බෝයිස් ලා ඉක්මනට ස්ටෝරූම් එකට ගියා. එතකොට දැක්කා කෙල්ලො ටික පණ දාගෙන අස් කරනවා. ඒ අස්සෙන් ගහගන්නවා. මරා ගන්නවා. විහිලු කරනවා. කොල්ලො ටිකට නම් මේවා දැකලා හිනාව නවත්තගන්න බැරුව හිටියේ. ඇයි ඉතින් විකාරනේ කරන්නේ. ඊට පස්සේ ඉතින් එයාලා ස්ටෝරූම් එකට ගියා උදව් වෙන්න කියලා.
නම්ජූන්:- uhum uhum...
කෙල්ලො ටික දොර දිහා බැලුවෙ කවුද ආවේ කියලා බලන්න. ඇවිල්ල හිටපු කට්ටිය නිසා කරන වැඩෙත් පැත්තකට දාලා බලන් හිටියා.
හේයූන්:- ඕ.. හෝ.. බලන්නකෝ අනේ කවුද මේ ඇවිල්ලා තියෙන්නෙ කියලා.
දෝඑයුන්:- ඒකනේ. මෙයාලටත් පනිෂ්මන්ට් දීලද දන්නෑ මොකකට හරි.
සේයන්ග්:- මොකද දන්නෑ ආවේ. අපිට වෙච්ච දේට හිනා වෙන්නද? කියන්න කණගාටුයි ඔයාල වගේ අය මෙතනට ඇවිල්ල එක එක ඒවා කිව්වට අපි ගනන් ගන්නෙ නෑ.
ජින්:- අපි ආවෙ මේ.... ඔයාලගෙන් සමාව ගන්න.
හාඑයුන්:- ඒ මොකටද සමාව ගන්නේ?
යුන්ගි:- ඔයාලට මෙහෙම වුනේ අපි හින්දා. මේ සේරම කළේ අපි. ඒත් ටේහියුන්ග් මේ කිසි දේකට අදාල නෑ.
එයුන්ජින්:- දැන් එතකොට ඔයා කියන්නේ අපිට මෙහෙම වුනේ ඔයාල නිසා කියලද?
ජිමින්:- ඔව්.. සොරි වෙන්න ඕනේ හැම දේටම. සමාව දෙනවද?
එයුන්ජින්:- බෑ...
එයුන්ජින් කියන්න කලින් දෝයෝන් මැද්දට පැනලා කතා කළා.
දෝයෝන්:- සමාව දෙනවා.
කුකී:- ඇත්තමද😮😮
දෝයෝන්:- නෑ බොරුවට කිව්වේ. ඔයාලනේ සේරම කළේ. ඒ නිසා ඔයාලම අස් කරන්න. අපි අස් කරන්නෙ නෑ. අපි මොකටද අනුන්ගේ බාල්දි දාගන්නේ.
😮😮😮😮😮😮😮
නම්ජූන්:- හරි. හරි. අපි අස් කරන්නම්කෝ.
ටේ:- ඒක නෙමෙයි ඇයි ඔය දෙන්නා අත්වල ලේන්සු ගැටගහන් ඉන්නේ. මොකක්ද සිද්ධ වුනේ?
ඊටපස්සේ එයුන්ජින්, දෝයෝන් දෙන්නම සිද්ධ වෙච්ච දේ කිව්වා. ඒක අහලා කාටවත් දුකක් හිතුනේ නෑ කිව්වොත් එක්ක බොරුවක්.
ESTÁS LEYENDO
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚