ටික වෙලාවක් යද්දි එනවා කියපු කට්ටිය ආවා. හැන්ඩ්සම් උස හැඩි දැඩි පිරිමි කෙනෙක් තමයි හිටියේ. හේයූන් එයා දිහා කටත් ඇරගෙන බලන් ඉන්නවා. ඒ කොල්ලත් කන්න වගේ හේයූන් දිහා බලන් ඉන්නවා. වටේ ඉන්න පිරිස මේ දෙන්න දිහා කන්න වගේ බලන් ඉන්නවා.
:- හේයූන් ඔයා මොනාද මෙතන කරන්නේ
හේයූන්:- නම්ජූන් මමයි ඒක ඔයාගෙන් අහන්න ඕනෙ. ඔයා මොනාද මෙහෙ කරන්නේ.
ඔව් ඔව් ඔයාලට හිතුණ එක හරි ඒ ආවේ නම්ජූන් තමයි.
Namjoon's dad:- ඔය දෙන්නා කලින් ඉදන්ම අදුනනවද
නම්ජූන්:- ඔව් අප්පා. අපි දෙන්නා එකම කොලේජ් එකටනේ යන්නේ. බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ලා තමයි අපි.
Namjoon's mom:- එහෙනම් ඉතින් අදුන්වලා දෙන්න ඕනෙ නෑනේ. දෙන්නට දෙන්නා දන්නවානේ.
නම්ජූන්:- ඔව් අප්පා හොඳට දන්නවා.
Namjoon's younger sister: -ඔප්පා දැන් ඉතින් ඒ යාළුකම දුරදිග අරන් ගිහින් ආදරේකට පෙරල ගන්න.😂😅
නම්ජූන්:- කට වහන් ඉන්නවාකෝ මම බලාගන්නම් ඒක.
හේයූන්:- අපේ මල්ලිත් ඔය වගේමයි කට ගහන් එන්නේ හැමදේකටම.
නම්ජූන්:- දෙන්නටම එක වගේ නිසා අපි මේ දෙන්නවත් බන්දලා දෙමු.😂😆
හේයූන්:- අන්න හොඳයි.
දෙන්නා ඒක විහිළුවකට කිව්වත් ඒක ඇත්තටම සිද්ධ වෙන්න තිබුණා.
Hye yoon's dad:- එහෙනම් අපි මේ දෙන්නට කතා කරන්න දීලා මෙතනින් යමු.
හේයූන්:- (හිතින්) හෑ අප්පලා කොහෙද යන්නේ. මට මේකා එක්ක තනියෙන් කතා කරන්නද කියන්නේ. අනික මොනා කතා කරන්නද මන් මෙයත් එක්ක. කමක් නෑ අනාගත සහකරුවා නේ ඔහේ මොනා හරි කතා කරනවා
කල්පනා ලෝකෙක ගිලිලා හිටිය හේයූන් මේ ලෝකෙ සිහියට ආවේ නම්ජූන් කතා කළාම.
නම්ජූන්:- මොනවද ඔච්චර කල්පනා කරන්නේ?
හේයූන්:- ආ නෑ මම මේ කල්පනා කළේ. මම කොහොමද ඔයාට ආදරේ කරන්නේ කියලා.
YOU ARE READING
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚