මගේ හැම කතාවෙම මම ඔයාලට introduce එකක් දීලා තියෙනවා..ඒත් මම මේ කතාවේ introduce එකක් දෙන්නේ නැ..කියවද්දීම ඔයාලට හිතෙයි මේක මොකක්ද කියලා..ඒ වගේම මම මේකේ ලොකු විස්තරයක් දෙන්නෙත් නෑ..මේක මගේ හිතේ මැවිච්ච දෙයක්..ඒ වගේම BTS fanfiction එකක්..ඒ වගේම මම මේකේ කොච්චර සාර්ථක වෙයිද කියලා නම් මම දන්නේ නෑ..ඒත් මම මේක මගේ පුලුවන් උපරිමය දෙන්න බලනවා..🙂
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
මම ගැන කිව්වොත් මම ජීවත් වෙන්න හේතුවක් හොයන කෙනෙක්..ඇත්තටම ගොඩක් දුක් විදපු කෙනෙක්..සතුට කියන එක මගේ ජීවීතේට උරුම දෙයක් නෙමෙයි වෙන්න ඇති..ලෝකයම එපා වෙලා ඉද්දී පොරොන්දුවක් වෙනුවෙන් කැප උන කෙනෙක්..
සරලවම කිව්වොත් ඒ මම..ඒත් මගේ ඇත්ත..ඒක ගොඩක් වේදනාකාරී..
මම පිරිමි අයට වෛර කරනවා..ගොඩක්..මම ආදරය කරපු අය මාව දාලා ගියේ කිසිම හිතක් පපුවක් නැති අය..
මම නුරායා..වයස අවුරුදු විසි දෙකක් උනාට මම විදලා තියෙන ඒවා මගේ වයසේ එක කෙල්ලෙක්වත් විදලා නැතුව ඇති..සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක මහ ලොකු දෙයක් නෙමෙයි නේ කියලා..
ඒත්..ඒක විදින කෙනා විතරයි දන්නේ ඒකේ වේදනාව..තුවාලේ තියෙන කෙනා තමා ඒකෙ වේදනාව දන්නේ...හරි..කොහෙන්ද මම පටන් ගන්න ඕනේ..
මගේ නම නුරායා..මම කලින් කිව්වා නේ මගේ වයස..ඇත්තටම කිව්වොත් මම ශ්රි ලංකාවේ කෙනෙක්..ඒත් දැන් ජීවීතේ ගෙවන්නේ දකුනු කොරියාවේ..ඒකෙත් හැටි..මම කවදාවත් හිතුවේ නෑ මෙහෙට එන්න..ඒත් මගේ දෛවය මාව මෙතනට ගෙනාවා..ඒ වගේම ඉස්සරහටත් මෙහෙම ජීවත් වෙලා මෙහෙම මැරිලා යයි..
මම බැදීම් වලින් නිදහස් කෙනෙක්..ඔව්..මට මගේ තාත්තා මගේ අම්මා මගේ සහෝදරයා කවුරුත්ම නැ...මටත් තිබ්බා මීට අවුරුදු ගානකට කලින් ලස්සන පවුලක්..ඒත් ඒක නැති වුනේ කාගේ හරි ඇස් වහක් වැදුනා වගේ...
මට හරියට අවුරුදු පහලොවක් වෙද්දී මගේ අම්මාට මොලේ cancer එකක් කියලා මම දැන ගත්තා..ඒක හොද කරන්නම බැරි වෙන තත්වෙට ඇවිල්ලා තිබ්බේ..කොච්චර අමාරුව තිබ්බත් මගේ අම්මා ඒක අවුරුදු දෙකක් අපෙන් හන් ගන් ඉදලා..
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fiksi Penggemarමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty