හීන කොච්චර මගේ හිතේ මම පුරවගෙන ඇතිද, ඒත් මම එක තත්පරේකට කල්පනා කලේ නෑ කොහොමද මම මෙච්චර ලොකු හීන දිනන්නෙ කියල. මොකද ඒවා මම ඉන්න තත්වෙත් එක්ක ගොඩක් ඈත තියන හීන
ඒත් මම target එකක් හදා ගත්තා මට අවුරුදු 27ක් වෙනකොට මගේ ඒ හීනෙට මම යනවා කියල. ඒ විශ්වාසය කොහෙන්ද ආවේ, කවුද දුන්නෙ කියල මටම ලොකු ප්‍රශ්නයක්.
මගේ හීනේ දන්න නොදන්න හැමෝම කොටින්ම මගේ අම්මා පවා මට කිව්වේ ඒක විකාරයක් කියල, එච්චර දෙයක් ඔයාට කරන්න පුලුවන් කියල ඔයා හිතනවද ඇහුවා.
හ්ම්.......
මට බැරුව ඇති. ඒත් මම උත්සාහ කරනවා.
" ඔයා ඒක කලොත් මම කොණ්ඩේ එක්ක මහණ වෙනවා "
අම්මා ඒක ඇත්තට කිව්වත් විහිලුවට කිව්වත් මගේ මුලු හිතම කෑලී කෑලී වලට කැඩිලා ගියේ තත්පරයෙන් .
ඇයි අම්මා එහෙම කියන්නෙ
එයාටවත් මාව විශ්වාස නැද්ද
දාහක් ප්‍රශ්න අතර මම හිර උනා.
මම කවුද කියල කියන්න මමවත් දැනගෙන හිටියෙ නෑ.
ඒත් හැමෝම කියන විදිහට මම මාව හදුන්වලා දෙන්නම්.,
මම මින්ශූ
මින්ශූ ලිවේරා, වයස අවුරුදු 20යි, ඒ ලෙවල් කලා,pass වෙලා තිබුනා, University select වෙලා තිබුනා දැන් ඉතිම් colombo University එකේ first year student කෙනෙක්. මම University ගියා,හැබැයි ඒ මගෙ ඕන කමට නෙමෙයි මගෙ හිතේ ඒකට කැමැත්තක් නොතිබුන තරම් ඒත් මට study අතහරින්න පුලුවන් කමක් තිබුනෙ නෑ මොකද මගේ අම්මගෙ තාත්තගෙ හීන කඩල බිදලා විනාශ කරල දාන්න තරම් ශක්තියක් මගේ ලග තිබුනෙ නැහැ.
මම අද ඔහේ ජීවත් වෙනවා, හුස්ම වැටෙන නිසා හුස්ම ගන්නවා, මේ හැම දේම, හැම දේම මට ලොකුම ලොකු පීඩනයක් විතරමයි,
අතීතය මට ඉතුරු කලා උත්තර නැති ප්‍රශ්න ගොඩක්.....
වර්තමානය ඒක මට විසදගන්න බැරි ප්‍රහේලිකාවක්.....
අනාගතය ඉගියක් වත් නැති කලුවරම කලුවර දිගම දිග මාවතක්....
ඇත්තටම හැමෝම කියන මේ දෛවය ගැන මට තිබුනෙම ලොකු වෛරයක් . මොකද හැමදාම එයා මට දුන්නෙ උත්තර නැති ප්‍රශ්න විතරයි. මම මගෙ හිතයි මොලෙයි එක්ක කරපු අරගල දන්නෙ මමම විතරයි . ඒ තරමටම මම දැන් දුර්වලයි. ප්‍රශ්න ප්‍රශ්න විතරමයි ඒවා අදටත් එහෙම්මමයි .
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...