කරයි. මට වෙන්නේ පෘථිවි හරයටම හාරගෙන යන්න තමයි." ඇය පොත අතට ගෙන ඉන් තම හිසට පහර කීපයක් ගසා ගත්තේ ඇඹුල්ව ගිය මුහුණින් යුතුවය.

The Black Gang (GirlxGirl)Where stories live. Discover now