06

642 113 25
                                    

නැවුම්, රන් පැහැ හිරු කිරණ ජනේල අතරින් රෝහල් කාමරය තුලට ගලා ආයේ රෝහල් කාමරය සුවදායී උණුසමකින් පුරවාලමිනි.

වෛද්‍යවරිය පිටව යාමෙන් පසු ෂනායා කාමරය තුල සිටියේ තනිවමය. ජනේලයෙන් ගලා ආ හිරු කිරණින් ඇය නැහැවී යද්දී ඇය ජනේලය අසලට පියමැන්නාය.

රෝහලෙන් පිටත වූ කුඩා උද්‍යානයේ පිපී ඇති ‌විවිධ වර්ණ දරණ මල්ද, ඒ අසල සැරිසරමින් සංගීතය සපයන කුඩා කුරුල්ලන්ද ඇගේ මනස ක්‍රමයෙන් සන්සුන් කිරීමට සමත් විය. මල්වල සුගන්ධයද රැගෙනම සෙමින් හමා ආ මඳනළ ඇගේ මුහුණ සිපගනිත්ම, ඇගේ මුහුණේ සිහින් සිනාවක් ඇදුනේ නිතැතිනි.

ඇයට පිටුපසින් රෝහල් කාමරයේ දොර විවිර වන විට නැගුණු සිහින් හඩ ඇයට ඇසුණේ නැත.

එකවරම තම ගෙල පසුපසින් දැඩිව අල්ලා ගත් රළු අත නිසා ඇගේ සිනහව මැකී ගියේය.

කිසිත් සිතීමටත් පෙර ඇගේ මුව වටා අතක් දැවටුණු අතර ඊළග මොහොතේ ඇයව අනිත් පස හැරවුණි. තම කොදු ඇට පෙළ දිගේ සීතලක් ගලා යනු ඇයට දැණුනි. ක්ෂණයකින් ඇයව මඳ දුරක් ඉදිරියට ඇදී ගොස් නැවත පිටුපසට තල්ලු වී බිත්තියේ වැදුණේ ඇගේ දෙපා වේදනාව නිසා අවසගව යද්දීය.

ඇගේ මුව වටා දැවටුණු හස්තයේ ග්‍රහණය ගිලිහෙත්ම ඇය තම හඩ අවදි කළාය. "තේ- තේවක."

"ඔව්, මං තමයි." තේවක ඇය වෙත නැඹුරු වෙමින් කීය. හිතුවද තමුසේ ප්‍රශ්න වලින් පැනලා යන්න හැදුවයි කියලා මේ ප්‍රශ්න හැම එකක්ම විසදෙයි කියලා. එහෙනම් තමුසෙට වැරදිලා."

"ඔ- ඔයා මොකක් ගැනද කියන්නේ?"

"අනේ... මෙන්න මෙයා බබා වෙන්න හදනවා. තමුසෙට එහෙම ප්‍රශ්නෙන් පැනලා යන්න බැහැ. තමුසෙට එහෙම පැනලා යන්න වුණත් මගේ අවසරය ඕන වෙයි. තමුසෙ මොනවා හරි කරගත්තත් මම අර විඩීයෝ එක අප්ලෝඩ් කරනවා. තමුසෙ මං කියන විදියට වැඩ නොකළත් මම ඒත අප්ලෝඩ් කරනවා."

"තේවක, ඔයා මොනවා ගැනද කියවන්නේ?" ෂනායා මිමිණුවේ බියෙන් විසල් වූ දෑස් තේවක වෙතම යොමාගෙනය.

"ඔය බබා පාට් දාපන්‌ වෙන එකෙකුට. කොහොම හරි, මේ කාටවත්ම මේ ගැන කියලා අහුවෙන්න එපා තමුසෙ. එහෙම වුණොත් තමුසෙගේ අර වීඩියෝ එක හැම සෝෂල් මීඩියා එකකම අප්ලෝඩ් වෙලා තියෙයි. ඊට පස්සේ සමාජෙන් තමුසෙට ලැබෙන තැන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ? පාරේ බැහැලා යද්දි මිනිස්සු උඹෙන් ගාණ කීයද කියලා අහයි. ඒ තත්වෙට පත්වෙන්න වුවමනා නැත්නම්..."

The Black Gang (GirlxGirl)Where stories live. Discover now