මේ අතර, ඩීමන් දෙස ආරක්ෂක කැමරා ඔස්සේ බලා හුන් ෂැඩෝ හා වුල්ෆ් එකිනෙකා දෙස බැලූහ.
"මේකි මොකාටද මේ එන්න හදන්නේ?" ෂැඩෝ විමසුවේ දෑස් සිහින් කරමින් වුල්ෆ් දෙස බලමිනි. "ඩ්‍රැගන් කියපු තරම් මෙයාව නම්මගන්න ලේසි නැහැ. ඒත් කෝ මේ මකරා, ඔක්කොම ප්ලෑන් කළාට ඕන වෙලාවට හොයාගන්නවත් නෑ."
"එයා මට කතා කළා. ගෙදර අය එක්ක ඉන්න නිසා එන එක ෂුවර් නෑලු." වුල්ෆ් මිමිණීය. "බලමු, හදිස්සියක් වුණොත් ඌට කතා කරමු."
ඩීමන් හා ලුසිෆර් නොනවත්වාම තම කාර්යයයෙහි නියැලෙනු දුටු ඔවුන'තර බැල්මක් හුවමාරු විය. තම දෑස පරිගණක තිරය වෙත යොමු කළ ෂැඩෝ, තම අදහස ප්‍රකාශ කළේය.
"මුන් මේ පාර නිකම්ම වෝල්ස් කීපයකින් නවතින එකක් නෑ."
"මටත් හිතෙනවා." වුල්ෆ් පෙරලා මිමිණුවේය. "සමහර විට, මොකක් හරි උගුලක් අටවනවා වෙන්න බැරි නැහැ. ම් වැඩෙන්-""ටිකක් ඉන්න, වුල්ෆ් මට පොඩි දෙයක් කල්පනා වුණා." ෂැඩෝ කීවේ තම නළල පිරිමදිමිනි. "ඇයි මට මීට කලින් මේක අහුවුණේ නැත්තේ?"
"මොකක්ද?" වුල්ෆ් ෂැඩෝගේ දෙවුරෙන් අල්ලාගෙන ඔහුගේ දෑසට නැඹුර වූයේ උද්යෝගයෙනි.
"ඩ්‍රැගන්, ඩීමන්ව පෞද්ගලිකව අඳුනනවා වෙන්න ඕන!"
"මො- මොකක්ද?"
"එක - ඊයේ අර ආරක්ෂක පවුරු හරහා යද්දී ඩ්‍රැගන්, හරිම ලේසියෙන් ඒවයෛ් දුර්වලම තැනට ඇටෑක් කරලා, ඒවා දුර්වල කළා. හරියට එයා ඒ දුර්වලම තැන ගාණට තිතටම දැනගෙන හිටියා වගේ. දෙක - එයා ඩීමන් ගැන කියපු දේ... ඒක නිකම්... තමන් හොඳින් දන්න කෙනෙක් ගැන කියනවා වගේ ලොකු විශ්වාසෙකින් කිව්වේ. තුන - අද ඒ නෝට් එකට ඩීමන්ගේ රියැක්ෂන් එක - ඒක ප්ලැන් කරලා කරපු දෙයක් වෙන්නත් පුළුවන්." ෂැඩෝ කීයේ එක් එක් කරුණට තම ඇඟිලි එකිනෙක නමමිනි. "හතර..."
ඔහු කතා කිරීම මොහොතකට නතර කළ අතර වුල්ෆ් ඔහු දෙසම බලා සිටින්නට වූයේය. නමුත් කාමරය තුල වූයේ නිහඬතාවම පමණි.
ෂැඩෝ කිසිත් නොකී තැන වුල්ෆ් නිහඬතාව බිඳ හෙළීය. "ඔව්?" ඔහු ඇසුවේය. "මොකක්ද හතර?"
YOU ARE READING
The Black Gang (GirlxGirl)
Mysterie / ThrillerYoung Adult X Mystery X Action X LGBTQ+ Diversity [Completed] "Let the White King make his move." "Why White?" "They are the ones who started the game!" "Yeah, but starting the game with white doesn't mean they win all the time!" Cover credit goes t...