Chapter 22🌧️⛈️

55 16 4
                                    

අපිට පුලුවන් උපරිමයෙන් තරගයට මුහුණ දුන්නු අපි දෙන්නෙ හෝල් එකේ කෙරවලට වෙලා ඇගිලි ගැන්නෙ රිසාල්ට් එක වෙනුවෙන්.....

#ලමයි.... ඔයාලගෙ රිසාල්ට් ආවා....

පැය 3ක ප්‍රමාදයට පස්සෙ රිසාල්ට් එකත් අරගෙන ස්ටේජ් එකට ආවේ අපේ හෙඩ්කෝච්.....

මින්ශු තුන්වෙනි ස්ථානයට තේරිලා තිබුනා. ජීහෝ ඔන්නි 5වෙනියා වෙලා තිබුනා. ඒත් තාමත මගෙ නම කිය උනේ නැහැ. භය උනේ නැහැ කිව්වොත් ඒක බොරුවක් වෙනවා. මොකද මේක අපේ හීනය.... පටන් ගත්ත තැනින්ම නවත්තලා දාන්න තරම් ශක්තියක් මට නැහැ.

#අන්තිම දෙන්නා.....

පාර්ක් මින්-සා
යාරා රණසිංහ

ඉතින්..... ඔය දෙන්නගෙන් එක්කෙනෙකුට අද අපිට සමුදෙන්න වෙනවා. මමත් තාම ඒ කවුද කියලා බැලුවෙ නැහැ. මින්-සා ඔයාට මොකද හිතෙන්නෙ අපේ ආයතනය ගැන, මේ අන්තිම වතාව නම් ඔයාට මොනවද අපිට මේ ඉන්න අනිත් අයට කියන්න තියෙන්නෙ.

Min-sa - : nothing.....

#ඕනම තරගයක ජය වගේම පැරදුමත් තියනවා.. මින්-සා.... එහෙම නේද....? යාරා ඔයාටත් කියන්න දෙයක් නැද්ද එතකොට.

"දැනට දිනලා ඉන්න හැමෝටම විශ් කරනවා මම"

#හරි.... එහෙනම්.... තරගයේ 13 වෙනි ස්ථානය දිනාගෙන තියෙන්නේ......

මි...........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

යාරා රණසිංහ.....

මගෙ හුස්ම නතර උනේ නැති ටික විතරයි,තද වෙන්න ඇස් වහගෙන හිටිය මම, මගෙ නම ඇහුන තත්පරයෙන් ඇස් ඇරලා මුලින්ම බැලුවේ මින්ශු දිහා.....එයාගෙ ඇස් වල කදුලු.... කෙල්ල මටත් වඩා බය වෙලා ඉදලා වගේනේ...

# so congratulations Yara.... But මේක හොදට මතක තියාගන්න පලවෙනි තරගයෙන්ම අන්තිම ස්ථානය ගත්තා කියන්නෙ ඔයාගෙ හීනෙට යන්න ඔයා හීනෙන් හිතනවටත් වඩා මහන්සි වෙන්න වෙනවා. උත්සාහය තමයි වැදගත්ම.... වැටෙනවා..... තුවාල වෙනවා... හැමදේම එපාවටම එපා වෙනවා.... හීන කියන්නෙ හීන විතරමයි කියලා හිතෙනවා..... ඊට පස්සෙ අපි ඒ හීන අතෑරලා දානවා.....

මතක තියා ගන්න කිසිම කෙනෙකුට තමන්ගෙ හීනෙ බන්දේසියක් උඩ තියාගෙන ඇවිත් අතට දුන්නෙ නෑ.... අද ඔයා ගූගල් එකේ සර්ච් කරන හැම නමක් නමක් ගානෙම එයාලටම ආවේණික උනු බොරලු පාරක සෙරෙප්පු දෙකක් වත් නැතිව ඇවිදපු අතීතයක් අනිවාර්යයෙන්ම තියනවා.

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now