💢After two days
"සර් කෙල්ලට සිහිය එනවා..."
👿"හාහ්හ්හ්😅...දවස් දෙකක් ඒකී නිසා නිකන් මගේ වැඩ පාඩු වුනා😠...."
ඒ කෙනා හරි කලබලයෙන් එහෙට මෙහෙට ඇවිදිනවා....
🧛"කායි..."
ඒත් එක්කම පිටි පස්සෙන් ඇහුණු කටහඩත් එක්ක ඒ කෙනා ටිකක් තිගැස්සුනා.....ඒ ආපූ කෙනාට ඒ ළග තිබුනූ පුටුවකින් වාඩි වෙන්න කියන ගමන්...කායිත් එතන හිටපු තමන්ගේ සේවකයාව අතින් සන් කරලා එලියට යැව්වා...
👿"😳මමී ඇයි මෙතනට ආවේ..."
🧛"කායි...කෝ අර කෙල්ල🙄...."
👿"මමී ඒ කෙල්ලට දැන් සිහිය ඇවිත් තියෙන්නේ😐...."
කායි කිව්වේ මමීගේ පැත්තට ඇවිදගෙන යන ගමන්...
🧛"හ්ම්ම්..මාව එයා ළගට එක්කගෙන යන්න🤨..."
👿"දේ මමී😐..."
කායි මමීවත් එක්කගෙන ගියේ එයාලා හිටපු තට්ටුවට පහළින් තිබුනූ පොඩි කාමරේකට...චූටි ජනේලකින් විතරක් ඒ කාමරේ එළිය වෙලා තිබුනා..හරියට හිරකුටියක් වගේ...කායි මමී එක්ක දොර ඇරගෙන ඒ කාමරේට ගියා...ඇතුලෙන් ඇහෙන්නේ දම්වැල් හඩක්...ස්වෙන්ලා කියන්නේ ගොඩාක් ශක්තිමත් අය ඒ නිසා ඒ ඇතුලේ හිටපූ කෙල්ලව බැදලා දාලා තිබුනේ දම්වැල්වලින්...යාන්තම් ලාවට ඇස් දෙක ඇරගෙන බෝහොම අමාරුවෙන් ඔලුව උස්සගෙන හිටිය කෙල්ල ළගට කායි ඇවිදගෙන ගිහින් කෙල්ලගේ නිකටට අත තියා කෙල්ලගේ මූණ උඩට ඉස්සුවේ මමීත් කායි ළගට ඇවිදගෙන එද්දී...
👿"මමී මේ ඉන්න ඇලන්ගේ පොඩි එකාගේ පෙන්මේට්😏....මමී දන්නවාද මෙයා අරන් ආපු දවසේ ඉදන් ඇලන්පෙන් හරියට සෝහනක් වගේ...මමී...හාහ්හ්හ්හ්හ්😂😂😂...."
🧛"හ්ම්ම්ම්....පෙන් හැමෝම ගැන හිතන කෙනෙක්නේ😏...එහෙම නේ😌....මේ කෙල්ල ස්වෙන් කෙනෙක්ද?🤔"
👿"දේ මමී🙄...නැත්තන් තාම ජීවත් වෙලා ඉන්න බෑ ඒ දුමත් එක්ක😏..."
🧛"හ්ම්ම්...එහෙනම් අපි කතා කර ගත්ත විදියට වැඩේ කරන්න...කායි...ඔයා දන්නවා නේ මං මොකක් ගැනද කියන්නේ කියලා🤨..."
👿"දේ මමී😌...මං ඒ ගැන බලා ගන්නම්😏..."
මමී ඒ කාමරෙන් එලියට යද්දී කායි ඒ කෙල්ල ළගින් බිම දණ ගහ ගත්තේ කට කොනින් හිනා වෙන ගමන්....ඒත් එක්කම කායිගේ ඇස් සම්පූර්ණයෙන්ම කලුම කලු පාට වෙන්න ගත්තා...ඒ කෙල්ල ලාවට ඇරුණු ඇස් වලින් ඒක හොදටම දැක්කා...කෙල්ල බය වෙලා කායි දිහා බලන් හිටියේ...ඒ කෙල්ලගේ කම්මුලින් මිරිකගෙන කායි කෙල්ලගේ ඇස්වලට එබුනා...ටිකෙන් ටික කෙල්ල ගේ ඇසුත් අර වගේ කලු පාට වෙන්න ගත්තේ කෙල්ලව නිකන් මෝහනය වෙලා වගේ කායිගේ ඇස් දිහා බලන් ඉද්දී...ඒත් එක්කම මුළු කාමරේම කලු දුමකින් වැහිලා ගියා....කායි කාමරෙන් එලියට ඇවිත් කාමරේ දොර වහන්න කියලා සේවකයෙක්ට කරලා එත්නින් ගියේ ඇතුලින් ඒ කෙල්ලගේ කෑ ගැහීම ඇහෙද්දී....
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...