End☁️

112 18 48
                                    

අන්තිම වතාවට යාරාගෙ නනල මුදුනින් චූටි හාදුවක් තියපු නම්ජූන් පිලිගන්න ලෑස්ති උනේ නැහැ යාරා එයාව දාලා ගියා කියන ඇත්ත එක්ක එකග වෙන්න.



















.
.
.
.
.
.
.
.
.
.
.
.
.

After 24 years....

අප්පා.....

මම බැල්කනි එකේ පුතේ.....

අප්පා... ඔම්මා බලන්න යමුද.... මම ලෑස්ති....

පුතා ගිහින් බලලා එන්න.... කෝ ඊට කලින් මෙහෙට එන්නකෝ....

Happy birthday 

දැන් මගෙ චූටි කෙල්ල හරි ලොකුයි නේද.....

නෑ අප්පා.... මම ආස නැහැ මගෙ birthday එක සමරන්න....

පුතේ.... අම්මට දුක හිතෙයි මැණික....

මම යනවා අප්පා....

පරිස්සමට ගිහින් එන්න පුතේ.....

නම්ජූන්ගෙ ඇස් වලට කදුලු ආවේ නැ.... මොකද යාරා කිසිම දවසක නම්ජූන් අඩනවා බලන්න ආස උනේ නෑ.... ජීවිතේ හැම දවසකම වේදනාව විතරක් උරුම උනු දෛවයකට ශාප කරන්න නම්ජූන්ට උවමනා වෙලා තිබුනේ නෑ. මේ හැම වැරැද්දටම මුල ජීහෝ උනත්.... ජීහෝ කියන්නෙ තමන්ගෙ අතපසුවීමක් කියන හැගීම මත නම්ජූන් ජීහෝට වැරැද්ද පටවන්න එකග උනෙත් නෑ....

Joon - : දැක්කද යාරා.... අපේ ප්‍රින්සස් මීට වඩා ලොකු ඇති නේද.... එයාව ඔයාගෙ තනියට ඔයා ලගට ගත්තනේ. බලන්න අපේ ඒන්ජල් දැන් ලොකුයි.... එයාව දකින හැම මොහොතකම මට පේන්නෙ ඔයාව.... එයා දැන් හරියටම ඔයාව මම දැකපු මුල්ම දවස් වල වගේ......





හිමිවීමක සේයාවක් වත් නැති,

දෛවයන් දෙකක,

මා කුමට පද ගලපන්නද,

හිමි වීම නම් වූ ෆැන්ටසියක සිට,

ඉදින් අවසන් වතාවට,

මා සමු ගනිමි මෙතැනින්ද,

මතු යම් භවයක,

ඔවුන් හමු වේවී පෙර එදා හුරුවට,

කරදරද අඩු ජීවිතයක,

යලි මෙසේ අවසන් නොවන,

අලුත් කතාවක පුටු අතර...

     *********************













මාව ගැස්සිලා ඇහැරුනා.....

වෙනසක් නෑ......

පුරුද්දට වගේ.....

දැනට අවුරුදු ගානක් උනත් අදටත් හැම දවසකම පාන්දර ජාමෙට අපේ මතක මගෙ කනට ගහනවා.

ඒ අතුල් පහරෙ සැර නිසාමද කොහෙද මාව ඇහැරෙන්නෙ ගැස්සිලා.....

"ම්.... කෝ මේ කණ්නාඩිය... හප්පේ අදත් පාන්දර 1.35 යි නේ... එතකොට..... එතකොට ඒක..... එතකොට ඒක.....

හීනයක්ද.....

යාරා - මින්ශූ

යාරා - නම්ජූන් - ජූන්මි

ඒ හීන

ඒ ආදරේ

ඒ මුණගැහීම්

ඒ බැදීම්

ඒ වෙන්වීම්

ඒ හැමදේම එතකොට මගෙ හිතේ ඇදුන හීනයක්ද..... "

ඒක මම මෙච්චර වෙලා දැකපු හීනයක් විතරද....

ඒ හිත් අහස පැහැදිලි වන තෙක් බලා හිදපු ජීවිත අහු උනේ කුනාටුවකට,

බලාපොරොත්තු පණ ඇදපු අහිංසක හිත් වලට ඉතුරු උනේ ගින්දරට පිලිස්සුනු මතක අලු ගොඩක් විතරද.

මම වයස අවුරුදු 88ක් වයස ආච්චි කෙනෙක්.... දරුවන්ගෙ අවශ්‍යතාවයන් නිසා තනි වෙන ගොඩක් දෙමව්පියෝ ඉන්නෙ මෙතන

ඔව් මේක මහලු මඩමක්....

මට දුකක් නෑ....

වෙන්න තියන දේවල් නවත්තන්න බැරි නිසා.....

මම හැම දවසකම ලෝභකම් කරපු ආදරේ ඒක වෙන්න ඇති....

මම යාරා උනානම්.....

වයසක අපිට හැගීම් දැනීම කොහෙද අහනවා....

වෙව්ලන අත පය වලට දැන් උරුම දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න එකලු කියනවා....

මමත්....

මමත් එච්චරයි....

කාලෙකට කලින් ජීවත් උනු ශරීරය මිය යන්නත් කලින් හිත භූමදානය කරලා අවසන්....

ඉතින් ඒ නිමා උනු නම්ජූන් - යාරා ආදර හීනේ ජීවත් වෙන්න. යාරා - මින්ශූ සහෝදර හීනේ හිනා වෙන්න

අන්තිම වතාවට සුදුපාට සිවිලිම දිහා බලලා මම ඇස් වහ ගත්තා.

නිමි.

🌷🌷🌷🌷🌷❤️🌷🌷🌷🌷🌷

සමහර විට ඒ ආච්චි ඊලග ආත්මේ යාරා වෙලා ඉපදෙයි.... හුම්😌

ඕතරේගේ හෑල්ලේ හරි සතුටු හිතෙන අවසානයක් දුන්නෙ ආඩරේට හරිතේ 😌😏

පරිස්සමින් සතුටින් ඉන්න.

📍Wish

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now