රණ්ඩු වෙලා.... හයියෝ.... තාත්තගෙ ලගින් තියන්න බෑ.... බලන්න තාත්තා මෙච්චර අහිංසක වෙලා මගෙ කෙල්ල කොහොම නපුරු උනාද මංදා... "
Yara - : හම්නේ ඉතින් හරි අහිංසක තාත්තා තමයි.....
" යමු මෙතන සීතලයි ඔයාට"
Yara - : ඔප්පා....
"ම්...."
Yara - : කියන්න දෙයක් තියනවා.....
" කියන්න.... මොකද්ද..... "
යාරා එයාගෙ අත් මගෙ අත් වලට යටින් යවන ගමන් මගෙ ලගට තුරුලු උනා...
" හොර කෙල්ල.... බටර් ගාන්න ඕන නෑ... මොනවද ඕනේ කියන්න...."
Yara - : ඔයා හරි නපුරුයි අප්පා.....
එයා රවාගෙන එහෙම කියලා ආපහු මගෙ ලග තුරුලු උනා. මමත් මගෙ අත් වලින් එයාව තවත් මගෙ ලගට ගත්තේ ඉබේටම වගේ.
"ඉතිම්... කෝ.... කියන්න.... මොනවද කියන්න තියෙන්නේ....."
Yara - : එයා ඇවිත්.....
" ම්... කෝ.... කවුද.... "
Yara - : මොට්ටයෝ.....
"මොකද්ද......"
Yara - : හ්ම්.... එයා ඇවිත් ඔප්පා.....
"මො.... මො.... මොකද්ද...."
.
.
.
.
.
.
.
.
ර්.
.
.
.
.
._ඇතැම් කොටස් උපුටා ගන්නා ලදී_
කොල්ලෙකුගෙ ජීවිතේ එයාට දරාගන්න බැරි තරම් සතුටු හිතෙන දවස එයා දුන්න ඒ ලේ බිංදුවට පණ ඇවිත් කියන දවස. ඒ වගේමයි නම්ජූන්ට. යාරා එයාගෙ අහිංසක චූටි ඇස් ලොකු කරලා ඒ තුරුලෙ ඉදගෙන එහෙම කියනකොට ජූන් දැක්කෙ ඒ ඇස් ඇතුලෙ බලාපොරොත්තු පොරකන විදිහ. හරියටම කිව්වොත් ඒ දවස් ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලෞකිකව නිවන් යන දවස.
නම්ජූන්ගේ ඇස් කදුලු වලින් පිරෙන්න ගියෙ තත්පරයකටත් වඩා අඩු කාලයක්. ඒ පපුව උඩ හුරතල් උනු. ගොඩක් කාලයකට කලින් හිස් වෙච්ච ජීවිතේට අලුත් බලාපොරොත්තු අරගෙන ආපු. හිස් තැනක් නැති වෙන තරමටම හදවත ආදරෙන් පුරවපු, අඩුපාඩු නොපෙනෙන තරමට හැම වැඩක්ම වගකීමෙන් කරපු. හැමදාම හවස නම්ජූන් එනකම් චූටි ලමයෙක් වගේ පෙරමං බලන් උන්නු, ලෝකයක් ඉස්සරහා බය නැතුව මේ මගෙ හැමදේම කියලා නම්ජූන්ව පෙන්නන්න තරම් ශක්තිමත් උනු, ප්‍රේමයේ සියුම් තැන් පහු කොට රැයක් පුරාවට එකම එක පිරිමි හිතක් වෙනුවෙන් පේ උනු ඇය. ඇය දැන් මවක්...
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...